තරුණයින් ගමක් කළඹයි

තරුණයින් ගමක් කළඹයි

පුරන් පැවැති කුඹුරු වගා කරන තරුණ නායකත්වය පුරන්ව පැවති දිවුලපිටිය මරදගහමුල වාලුකාරාමය ට අයත් අක්කර 1ක පමණ කුඹුර වගා කරයි

කොවිඩ් 19 ව්‍යසනය ලෝකය පුරා පැතිර ගිය අතර එය අප රටටත් දැඩිව දැනෙන්නට විය. ඒත් සමගම ලෝක ආර්ථිකය වැටෙන්නට විය. ආහාර හිඟයට දැනටමත් ලෝකයේ බොහෝ රටවල් මුහුණ දී හමාරය. නමුත් අපේ රටේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවැරදි නායකත්වය නිසා ජනතාවට නැවුම්බ ලාපොරොත්තු ඇතිවිය. එදා නගර අලංකරණයට එළියට බැස තරුණයා අද කුඹුරට බැස්සේය. කලකට පෙර තරුණයා කුඹුරට බැසීම ප්‍රතික්ෂේප කිරීම නිසා කුඹුරු පුරන්ව පැවතුනි.

දිවුලපිටිය මැතිවරණ කොට්ඨාශයේ මරදගහමුල වාලුකාරාමය ට අයත් අක්කරයක පමණ කුඹුරක් තිබුණි.විහාරවාසී වලස්මුල්ලේ ධමිමවිමල හිමි, දිනක් විහාරස්ථානයට පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිවුලපිටිය සංවිධායක ඉන්දික අනුරුද්ධ මහතාට උන්වහන්සේගේ අරමුණ පැවසීය.

“මමත් කැමති ස්වාමින් වහන්ස උදව් කරන්න. අපි ඒ කුඹුර ඇතුළුකුඹුරුයාය තරුණයින් සමග වගාකරමු.” යන්න ඔහුගේ ද අදහස විය. සුභ නැකත ළඟා විය. කොවිඩ් 19 අවදානම යටතේ තරුණයි කුඹුරට බැස්සේය. පුරන් කුඹුර වගා කරන තත්ත්වයට පත් කළේය.

අපට වප් මගුල් මතක් විය. සුභ නැකතට දේශපාලනඥයින් මාධ්‍ය ප්‍රචාරයට පමණක් සුළු වෙිලාවකට කුඹුරට බසී. නමුත් මේ තරුණයා එසේ නොවීය. ඔහු කුඹුරට බැස
වැපුරුවේය.

අපිට දේශපාලකයින් එපා වෙලයි හිටියේ නමුත් ඉන්දික අනුරුද්ධ තරුණයා එසේ නොවන වග අපිට තේරුම් ගියා. ඒ අනුව ඉන්දික අනුරුද්ධ යනු, ගෝඨාභය රාජපක්ෂ ජනපති තුමාට රට
ගොඩනැඟීම සඳහා අත්‍යවශ්‍ය තරුණ ජවයක් බව දිවුලපිටිය බහුතර තරුණයන්ගේ අදහසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *