මේ දශකයේ ලෝක දේශපාලනයේ අසිරිමත්ම සිදුවීම ඊයේ වාර්තාවෙයි.

දශක 7 කට පමණ පසු ලේ නෑයන් නැවත එක්වන ලකුණු.

1950-53 සිදුවූ කොරියානු යුද්දයෙන් පසු ප්‍රථම වතාවට ඊයේ උතුරු කොරියානු නායකයෙකු දකුණු කොරියාවට පැමිණියා.එකම ජාතියකට අයත් එකම භාෂාවක් කතා කරන මෙම ජනතාව සතුරු රටවල් දෙකක් ලෙස ක්‍රියාත්මක වුනේ දේශපාලනික හේතු පදනම් කර ගනිමින්.උතුරු කොරියාව සමාජවාදී කඳවුර නියෝජනය කල අතර දකුණු කොරියාව ධනවාදී කඳවුර නියෝජනය කලා.
මෙම රටවල් දෙක දේශසීමා සලකුණු කර ගනිමින් වෙන්වනවිට ඉතාම සමීපතම නෑදෑයින් පවා දෙපසට වෙන්වුණා.තමන්ගේ සමීපතමියන් වෙන් වීම නිසා දෙපසට වී සුසුම් ලෑ පිරිස ලක්ෂ ගණනක්.

මේ වෙන් වීමෙන් පසුද දෙරට අතර යුද උණුසුම වර්ධනය වූ අවස්ථා බොහෝයි.දෙරට අතර පමණක් නොව ඇතැම් අවස්ථාවල ඒවා කලාපීය හෝ ලෝක යුද්ද ලෙස වර්ධනය වීමේ ප්‍රවනතාවයක් ද දක්නට ලැබුනා .මීට වසර කිහිපයකට පෙර එවැනි අවස්ථා නිසා දකුණු කොරියාවේ රැකියාවේ නියුතුව සිටි ඇතැම් ශ්‍රී ලාංකිකයන් පවා මෙරටට පැමිණියා.


මෙසේ දෙපසට වී යුද ප්‍රකාශ කරමින් සිටි රටවල් දෙකක් දැන් සාම මාවතට පිවිස තිබෙනවා.එහි උච්චතම අවස්ථාව ඊයේ වාර්තා වුණා.ඒ වසර 68 කට පමණ පසු උතුරු කොරියානු නායකයෙකු දේශ සීමාව ඉක්වමින් සාකච්චා සඳහා දකුණු කොරියාවට පැමිණියා.ඇත්ත වශයෙන්ම එය ඉතා උත්කර්ෂවත් මොහොතක්.දේශසීමාව දෙපස සිට ආචාර කරගත් දෙරටේ නායකයන් පසුව දකුණු කොරියාවේ යුදමුක්ත කලාපයේ පිහිටි ගම්මානයකදී සාකච්ඡා පැවැත්වුවා.

එම ගම්මානයට පැමිණීමට පෙර උතුරු කොරියානු නායකයාගේ ආරාධනයෙන් දකුණු කොරියානු නායකයාද උතුරු කොරියානු දේශයට පා තැබුවා.
මෙම අවස්ථාව ස්මරණය කරනු පිණිස fපයින් පැලයක් සිටුවීමට දෙරටේ නායකයන් කටයුතු කල අතර ඊට දෙරටේම පස් හා වතුර යොදා ගත්තා.

මීට පෙරද 2000 වර්ෂයේ මෙන්ම 2007 වර්ශයේද දෙරට අතර සාම සාකච්ඡා පවත්වා ඇති නමුත් මෙවර මෙන් සුහදශීලී බවක් ගත්තේ නැහැ.මෙවර දෙරටේ නායකයන්ගේ මුහුණු වල ලේ නෑකමේ උණුසුම දක්නට ලැබුණා.විශේෂයෙන්ම ඉතාම දරුණු පුද්ගලයෙකු ලෙස ජ්‍යාත්‍යන්තර මාධ්‍ය හඳුන්වා දී තිබු උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ඉතාමත්ම සුහද ශීලී ලෙස හැසිරුනා පමණක් නොව කෑම වර්ග පවා රැගෙනවිත් තිබුනා.මේ එක් කෑම වර්ගයක් වන ශීතකළ නුල්ඩස් එදින තුල දකුණු කොරියානු අවන්හල් වල සුවිශේෂීම ආහාරයක් වුණා.දෙරටේ වැසියන් සාමයට ඇති කැමැත්ත පිළිඹිබු කරන සිද්දියක් ලෙස විදෙස් මාධ්‍ය මෙය වාර්තා කොට තිබුනා .

මෙම සාකච්චා වලදී දෙරටේ නායකයන් ඉතාමත්ම වැදගත් තීරණ කිහිපයකටද එළඹ තිබුනා.ඒවා අතර න්‍යෂ්ටික අවි පාවිච්චි නොකිරීමට එකඟ වීම,දෙරට අතර පිහිටි යුද මුක්ත කලාප සාම කලාප ලෙස පරිවර්තනය කිරීම,දෙරට එරෙහිව වෛරී ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටීම,අන්තර් ජාතික ක්‍රීඩා තරංග සඳහා එකම රටක් ලෙස ක්‍රීඩකයන් යොමු කිරීම වැනි ඒවා ප්‍රධානයි.
චීනය හා ඇමෙරිකාව මුල් කරගනිමින් නව සාකච්චා වටයක් ආරම්භ කිරීමටද දෙරටම එකඟ වී තිබෙනවා.
නොයෙකුත් හේතු සොයමින් වෙන්වීමට උත්සාහ කරන රටවල් හා ජාතීන්ට මෙම සිදුවීමෙන් ගතහැකි ආදර්ශ බොහෝ ඇතිබව සඳහන් කිරීම වටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *