වනජීවී ඇමති නිලධාරීන්ට කෝපයෙන් කඩා පනී

විරෝධය පා හෙට රටපුරා සංඛේත වර්ජනයක් කරනවා සංගමය කියයි

විපක්ෂයේ සිටින විට පරිසරය දිවි හිමියෙන් සුරකින බවට දිවුරන දේශපාලකයන් බලයට පැමිණි පසු තමන් කරන්නේ කුමක්ද කියා තේරුම් කරදීමට පවා නොහැකි තැනකට පත්වෙති එහි එක අවස්ථාවක් අද දිනයේ දක්නට ලැබුණි පොළොන්නරුවේ තඹාල හා වෙහෙරගොඩයාය ප්‍රදේශවල දී වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා සහ වනජීවී නිලධාරීන් අතර මෙම ගැටුම හටගන්නේ පරිසරය වෙනුවෙන් පෙනීසිටින වනජීවී නිලධාරීන් නැතිනම් තම අමත්‍යන්ශයේම නිලධාරීන් සමගය

මෙහිදී රක්ෂිත වනාන්තර වලට ජනතාවට ඇතුල් වීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් ඇමැතිවරයා වනජීවී නිලධාරීන්ට බලපෑම් කළ අතර වනජීවී නිලධාරීන් ඊට දැඩිව විරුද්ධ වූහ.මෙම අවස්ථාවේ කෝපවූ අමාත්‍යවරයා වනජීවී නිලධාරීන් වෙත කඩා පනින අතර වනජීවී නිළධාරින් කියා සිටියේ අධි සංවේදී පරිසර කලාප වල කිසිදු මිනිස් ක්‍රියාකාරකමක් සිදුකිරීමට නීති විරෝධී බවත් එවන් කටයුතු සදහා කිසිදු අවසරයක් නැති බවත්ය.මෙහිදී තම අමාත්‍යංශයේ නිලධාරීන් මහජනයා ඉදිරිපිටම අපහසුතාවයකට ලක්වන අතර තමන් ඒ සදහා කිසිම ඉඩක් නොදෙන බව වනජීවී නිලධාරීන් සදහන් කරන ලදී

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කල වනජීවී නිලධාරීන්ගේ සංගමය සහ වනජීවී එකමුතුව එක්ව හෙට දිනයේ සංඛේත වැඩ වර්ජනයක් සිදුකරන බවත් අමාත්‍ය වරයාගේ හැසිරීම හෙලාදකින බවද සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *