වැරැද්ද කොතනද??සිතුවම් නොවුණු තරුණ සිතුවිලි මත කැටයම් දැමීම

දේශපාලකයන් හැම විටම සොයන්නේ තමන්ට වාසි තැන මිස රටට අවැසි දේ නොවන බව

රට පුරා තරුණ තරුණියන් දහස් ගනින් එකතුව රැල්ලක් වශයෙන් ආරම්භ කල චිත්‍ර ඇදීම නිසා පසුගිය කාලය පුරාම විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලදී එම චිත්‍ර අතර විවිධ වෙනස්කම් දක්නට ලැබීම නිසා රටේ ජනතාව අතර මෙන්ම දේශපාලකයන් අතරද කථාබහට ලක්වන ලදී මෙම චිත්‍ර රැල්ල කෙතරම් ප්‍රබලව ඇදී ගිය අතර ගුවන් පාලම් මත මාර්ග සංයා පවා වසමින් චිත්‍ර ඇදීම දෙහිවල ප්‍රදේශයෙන් වාර්තා වන ලදී ඒ දෙහිවල ගුවන් පාලම මත ඇති මාර්ග සංයා අවහිර වන පරිදි චිත්‍ර ඇදීමය.

එහි උච්චත අවස්ථාව වූයේ අද දින බැද්දගාන ප්‍රදේශයේ ප්‍රදේශයේ අද තිබූ සිතුවම මකා දැමීමට කටයුතු කිරීමය එහි නිර්මාණය කර තිබුනේ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රබල මාතෘකාවක් වූ ඇමරිකානු ගිවිසුම නිරූපනය වන පරිදිය එම සිතුවම නිර්මාණය කල කණ්ඩායම කවුරුන්ද යන්න මෙතෙක් තහවරු නොවුවද එම සිතුවම නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් විශාල ශ්‍රමයක් සහ මහන්සියක් ගෙන තිබුණි අද දිනයේ එම සිතුවම වසා දමමින් තීන්ත අලේප කිරීම දක්නට ලැබුණි

මෙම සිතුවම් කලාව ආරම්භ වන්නේ ගාල්ල ප්‍රදේශයෙනි ඒ මීට වසරකට පමණ පෙරය ඒ ගාල්ල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරුන් විසින් අත්පත්කරගෙන සිටි ගාල්ල කළු පාලමයි මෙම ස්ථානය දිනපතා පෝස්ටර් තරගයට අලවමින් තිබුණි එම අශෝභන ක්‍රියාව නිසා ගාල්ල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් කළු පාලම ආවරණය වන පරිදි එම ස්ථානය සිතුවම් ඇද අලංකාර කරන ලදී .

අනතුරුව ගාල්ලේ තවත් ස්ථාන සහ වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව රටපුරා මෙවැනි සිතුවම් ගම නගර සිසාරා සිතුවමට නැගුණි ඒ සදහා දේශපාලන මුහුණුවර ඇතුළු වීම නිසා පක්ෂ පාට භේදයකින් තොරව මෙරට තරුණ පරපුර ඇතිකළ ඒ සංවේදී සිතුවම් වෙනුවට තම තමන්ගේ දේශපාලන අදහස ඉස්මතුවන පරිදි සිතුවම් ගොඩනගන ලදී එහි අවසන් ප්‍රතිපලය වූයේ තරුණ අදහස් වෙනුවට රැඩිකල් ජාතිවාදී තම අභිමතය සිතුවමට නැගීමය

බැද්දගාන ප්‍රදේශයේ සිදුවීමද එහි ප්‍රතිපලයකි එම තරුණයන් සිදුකල සිතුවම හොදය ලස්සනය අර්ථවත්ය එහෙත් මෙරට දේශපාලනයේ වර්තමාන තත්වයට එම සිතුවම සමපාත නොවීම ගැටලුව වන ලදී.ඇමරිකානු විරෝධය හොදය එම විරෝධය ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකටම බලය ලැබුණු පසු සිතුවම් කිරීමට යාම ඉතා දරුණු බව මේ තරුණයන් තේරුම් නොගැනීම නිසා ඔවුන්ගේ උත්සාහය වතුරේ යන ලදී.

