සතුන්ට ඇටවූ උගුලේ කාන්තාවක මරුට.. සිද්ධිය තවත් ඝාතනයකින් කෙලවර වෙයි!!

කරන්දෙණිය, දිවියගහවෙල ඉහළ ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග දුරදිග යෑමෙන් පසු තියුණු ආයුධයකින් පහර දී එක් පුද්ගලයෙක් ඝාතනය කිරීමට අදාල සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු 2020 මැයි මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ දිවියගහවෙල ඉහළ, කරන්දෙණිය ලිපිනයේ පදිංචි ගුණසිංහ ආරච්චිලාගේ නිලංග නිශාන්ත නොහොත් කුමාර (34) නැමැති අයයි.

අංක 87, දිවියහවෙල, කරන්දෙණිය ලිපිනයේ පදිංචි පේදුරුහකුරු සමන් සිරිවර්ධන (32) නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට නෙ තිබේ. ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ සැකකාර අනෙක් පුද්ගලයා අතර බහින් බස් වීමක් පසුගිය 06 දින සවස 5.30 ත් 6.00 ත් අතර සිදුව තිබෙන බවත් පිහියකින් ඇනීමෙන් බරපතල තුවාල තුවාල ලැබූ අය කරන්දෙණිය, බොරකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් කරන්දෙණිය පොලීසිය කියයි.

ඝාතනයට ලක් වූ අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය, බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් පසුගිය 07 දින පෙරවරුවේදීත් පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පලා ගුණරත්න මහත්මිය විසින් එදිනම (07) සවස බළපිටිය මූලික රෝහලේදීත් පවත්වන ලදී.

සැකකරු විසින් සතුන් මැරීම සඳහා අඳින ලද විදුලි රැහැනක් පෑගී කාන්තාවක් රෝහල් ගත කිරීම සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ අය සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සැකකරුගේ නිවසට ගොස් මේ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත. එහිදී ඇති වූ කතාබහ, බහින්බස් වීමක් දක්වාත් පසුව එය ආරවුලක් දක්වාත් දුරදිගයාමෙන් පසුව මෙම පිහියෙන් ඇනීම සිදුව තිබෙන බව කරන්දෙණිය පොලීසිය මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු කරගෙන තිබේ.

සිද්ධියට අදාල සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවත් කරන්දෙණිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නදුන් මෙන්ඩිස්, උප පොලිස් පරීක්ෂක වරුන් වන රණධීර සහ ඉරාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *