අගමැති දුරයෙන් ඉල්ලා අස්වෙයි ද?? // නාමල් ට්විටර් ගිණුමේ සටහනක් තබයි

මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තු සැසි වාරයට

ජනාධිපති තුමන් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වන්නේ යැයි අන්තර්ජාලයේ වාර්තා පල වෙමින් ඇත.මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිය මතය ඉදිරිපත්කරමින් ඇත කෙසේ වෙතත් මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු සිය ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වන බවයි. එමෙන්ම අතුරු තහනම් නියෝගය යනු ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව නොවන බවද මන්ත්‍රීවරයා සිය සටහනේ සඳහන් කර ඇත

 

Rumors circulating that PM resigning is completely false. We will all attend parliament tomorrow. The decision by the Supreme Court is an interim order to consider the case and “not” the final decisio

Leave a Reply

Your email address will not be published. Required fields are marked *