සිරිපා කරුණාවේ ගිය තරුණයන් පිරිස මත්ද්‍රව්‍ය සමග පොලිස් භාරයට
විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි තරුණයන් 18 දෙනකු දියගල ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.
14වන දින සවස් කාලයේදි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි හැටන් කොට්ඨාශ දුෂන මර්ධන අංශයේ නිලධාරින් විසින් කරන ලද රථ වාහන පරික්ෂාවකදි කේරල ගංජා, හෙරොයින්, වැනි මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි මෙම තරුණයන් 18 දෙනා අත් අඩංගුවට ගෙන තිබේ.
හැටන් පොලිස් අධිකාරි චුලනී වීරරත්න මහතාගේ උපදෙස් මත විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනා කිරිමට පැමිනෙන පුද්ගලයන් අත් අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිස් අධිකාරි බලප්‍රදේශය පුරා මෙහෙයෙමු රැසක් ක්‍රියාත්මක කර තිබේ.
හැටන් කොට්ඨාශ දුෂන මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක මධුශංක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් කරන ලද රථ වාහන පරික්ෂාවකදි මෙම පුද්ගලයන් අත් අඩංගුවට ගෙන ඇති බවත් එම පුද්ගලයන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.