යාපනයේ ප්‍රභාකරන් සිතුවම් කිරීමත් දකුණේ යුධ මානසිකත්වය නිරුපනය කිරීමත් අනාගත සමගියට බාධාවක් වන බව මේ සිතුවම් අදින කිසිම තරුණයෙකු තේරුම් නොගැනීමත් ඔවුන්ට අනුග්‍රහය දෙන පිරිස එම සිතුවම් ඇදීමේදී නියාමනය නොකිරීමත් කණගාටු දායකය දකුණේ බොහොමයක් සිතුවම් පිටුපස ගමේ පන්සල සමග සමපාතව සිදුකරන ලදී එම හේතුව මත අපේ අතීත සිදුවීම් නිරූපණය කිරීමේ අභාෂය එම සිතුවම් වලට ලදී .

රටේ අනෙත් ප්‍රදේශ වල උතුර නැගෙනහිර ප්‍රදේශවල සිතුවම් එම ප්‍රදේශවල සිටින බහුතර ජනතාවගේ අභිමතය පරිදි ඇදීම ප්‍රවර්ධනය වීම නතර කල හැකිද ??? එම නිසා අප නිරන්තරයෙන්ම අවධාරණය කලේ සිතුවම් ඇදීම හොද ප්‍රවනතාවයක් බවත් වහාම ඒ සදහා නියාමනයක් ඇතිකිරීමේ වැදගත් කමයි ගෙදර කඩදාසියක අදින සිතුවමක් පුද්ගලිකය තොරණක් මගින් ප්‍රසිද්ධ ස්ථානවල අදින සිතුවමක් තාවකාලිකය එහෙත් සැමදා පවතින ස්ථානයක සිතුවමක් ඇදීම වරක් නොව දහස් වාරයක් සිතිය යුතුම නොවේද???

වරක් අපි ඉන්දියානු ආක්‍රමණයට විරුද්ධව රටපුරා තාප්ප පුරවන ලදී එහි අවසන් ප්‍රතිපල වුයේ 88-89 මහා භීෂණයකින් රටම වෙලා ගැනීමකි තරුණ පරපුර ගැන වෙනදාට වැඩියෙන් අවධානය යොමුකළ යුතු බව කියන්නේ ඒ නිසාය රටක නීතියක් ඇත එම නීතිය ඉදිරියේ සියලු දෙනාම එක සමානය එය සිංහලද මුස්ලිම්ද දමිලද අදාල නැත මුලික නීතිය සැමටම සමානය තරුණ පරපුර අපේ අනාගත අස්වැන්නයි එම අස්වැන්න නිසි පරිදි නෙලීමට නම් කලයුතු දෑ බොහෝය යන්නම් වාලේ රැල්ලට හසුවන තරුණ පරපුර නිවැරදි මාවතේ ධාවනය කිරීමට පාලකයන්ගේත් ජනතාවගේත් පරම වගකීම නොවේද

රටකට එරෙහිව සිතුවම් ඇදීම එතරම් හිතකර නොවෙති එය ප්‍රසිද්ධ ස්ථානය ඇදීම තුලින් රටේ ප්‍රතිරූපයට සිදුවන හානිය මෙතෙකැයි කියා කිව නොහැක අපි අනෙක් ජාතීන්ට වෛර සහගත සිතුවිලි ඇතිවන සිතුවම් අදීමද නොකළ යුතුමය දන රජය වහාම කල යුත්තේ එම සිතුවම් මැකීම නොව යම් අධිකාරියක් ආයතනයක් මගින් නිරීක්ෂණය කර වාර්තාවක් සැකසීමය රටේ සියලු නගරවල සියලු සිතුවම් ගැන සොයා අනවශ්‍ය අසංවර රටේ සමගියට හානි වන සියලු සිතුවම් නැවත එම තරුණයන්ට කරුණු සාවදානව පහදා වැරැද්ද නිවැරදි කිරීම මිස ඔවුන් මාස සති ගණන් අවුවේ වැස්සේ රෑ දහවල් වෙහෙසී සිදුකල කැපකිරීමට වටිනාකමක් දීමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *