මිනුවන්ගොඩ පොදු ස්ථාන විෂබීජ හරණය කරණ තරුණ දේශපාලකයා

පුරා මාස දෙකක් තම පුද්ගලික වියදමින් විෂබීජ හරණය කරයි

දේශපාලකයන් බොහෝ දෙනා ආපදාවකදී කරන්නේ රජයේ මුදල් හෝ භාණ්ඩ බෙදාදීමය එක පහසු දෙයක් මිස අවශ්‍ම දෙයක් නොවෙති එහෙත් සමාජයට අවශ්‍යම දෙය වෙනුවෙන් කාලය මුදල ශ්‍රමය වැයකරන දේශපාලකයන් අඩුය එවන් සමයක තම තරුණ ජයවය මුසුකල දේශපාලන මුහුණ පසෙකින් තබා කොරෝනා වෛරසය වෙනුවෙන් සටන් වදින අත්‍යවශ්‍ය සේවා සපයන මිනිසුන් සොයා ගොස් එම ස්ථාන විෂබීජ හරණය කරන තරුණ දේශපාලන චරිතය ගම්පහට දෙන ආදර්ශය අති මහත්ය

ගමේ තරුණ පිරිස එකතු කරගෙන පාට පක්ෂ බෙද පසකලා රටවෙනුවෙන් තම යුතුකම ඉටුකරන මෙවන් තරුණයන් ගැන කීම දේශපාලනය වෙනුවෙන් කඩේ යමක් නොව මනුස්ස කම වෙනුවෙන් කඩේ යාමක් බව කිව යුතුමය ඒ නිසා පසුගිය මාස දෙක තුළ දේශපාලකයන් සමාජයෙන් දුරස් වී සිටින යුගයක මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරයෙකු වන සදුන් විජේසූරිය කරන මේ සමාජ සත්කාරය ගැන කිව යුතුමය ඒ වෙනුවෙන් අප වෙබ් අඩවිය ඔහුගේ ක්‍රියාව අගය කරන්නේ කිසිදු ලාබ ප්‍රයෝජනයක් මත නොව හුදෙක් විය යුතු දෙයක් නිසාය

කොරෝනා වෛරසය ආරම්භයේ සිට තම සමාජ ජාල පිටුව මගින් විෂබීජ හරණ වැඩසටහන සදහා ප්‍රචාරය ලබාදෙමින් නොමිලේ විෂබීජ හරණ දියරයන් ජනතාවට ලබාදෙමින් සිදුකරන සමාජ මෙහෙවර අප නිරීක්ෂණය කිරීමෙන් පසු එම මන්ත්‍රීවරයා සොයා යාමට කටයුතු කරන ලදී ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය හෝ මතය අපට වැදගත් නැත එහෙත් ඔහුගේ සමාජ මෙහෙවර පමණක් මෙහිලා ප්‍රසිද්ධ කිරීම පමණක් සිදුකරන බව නැවත සිහිපත් කරමි

මම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් තමයි ඒක මෙතන කියන්න එපා මම තරුණයෙක් වශයෙන් මගේ ජීවිතයේ හැමදාම සමාජ සේවය වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ මට මේවා කරන්න ගමේ තරුණයෝ ඇතුළු බොහෝ පිරිස් සහය දෙනවා ඒක අද මේ කරන කටයුත්ත වගේම සෑම සමාජ මෙහෙවරකටම ජනතා සහය ලැබෙන්නේ මම දේශපාලන මතය සමාජ ගත කිරීමට වඩා අදාල මෙහෙවර හරියට කරන නිසා ගමේ මිනිස්සු මට සහය දෙනවා මට වැඩි පුරම උදව් කරන්නේ මගේ ප්‍රතිවාදීන් ඒක ඔවුන් දන්නවා සදුන් දේශපාලනය ඉස්සරහට දාලා වැඩ කරන්නේ නැති මිනිහෙක් කියලා

මගේ ගම නිල්පනාගොඩ මිනුවන්ගොඩ පොලීසිය , රෝහලට ලීටර් 1000 වතුර ටැංකිය ක් විෂබීජ නාශක හදන්න දුන්න.පුදේශයේ ආගමික ස්ථාන මාතෘ සායන නගරයේ බොහෝ ස්ථාන පසුගිය මාස දෙක තුල විෂබීජ හරණය කළා දින පහකට වරක් මේ කටයුත්ත කළා පස්සේ විවිධ ප්‍රදේශවලින් ඉල්ලීම් කළා මේ වැඩ ටික කරලා දෙන්න කියලා ඒක නිසා වැඩ වැඩි වුනා

කටුනායක ප්‍රදේශයේ හීනටියන ප්‍රදේශයේ විෂබීජ හරණය සදහා කටයුතු කළා විෂබීජ නාශක දියර හා ඒ සදහා අවශය යන්ත්‍ර මගෙ පුද්ගලික මුදලින් ගත්තෙ මගේ ලග තිබුණු සියලු විෂබීජ හරණ දියර අවසන් වුනා පස්සේ වැඩි මිලට ගන්න සිදු වුනා මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අප වෙනුවෙන් විෂබීජ දියර අප වෙත ලබා දුන්නා

මේ අනතුර පහව යනතුරු මගේ උත්සාහය අත හරින්න සුදානම් නැහැ මේක කරන එක පහසු නැහැ මේ වෙනුවෙන් ලොකු කැප කිරීමක් සහ පුහුණුවක් අවශයි ඒක දැන් අපේ කණ්ඩායමට තියෙනවා අප මේ සියල්ල සදහා අවශ්‍ය ඇදුම් පවා සපයා ගත්තා අද මම ගොඩක් සතුටු වෙනවා කරන්න පුළුවන් දේට වැඩ කල යුතුම දෙය කරන්න ලැබීම ගැන

සදුන් ඇතුළු තරුණ කණ්ඩායමට අප හදවතින්ම සුභ පතමු තවත් සමාජ මෙහෙවර කරන්නට ශක්තිය ලැබෙන්න කියලා ඔබ දේශපාලනයෙන් එහාට ගිය මනුස්ස කම වෙනුවෙන් කරන මේ උත්තුංග මෙහෙවර ඔබට ආශීර්වාදයක් ම වේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *