මුහුණු පොතේ ප්‍රචාරයෙන් රටපුරා පොල්ගස් බදින තරුණයා

අන්තර්ජාලය,මුහුණු පොත,ඊමේල්,වට් සැබ්,ඉමෝ ආදි නවතම තාක්ෂණය මගින් ප්‍රචාරණයක්

ගස් ගැන විවිධ කතා ඇත.ඒ ගස් කතාවේ.කොඩි ගස්,ලිස්සන ගස්, එල්ලුම්ගස් ගස් අතර බියකරුම ගස එල්ලුම් ගසය.කුඩාම ගස තුත්තිරි ගසය. ආගම්ක අංශයෙන් ගත් කළ බෝගස නත්තල්ගස ද වැදගත්වන අතර, සිතු පැතු සම්පත් දෙන ගස වන්නේ කල්ප වෘක්ෂයයි. ගස් ගැන කතා කිරීමේදී ගස්යන වැඩ ද අමතක කළ නොහැකිය.

නමුත්,අප මේ කතා කරන්නට යන්නේ ගස ගැන අමුතුම කතාවකි.ගස් බඳින්නට රට පුරා ගමන් කරන තරුණයන් දෙදෙනෙක් පිළිබඳවයි.තුවක්කු බැඳ මස් වැද්දන් සිදු කරන හිංසක කටයුත්තට වඩා මේ තරඅණයන් ගස් බැඳ සිදු කරන රස්සාව අගනේය. මේ අය මේ වන විට ලංකාව පුරා තම තිරෝද රථයෙන් ගමන් කරමින් සිටිති. කම්බි දමා අනතුරු දායක ගස් ආරක්ෂිත ආකාරයට බැඳ තම රස්සාව සිදුකරති.

මොවුන් මේවන විට වසර දහයක කාලයක් සිට මේ ආකාරයෙන් ගමින් ගමට නගරයෙන් නගරයට තම තිරෝද රථයෙන් ගමන් කරමින් අනතරුදායක ගස් බැඳීම රැකියාවක් වශයෙන් සිදු කරමින් සිටිති.

තිරෝද රථයේ සවිකරන ලද කුඩා ස්පීකරයක් මාර්ගයෙන් ගස් බැඳිනවා.අතු කපනවා. වහලට අනතුරුදායක ගස් ඇඳලා බඳිනවා.යැයි ප්‍රචාරය කරමින් ගමන් ගන්නා වු මොවුනගේ  ගම කෑගල්ල,මාවනැල්ලයි. මැවනැල්ලේ සිට මෙම ගමන මොවුන් ආරම්භ කරන්නේ මෙයට වසර 10ක කාලයකට පෙර දීය.

සම්පත් උදය කුමාර වයස 26 කි . කෑගල්ලේ මාවනැල්ල ගමේ පදිංචිව සිටින  හෙතෙම මෙසෙ පැවසීය.

නිවසකට හෝ ඉඩමකක හෝ අවහිර ස්ථානයක තිබෙන ගස් අපි ආරක්ෂිතව ඇඳලා බඳිනවා.හොටල්වල හෝ ගෘහ අලංකාර සිදු කරන ස්ථාවල ද නිවාස අසල නිවස ගෙවත්ත,හෝටලයට ලස්සන ගෙන දෙන ආකාරයට ගස් ඇඳලා බඳිනවා. උණ පඳුරු වැනි පඳුරු සහිත ගස් ද මේ ආකාරයට ලස්සනට සකස් කර ඇඳලා බදිනවා.ඕනෑම ගසක් ඇඳලා බදිනවා. මිල නියම වන්නේ ගසේ සිට පොලවට දුර අනුවයි.එය අපි කම්බි වලින් තමයි සිදු කරන්නේ. කම්බි යාරයකට රුපියල් 280 සිට රුපියල් 320 දක්වා මිල  ගණන් අය කරනවා.ගස් නගින එක ගස් බඳින එක ගස් ඇඳලා බඳින එක ලේසි පහසු කටයුත්තක් නොවන බව සම්පත් තරුණ යා පවසයි.

හෙතෙම පවසන පරදි අපි නිවසකට අවහරි අනතුරු දායක ගස් ඇඳලා බදිනවා.අපි මේ රස්සාව කරන්න ලංකාවේ හැම තැනකම ගොස් තියනවා. දැනට නොගිහින් තියෙන්නේ යාපනයට විතරයි.අනෙක් සෑම පළාතකටම දිස්ත්‍රික්කයකටම අපි මේ තිරෝද රථයෙන් ගිහිල්ලා ගස් ඇඳලා බැඳලා මේ රස්සාව කරනවා.

අපි තමයි ලංකාවේ රටපුරා වාහනයකින් ගොස් ඕනෑම ස්ථානයක ගස් ඇඳලා බඳින රස්සාව මේ ආකාරයට සිදු කරන්නේ. ගසේ උස අනුව තමයි මිල නියම වන්නේ. අනෙක තමයි.ගෙවල් කිහිපයක් අතර තිබෙන ගස් වැටට මායිමකට තියන ගස්, අනතුරුදායක ආකාරයට විදුලි රැහැන් අසල තිබෙන ගස් ආදි වශයෙන් අසීරු අමාරු තැන්වල තිබෙන ගස් ඇඳලා බදින්ට ගියාම තමයි මහන්සිවන්න සිදු වන්නේ.ගසේ උඩ සිට පොලවේ හෝ වෙනත් ගසක ස්ථානයක හෝ යම් ස්ථානයක ගස් ඇඳලා බදින්න ආකාරයට තමයි මිල නියම වන්නේනේ. යාරයකට මුදල් වශයෙන් මිල නියම වෙනවා.මේ රස්සාව සමහරු අපෙන් කරවාගෙන සල්ලි නොදෙන අවස්ථාද තියනවා. සමරු අපිව අමාරුවේ දමලා රස්තියාදු කරන අවස්ථාද තියනවා.

අපි මේ රස්සාව අපටන් ගත්තේ වසර 10කට පෙර මාවනැල්ල ප්‍රදේශයෙන්.පසුව ඉල්ලුම වැඩිඋන නිසා අපි දැන් රටපුරාම යනවා. අපි මේවන විට විශාල ගම් ප්‍රමානයකට ගොස් තිබෙනවා. ලංකාවේ දැන් සාමය තියන නිසා අපි අද හෙටම යාපනයෙත් මේ රස්සාව කරන්න යනවා. අපි අපේ දුරකතන අංකය තිරෝද රථයේ ප්‍රදර්ශනය කර ගස් ඇඳලා බඳිනවා කියලා සටන් කර තියනවා. ඒ අනුව තමයි ගස් බඳින රස්සාවට ඇනවුම් ලැබෙන්නේ.

කෑගල්ලේ මාවනැල්ලේ සිට ගස් ඇඳ බඳින රස්සාව කරමින් එන ගමනේ දී ගාල්ලේ දී අපට හමුවු මංජුල කුමාර 30 වන වියේ පසුවේ. මේ හෙතෙම අපට කී කතාවයි.

අපේ මේ දුරකතන අංකයට කතා කළාම අපි ඒ අදාළ ස්ථානයට එනවා රැයද,දවලාද, උදයද කියලා වේලාවක් නෑ.රස්සාව කරනවා.අපි තරුණ උනාට අපිට මේ රස්සාව කරන්න ලැජ්ජ නෑ. අපි කාටවත් කරදරයක් නොමැතිව මේ රස්සාව සිදුකරනවා.මුලින්ම ගස් ඇඳලා බඳින්ට අපි ගියේ පා පැදියෙන්.පසුව, ඈත ගම්වල නගරවල වැඩ ලැබුනු නිසා අපි පා පැදියෙන් ගියා ඊට පස්සේ තමයි,අපි යතුරු පැදියෙන් තමයි ගස් බඳින රස්සාව කරන්න ගියේ.දැන් තමයි මේ තිරොද රථයෙන් යන්න පටන් ගත්තේ.අපි අපිට ලැබෙන දුරකතන ඇමතුන් අනුව සැලසුම්කර ගමන් මාර්ගය තෝරා ගන්නවා.සකස් කර ගන්නවා.

අන්තර්ජාලය,වයිබර්,ටීටර්, මුහුණු පොත,ඊමේල්,වට් සැබ්,ඉමෝ ආදි නවතම තාක්ෂනය ද ඇතිව අපි සම්බන්ධ කර ගත හැකියි. නැතිනම් අපි අපේ වාහනයේ අපිව සම්බන්ධකර ගන්න හැකි දුරකතන අංකය සඳහන් කර තිබෙනවා.

සමහර විට අපි කෑගල්ලෙන් ආරම්භ කරලා කොළඹ,කළුතර,ගාල්ල,මාතර,අකුරස්ස හම්බන්තොට ආදි වශයෙන් දුර ගෙවාගෙන යළිත් කෑගල්ලටම ගමන් කරනවා. අපි අපේ කෑගල්ල,ගම්පලාතෙන් මැවනැල්ලෙන් පටන් අරගෙන සමහර විට අපේ ගමන් වාරයක මාස දෙක තුනක් කාලය ගත වනවා. හිතවත් අයගේ ගෙවල්වල රෑට නිදිය ගන්නවා. නැතිනම් පන්සල් වල හරි තිරෝද රථයේම හරි රෑට නිඳිය ගන්නවා. පසුව දා උදයෙන්ම අවදි වී අපි ගස් බඳින අපේ රස්සාවට යනවා.හරිම සතුටින් මේ රස්සාව සිදු කරනවා.

බඳින්න උවමනානම් ඔබටත් කතා කරන්න අංකයක්ද හෙතෙම සඳහන් කර යි. ඒ ගස් බඳින්නට පමණි.වෙන බැඳීමකට නම් නොවේ.ඒ දුරකතන අංකය මෙසේය.0774800532 වේ. නිවසට අනතුරුදායක ගස් කඩා  වැටීම නිසා සිදුවන අනතුරු ගැන අපි දනිමු.මේ නිසා සිදුවන විනාශය සමහර විට දේපලවලට පමණක් සීමා නොවී ජීවිතද බිලිගත් අවස්ථා ඇත. මේ නිසා ගස් ඇඳ බැඳ රස්සාව සිදුකරමින් සිදුකරන සේවාව මේ ආකාරයට රටපුරා ගමන් කරන මේ තුරු මුවන්ට අපි සුභ පතමු.අගය කරමු.කාටවත් අතනොපා ජීවත්වන්නට සටන් කරන මේ දිරිය තුරුණ තරුණයන්ට අපි සහයේගය දෙමු..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *