මිනු//පොලීසිය නිරෝධායනය කිරීම නිසා ජාවාරම් කරුවන්ට සහනයක් වෙලා

ඊයේ රාත්‍රියේ සිට කසියා ජයටම පෙරීම පටන් ගෙනලු

මිනුවන්ගොඩ පොලීසියේ භෝජනාගාරයේ සේවයකළ අයෙකුට කොරෝනා අසාධනය වීම නිසා මිනුවන්ගොඩ පොලීසිය වසාදැමීමට ඊයේ දිනයේ කටයුතු කල අතර බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ විෂබීජ හරනයෙන් පසුව අද පස්වරුවේ විවිධ පොලිස් ස්ථාන වලින් අනුයුක්ත කල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යටතේ මිනුවන්ගොඩ පොලීසියේ කටයුතු අරම්බහ කල අතර මිනුවන්ගොඩ පොලීසියට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරීන් අනූවකට අධික ප්‍රමාණයක් නිරෝධායනය සදහා යොමු කරන ලදී

මිනුවන්ගොඩ පොලීසියේ කටයුතු නැවතීමත් සමග ප්‍රදේශයේ නීතිවිරෝධී කටයුතු සිදුකරණ කණ්ඩායම් වෙත එය මහත් අස්වැසිල්ලක් වන ලදී ඊයේ රාත්‍රියේ සිට ඔවුන් තම කටයුතු ජයටම කරන බවට අප වෙත වාර්තාවන ලදී විශේෂයෙන් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන කණඩායම් මෙම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබාගත් බව නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ප්‍රදේශවල ජනතාව අප සමග සදහන් කරන ලදී

ඇතැම් ස්ථානවල ප්‍රසිධියේ මත්පැන් නිෂ්පාදනය කල බවත් ආත්ම පිරිස් එම භාණ්ඩ කිසිම බියකින් සැකයකින් තොරව ප්‍රවාහනය කල බවත් වාර්තාවෙයි විශේෂයෙන් අලුත් පොලිස් නිලධාරීන් මිනුවන්ගොඩ මාර්ග සහ ප්‍රදේශ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති වීම නිසා අදාල කටයුතු සදහා බාධාවක් එල්ලවී නොමැත නවක නිලධාරීන්ට න්මිනුවන්ගොඩ පරදේශය සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති නිසා වැටලීම් සිදුකිරීමේදී භාධාවක් එළවීම මෙයට හේතුව වී ඇත

කලක් මිනුවන්ගොඩ සේවයකළ වෙනත් පොලිස් ස්ථානවල සේවය කරන නිලධාරීන් පිරිස් මේසදහා අනුයුක්ත කිරීමට හැකිනම් මෙම තත්වය පාලනය කිරීමට හැකිබව මිනුවන්ගොඩ ජනතාව සදහන් කරයි මිනුවන්ගොඩ ප්‍රදේශය විවිධ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන නිසා වහා මෙම තත්වය ඇතිකිරීම වැදගත්ය එසේ නොවන්නට මිනුවන්ගොඩ නීතිවිරෝධී ජාවාරම් කරුවන්ට මෙම අවස්ථාව බෝනස් එකක් කිරීමට ඉඩ නොතැබිය යුතු බව ඔවුන්ගේ අදහසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *