තරගා වලිය ජය කෙසේ වෙතත් අභිමානය හෝ රැකීමට නම්

වැටත් නියරත් ගොයම් කා ඇති වේලාවක තවත් වෙන්න දෙයක් නොමැත ඇන්ජලෝ ට සහ චන්දිමාල්ට තවත් අවස්ථාවක් දෙන්න අපේ රටේ ක්‍රීඩා ලෝලීන් අකමැති වෙන්නේ නැත ඒ වගේම වත්මන් ටෙස් කණ්ඩායමේ නායක දිමුත් සහ තිරිමාන්නට ද අවසථාව දිය යුතුමයගිය නුවණ ඇතුම් ලවාම අද්දැවීමට නම් මෙයත් අවසන් අත්හදා බැලීමට ලක්කළ යුතුය අසේලට සචිත්‍රට අවස්ථාව දිය යුතුය හොදද නරකද බලන්න බංගලාදේශ ටෙස් තරගයේ ලෝක වාර්තාව තැබූ ප්‍රවීන් ජයවික්‍රමද අවස්ථාව දිය යුතුය කවුරු කෙසේ කීවත් T 20 තරග වලට අනිවාර්යෙන්ම තාක්ෂනය සහිත පිතිකරුවන් අවශ්‍ය මය මන්ද සියලු පන්දු යවන්නන් ඉතා හොදින් පන්දු යවන තත්වයක එම පන්දු හරවා ස්ථාන ගත කිරීමට හැකි තාක්ෂනය සහිත පිතිකරුවන් එක් අයෙකු හෝ දෙදෙනෙකු කණ්ඩායමේ සිටිය යුතුමය

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය කල සෑම අවස්ථාවකම එම තත්වය සපුරා තිබුණි අපේ කණ්ඩායම 2014 දී T 20 ලෝක කුසලාන අවසන් තරගය දෙස බැලීමේදී එය පැහැදිළිය ලකුණු 130 කට ආසන්න ලකුණු ප්‍රමාණයක් හබා යන අවස්ථාවේ ඉන්දීය පන්දු යවන පීඩනයට එදා සංගා ඉතා සංයමයෙන් ලකුණු රැස්කර ප්‍රහාරාත්මක පිතිකරු තිසර ලවා ක්‍රීඩා පිටියෙන් එපිටට පන්දුව යැවීමට සංගා කටයුතු කල අතර අවසානයේ සංගා අපූරුවට කණ්ඩායම ජය ටැඹ වෙත රැගෙන යන ලදී ඒ අතීත පාඩම වත්මන් පාලකයන් කියවිය යුතුය තවත් උදාහරණ ඇත 1996 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහි මුලික වටයේ තරගය තුලද එවැන්නක් සිදුවන ලදී එදා සනත් ජයසූරියගේ ප්‍රහාරාත්මක ඉනිම ගැන කවුරුත් කථා කලද තරගය ජයග්‍රහණය වෙනතෙක් අර්ධ ශතකයක් ලබාගත් හෂාන් තිලකරත්න ගැන කවුරුත් කථා නොකරන ලදී

එහෙත් එදා සනත් ලකුණු 77 රැස්කර දැවී යන විට අපේ ලකුණු පුවරුව 137/3 ලෙස සටහන්ව තිබුණි ලකුණු 277 ක ඉලක්කය සපුරා ගන්නේ හෂාන්ගේ ධෛරි යවන්ත ඉනිම නිසාය තවත් අතීත පාඩම් අවශ්‍ය නැත අනාගතයේ කලයුතේ මෙයයි ඒ අනුව ක්‍රීඩා ලෝලීන් වන සියලු දෙනා බලාපොරොත්තු වන අවසන් එක්දින කණ්ඩායම විය යුත්තේ දිමුත් ,කුසල් පෙරේරා ,තිරිමාන්න ,මැතිව්ස්,චන්දිමාල්,අසේල,සචිත්‍ර ,බිනුර (වමත් වේගපන්දු යවන්නා ) දුෂ්මන්ත චමීර ,ප්‍රවීන් ජයවික්‍රම ,ධන්ජය ලක්ෂාන්,අතිරේක ක්‍රීඩකයා ඉසුරු උදාන බවට පත්විය යුතුමය මෙම කණ්ඩායම ක්‍රීඩා කලොත් යම් තරමකට ලංකාවේ ක්‍රිකට් අභිමානය රැකෙනු ඇත.නීති විරෝධී ක්‍රියාවන් නිසා මෙරට කැදවූ කුසල් ,දික්වැල්ල ,දනුෂ්ක තිදෙනා වෙනුවට අසේල,චන්දිමල්සහ මැතිව්ස් එක කිරීමට හැකිනම් එක්දින තරගාවලිය නම්බු සහිතව අවසන් කරගත හැකිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *