රිෂාර්ඩ්ට එරෙහි ප්‍රකාශ වලකමින් විමල්ට වරණ නියෝගයක්

කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත

පසුගිය දින කිහිපය තුල අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් හිටපු අමාත්‍ය රිෂාර්ඩ් ට එරෙහිව විවිධ ප්‍රකාශ නිකුත් කරන ලදී පසුගියදා පවතී ප්‍රසිද්ධ දේශනයක් අතර තුරද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ විසින් රිෂාර්ඩ් බදියුදීන්ට විවිධ චෝදනා එල්ල කරන ලදී මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ⁣රිෂාඩ් බදියුදීන් මහතාට අපහාස වන ලෙස ද්වේෂ සහගත ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් ඇමති විමල් වීරවංශ මහතාට අද කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.මෙම නියෝගය ලබන 30 වැනිදා තෙක් බලපැවැත්වෙයි.

එමෙන්ම ලබන 30 වැනිදා තෙක් හිටපු අමාත්‍ය රිෂාර්ඩ් ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වාලමින් මෙරට ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය ආයතන තුනකටද වාරණ නියෝගය නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *