රටපුරා සුරා බේබද්දන් නිසා යහපාලන මල්ල පිරේ

රුපියල් මිලියන 191 කට වැඩි මුදලක් රජයට දඩ මුදල්

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් 2017 වර්ෂය තුළ  විවිධ සුරා අපරාධ සම්බන්ධයන් රටපුරා සිදු කළ වැටලීම් 48482 ක් සිදු කර ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 191 කට වැඩි මුදලක් රජයට දඩ මුදල් ලෙස ලබාගත් බැව් සුරා බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පවසයි.

මේ අනුව,  වැටලීම්වලදී සැකකරුවන් 44059 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර,ඉන් මේ වන විට අවසන් වී ඇති වරද පිළිගත් සැකකරුවන් 43550 ක් වෙනුවෙන් රුපියල් මිලියන 191 ක දඩ මුදල අධිකරණය විසින් පනවා ඇත.

මෙම වැටලීම්වලදී සුරා අපරාධ 35471 ක් සිදු කර ඇත.ඉන් 1640 ක් නීති විරෝධී ලෙස මත්පැන් හෙවත් කසිප්පු නිපදවීම සම්බන්ධයෙන් වේ.නීති විරෝධී මත් පැන් හෙවත් කසිප්පු අලවි කිරීම සඳහා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැටලීම් 9378 ක් සිදු කර ඇති අතර,කසිප්පු ප්‍රවාහනය කිරීමේදී වැටලීම් 24453 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් මත් කුඩු ළග තබා ගැනීමේ වැටලීම් 2053 ක් වටලා ඇති සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගංජා ළග තබා ගෙන සිටි පුද්ගලයින් 3847 ක් වටලා අත්අඩංගුවට ගෙන ඇත.නීති විරෝධී ලෙස කංසා වගා කළ ස්ථාන 50 ක් ද වැටලීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.කොකේන්, එල්.එස්.ඩී,එක්ස්ටසී ආදී මත් ද්‍රව්‍ය ළග තබා ගෙන සිටීමේ සිදුවීම් 71 ක්ද වටලා ඇත.

ප්‍රසිද්ධ ස්ථාන වල දුම් පානය කළ පුද්ගලයින් 2078 ක් අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නිලධාරීන් නියමිත බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි අලවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 2002 ක් සිදු කර ඇත.බාල වයස්කාර දරුවන්ට දුම්වැටි අලවි කිරීමේ ස්ථාන2328 ක්ද සුරා බදු නිලධාරීන් විසින් 2017 වසරේදී වටලා ඇත.ඊට අමතරව වෙනත් දුම්කොල වැරදි සම්බන්ධ වැටලීම් 565 ක් ද සිදු කර තිබේ.

මෙයට අමතුරව, 2017  වර්ෂය තුළදී මත්පැන් අලවි කිරීම සඳහා රජය විසින් බලපත්‍ර ලබා දී ඇති ස්ථාන 4526 ක අක්‍රමිකතා සුරාබදු නිලධාරීන් විසින් ග්‍රහණය කර ගෙන ඇත. එම බලපත්‍ර ලාභීන් සම්බන්ධයෙන් සුරාබදු නීතිය අනුව සිදු කරන ලද විමර්ශණ වලින් අනතුරුව රුපියල් මිලියන 102 ක් පමණ වේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් ආර්.සේමසිංහ මහතාගේ සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීමේ) එන්.බී.වන්සූරිය මහතාගේ උපදෙස් අනුව සහකාර සුරාබදු කොමසාරිස්වරුන් සහ සුරාබදු අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම් සිදු කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *