යක්කලමුල්ල පොලීසිය කෙටි කලකින් වැඩිම ගිණි අවි ඇල්ලීමේ වාර්තාව තබලා

මාස දෙකහමාරක කාලයක් තුල දි යක්කලමුල්ල හා උඩුගම පොලිස් බල ප්‍රදේශ තුල බලපත්‍ර නොමැතිව ළග තබාගෙන සිටි තුවක්කු 81 සමග සැකකරුවන් 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව  පොලිසිය පවසයි.

යක්කලමුල්ල පොලිසිය මගින් ගතවු මාස දෙකහමාරක කාලය තුලදි බලපත්‍ර නොමැති  තුවක්කු 51 ක් සමග පුද්ගලයින් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. බෙහෙත් කොටන කැප්තුවක්කු 35ක් බදින තුවක්කු 05ක්, මෙරට නිෂ්පාදිත බෝර 12 තුවක්කු 03ක්  විදේශිය රටවල නිෂ්පාදිත තුවක්කු 08ක් වැටලිම්වලදි අත්අඩංගුවට ගෙන ඇති බව යක්කලමුල්ල පොලිසිය පවසයි. කෙටිකාලයක් තුල දි  එක් පොලිස් ස්ථානයක් මගින් මෙතරම් තුවක්කු සංඛ්‍යාවක් සොයාගැනිම වාර්තාවක් බවද පොලිසිය පවසයි. මේ  පිළිබද යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක දමිත පෙරේරා මහතා  ගාල්ල කොට්ඨාශභාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි විකුම්ගිණිගේ මහතාගේ ඇගයිමට පවා ලක්ව ඇත.

 මේ අතර   උඩුගම පොලිසිය මගින් ද බලපත්‍ර නොමැතිව ළග තබාගෙන සිටි .තුවක්කු 30 සමග සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  මෙම තුවක්කු අතර විදේශිය රටවල නිෂ්පාදිත තුවක්කු 06ක් ද ඇති බව පොලිසිය  පවසයි. මෙකි තුවක්කු සතුන් දඩයම් කිරිම සදහා යොදාගෙන ඇති අතර මේවනවිට උඩුගම ප්‍රදේශයේ දඩමස් හිගයක් ද පවතින බව පැවසේ. ගාල්ල  කොට්ඨාශභාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිණිගේ, මහතාගේ උපදෙස් මත යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  දමිත පෙරේරා, උඩුගම පොලිස් ස්ථානාධිපති ක්‍රිෂාන්ත යන මහත්වරු ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙකි වැටලිම් කරණු ලැබිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *