පොලීසිය ජෙනරාල්ට සමාජ සවිබලය වන් ෂොට්ට දීමේ විපාකය

යහපාලනයේ අවසන් උත්සාහය මෙය යි. 

මීලග ඇමති මණ්ඩල සංශෝධනයේදී නීතිය හා සාමය අමාත්‍යාංශය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටද සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍ය වරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පත්කෙරීමේ සුදානමක් පවතින බවට කරලියට වාර්තා වී ඇත. හොරු ඇල්ලීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් එල්ලවී ඇති නිසා එයින් ගැලවීමට මෙය හොද අවස්ථාවක් බව යහපාලනය වෙනුවෙන් පෙනීසිටින ලද සිවිල් සංවිධානවල අදහස වී ඇත. දැනට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය වරයා ලෙස කටයුතු කරන රන්ජන් රාමනායක  සමාජ සවිබල ගැන්වීමට සදහා සුදුසුම පුද්ගලයා බවට සමාජයෙන් සහතිකයක් ලබාගෙන ඇත.

එපමණක් නොව රටතුල පුර්ණ වෙනසක් ඇතිකිරීම වෙනුවෙන් තවත් තනතුරු රැසක වෙනසක් ද සිදුකල යුතුය. මේනිසා  ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට 62 ලක්ෂයේ ජනවරමට අනුරූපීව තීන්දු කිරීමට එකග තාවයක් ඇතිවන්නේනම් ඉහත පත්වීම් සිදුවිය යුතු   බව යහපාලනය ස්ථාපිත කිරීම වෙනුවෙන් පෙළගැසුණු සංවිධානවල අදහස වී ඇත.  මෙම පත්වීම්වල පල විපාක සිදුවන්නේ කාටදැයි කීමට කල් වැඩි වුවද මේ පත්වීම් රටට ශාපයක් ද?? විපාකයක්ද?? ආශීර්වාදයක් ද?? 

යහ පාලන රජයේ කැබිනට් සංශෝධනය ලබන සතියේ සිදුකිරීමට නියමිතව ඇත. එහිදී වඩාත් රැඩිකල් දේශපාලන තීන්දු ගැනීමට නියමිත බවට වාර්තාවේ විශේෂත්වය වන්නේ නව කැබිනට් අමාත්‍ය වරුන් වශයෙන් ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග වෙනුවෙන් වැඩිම දායකත්වය දැක්විය හැකි ජනතා ප්‍රසාදය දිනාගත හැකි අය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමයි.දැනට දේශපාලන ප්‍රවාහයේ පැහැදිලි ලෙසින් කණ්ඩායම් කිහිපයකට කැඩී ගොස් ඇති කණ්ඩායම් එක ගොඩකට ගැනීමේ අභියෝගයකට මුහුණදී සිටින ජනාධිපතිවරයා සහ අගමැතිවරයා 2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් මේ සියලු වෙනස් කම් සිදුකල යුතුව ඇත.

මහින්ද පිල 2020 අපේක්ෂකයා කරලියට

මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදෙන ඒකාබද්ධ විපක්ෂය නොනිල වශයෙන් 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව කරළියට පැමිණ ඇත. ඒ වෙනුවෙන් සමාජයේ විවිධ කණ්ඩායම් තමන් වෙත දිනා ගැනීමේ ක්‍රියාවලියක ඔවුන් නිරතව ඇත. මේ සියල්ල කෙරෙහි ජනපති සහ අගමැති තක්සේරුවක් තබමින් ඔවුන්ගේ දේශපාලන උපක්‍රම මෙහෙයවනු ඇත. ඒ සදහා දේශපාලන කරලියේ එළිපිට නොපෙනෙන අරගලයක් අභ්‍යන්තරයේ සිදුවෙමින් ඇති බවට සැකයක් නැත.2015 දී 62 ලක්ෂයේ ජනවරමට මේවනතුරු සාධාරණයක් ඉටුකිරීමට ජනපතිට සහ අගමැතිට නොහැකි වීම ඔවුන්ට ඇති එකම අභියෝගය වී ඇත. ඒ අහිමි වෙමින් යන ජනතා විශ්වාශය යලි ඇතිකිරීමේ අවසන් උත්සාහය නව කැබිනට් මණ්ඩල සංශෝධනය වනු ඇත.

මේ මොහොතේ රටේ ජනතාව වගේ මූලික අවශ්‍ය තාවය ස්ථාවර රජයක්ය 2018 පෙබරවාරි 10 වෙනිදායින් පසු මෙරට ඇති කරන ලද දේශපාලන අස්ථාවර භාවය රටතුල එලෙසම පැවතීම රටක් ලෙස අනතුරු දායකය. මේ තත්වයට ඇති එකම විසදුම අවුරුදු 2 ක් පමණ එක ගමනක් යන රජයකි ඒ වෙනුවට තමන්ගේ පක්ෂ ශක්තිමත් කිරීම වෙනුවෙන් කාලය වැය කිරීම වෙනුවට රට ශක්තිමත් කිරීම සදහා තීන්දු ගැනීමට කාලය එලබ ඇතිබව යහපාලනය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කල සංවිධානවල මතය වී ඇත.

16 කල්ලිය පැහැදිළි දේශපාලන දේශපාලන රේඛාවක් ඇද ඇත

දැනට ශ්‍රී ලනිප යේ කොටසක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීම නිසා ජාතික ආණ්ඩු සංකල්පය තවදුරටත් යථාර්තයක් නොවනු ඇත.එනිසා ඉදිරි කාලයේදී මේ දේශපාලන ව්‍යකුලත්වය සැබෑ ලෙසම රේඛාවකින් වෙන්වනු ඇත. පසුගිය අවුරුදු කිහිපය තුළ කිසිදු දේශපාලන වේදිකාවකට ගොඩ නොවූ අර්ජුන රණතුංග ට අතුරලියේ රතන හිමියන්ට විජේදාස රාජපක්ෂට පමණක් නොව දේශපාලනයේ දෙලොවක් අතර සිටින චම්පික රණවක ලාට එජාපයේ කැරළි කරුවන්ට සහ ශ්‍රීලනිපයේ සහ ඒකාබද්ධයේ කිහිප දෙනෙකුට මේ ඇදෙන දේශපාලන රේඛාව නිසා ඉදිරි දේශපාලන ගමන්මග තීරණය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *