හබරාදූවේදී තරුණයෙකු කපා කොටා මරයි

පැරණි ආරවුලක් නිසා

හබරාදුව පොලිස් කොට්ඨාසයේ ගිනිගල දී  24 වන දින දහවල් යතුරු පැදියකින් හා ත්‍රිරෝද රථයකින් පැමිණ පිරිසක් එක්ව තවත් යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට කඩුපොලු මුගුරුවලින් පිහි කැති වලින් ගසා ඝාතනය කර  ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මීපේ හබරාදුව ලක්ප්‍රිය අකලංක නැමැති 24 හැවිරිදි තරුණයෙක් මෙසේ ඝාතනය කර ඇත.දේහය ගාල්ල කරාපිටිය රෝහලේ තැම්පත් කර ඇත. පැරණි ආරවුලක් නිසා මෙම් ඝාතනය සිදුකර ඇතැයි පොලිස් පරික්ෂණ වලි දී අනාවරණය වෙමින් පවති. ඝාතනයට සම්බන්ධ වු පුද්ගලයන් මේවන විටත් හදුනාගෙන ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *