කඩුගන්නාව පළතුරු කඩ පෙළට ගසක් වැටි තරුණයෙකු මරුට // ඡායාරූප සහිතයි

අද පස්වරු 4 ට පමණ අනතුර සිදුව ඇත

කෑගල්ලේ සමන් විජය බණ්ඩාර ගෙනෙන වාර්තාවකි

කොළඹ නුවර පාරේ මාවනැල්ල ප්‍රාදේශිය සභා බල සිමාවේ පිහිටි පහල කඩුගන්නාව පළතුරු කඩ පේළියේ ඉහල කදු සහිත කොටසේ පිහිටා තිබු විශාල ඇට්ටරමාරා ගසක් පළතුරු කඩ පෙළේ කඩ කිහිපයක් මතට හා ප්‍රධාන මාර්ගය පතිත විමෙන් එම කඩයක සිටි තරුණෙයෙකු මිය ගොස් දෙදෙනෙක් සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව අද 05 පස්වරුවේ මාවනැල්ල පොලිසිය පවසයි. ගසට යට විමෙන් බරපතල තුවාල ලැබු තරුණයා එහි සිටි පිරිස් කඩිනමින් කඩුගන්නාව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදි මිය ගිය බවත් තුවාල ලබා ඇති පුද්ගලයන් මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව පොලිසිය පවසයි.

 

පස්වරු 4 ට පමණ මෙම ගස කඩා වැටි ඇත්තේ පැවැති අයහපත් කාලගුණ තත්වය හේතුවෙනි. එම අවස්ථාවේ එම ස්ථානයෙන් කෑගල්ල දෙසට ධාවනය වෙමින් පැවැති කාර් රථයකටද ගස වැටිම නිසා හානි සිදු වි තිබු අතර කාර් රථයේ ගමන් කර පිරිස් සීරිම් තුවාල පමණක් ලබා තිබුණි. ඔවුන් පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර කෑගල්ලේ මිතුරෙකුගේ නිවසට යමින් සිටි බවද ඔවුන් පවසයි.

මෙම ගස එම ස්ථානයේ කඩ පෙළ මතට පතිත විමෙන් එහි කඩ 6 කට පමණ දැඩි හානි සිදු වි ඇති අතර ප්‍රධාන මාර්ගයේ මගී බස් රථයක් මතට මෙය කඩා වැටිම සිදු වුවානම් මිට වඩා හානි මෙන්ම ජිවිත හානි සිදු විමට ද ඉඩ තිබු බව පොලිසිය කියයි.
සිද්ධිය සැලවිමෙන් පසුව මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර චන්දන ජයවන්දල මහතා පැමිණ එම ස්ථානයට කම්කරුවන් මෙන්ම අවශ්‍ය උපකරණ ගෙන්වා ප්‍රධාන මාර්ගයේ වාහාන අවහිරයකින් තොරව ගමන් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කර අතර මාවනැල්ල පොලිසියේ රථ වාහාන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එච්.ඩි.ජේ.ආර්. ලක්මාල් මහතා ඇතුලූ නිලධාරින් මෙන්ම ඒ අවට ප්‍රාදේශවාසීන්ද මෙම සුන් බුන් ඉවත් කිරිමට සහාය විය.

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර චන්දන ජයවන්දල මහතා පැවසුයේ මෙම පළතුරු කඩ පේළිය මාවනැල්ල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙම ස්ථානයේ කදු කර කොටසේ පළතුරු කඩ පෙළට ඉහළින් පිහිටා ඇති අනතුරුදායක ගස් ඉවත් කිරිමට කටයුතු කරන ලද අවස්ථාවේ සමහර කඩ හිමියන් ඊට විරුද්ධ වු නිසා මෙම අනතුරු සිදු වු බවද කියයි. මෙම ගස කැපිම සඳහා ලණුවක්ද බැද තිඛෙනු තමාට දැක ගත හැකි වු බවද පවසන සභාපතිවරයා පවසන්නේ මෙම අනතුර කල් ඇතුව නවත්වා ගැනිමට තිබු අවසAථාව ගිලිහි ගොස් අවසානයේ ජිවිත හානියකට පවා සිදු වු බවයි.

මෙම පළතුරු කඩ පේළිය අසල ඉදිරිපස පිහිටා ඇති කදු වන බතලේගල මෙන්ම ඓතිහාසික දෙවනගල හා ඒ වටා ඇති කදු නැරඹිමට ජායාරූප ගැනිමට හා පළතුරු ගැනිමද දෙස් විදෙස් සංචාරකයන් ගැවසෙන ස්ථානයකි. කඩුන්නාව ගල විදපු ස්ථානයේ සිට පහල කඩුගන්නාව අම්බලම දක්වා අනතුරුදායක ගස් කොළන් ඉහල කදු කොටසේ පිහිටා ඇති අතර පදිංචි කරුවන් පරිසරයට කරන හානිය මෙන්ම සංවර්ධන කටයුතු නිසා ස්භාවික විපත් ඉදිරියේදි මිට වඩා දරුණු ලෙස මෙම කොටසේ දැක ගැනිමට හැකි වන බවද බොහෝ දෙනෙකු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *