මීගමුව, කටාන, ජා ඇල, වත්තල මනාපයේ බලය කාටද??

ගම්පහ කතෝලික වැඩි නියෝජනයක් ඇති ආසන කිහිපය තුල මනාප සටන සහ දේශපාලනයේ දිය යටින් ගින්දර ගෙනයන සෙල්ලම් මේ දිනවල දක්නට ඇත ඒ එජාපයේ සහ පොහොට්ටුවේ අපේක්ෂකයන් තරගයට මෙන් කුඩා කණ්ඩායම් සහ පක්ෂ ක්‍රියාකාරීන් සමග සුහද හමු පැවැත්වීමත් යහමින් මධුවිත සහ තමන්ගේ ජයග්‍රහණයෙන් පසුව සලකන ආකාරය ගැනත් ප්‍රකාශ කරමින් ඇත මේ අතරින් වඩාත් කැපීපෙනෙන ලක්ෂණය වන්නේ ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගත් හමු වලද අඩුවක් නැත ඔවුන්ට විවිධ සත්කාර සේවාවන් ඇතුළු නොයෙකුත් තුටු පඩුරු විසිකරමින් ඇත බහු ආගමිකයින් සහ බහු ජාතීන් විශාල පිරිසක් මිශ්‍රව ජීවත්වන ප්‍රදේශ වෙති.

දැනට පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් අදාල කතෝලික ප්‍රදේශවල මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් වශයෙන් මීගමුවේ සරත් ගුණරත්න නිමල් ලන්සා ඉන්දික අනුරුද්ධ සහ කාවින්ද ජයවර්ධන කටානේ සුදර්ශනී ප්‍රන්නාඩු පුල්ලේ ,ආනන්ද හරිශ්චන්ද්‍ර ලලන්ත ගුණසේකර ,ජා ඇල මෙරිල් පෙරේරා ,ශ්‍රී නාත් පෙරේරා,සහ මොනරාගලින් පැමිණි විජයමුණි සොයිසා තම මැතිවරණ කටයුතු කතෝලික ජනතාව වැඩිපුර සිටින මීගමුව ,කටාන ,ජා ඇල ,වත්තල අසන තුන ඉලක්ක කරගනිමින් තම මෙහෙයුම් කරගෙන යතිතනි තනි අපේක්ෂකයන් වශයෙන් දැනට මෙහෙයුම ආරම්භ කර ඇත.

මේ අතරින් එම ප්‍රදේශවල ජනතාවගේ වැඩිම ආකර්ෂණය නවක අපේක්ෂකයන් කෙරෙහි නැඹුරුව ඇති බව ගම්පහ ගොසිප් වෙත වාර්තා වී ඇත හිටපු මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතා අප්‍රසාදය වැඩි බවට වාර්තා වෙයි එයට ප්‍රධාන හේතුව පසුගිය පාස්කු ප්‍රහාරය නිසා ජනතාව තුල දේශපාලකයන් කෙරෙහි අප්‍රසාදයක් ගොඩනැගීම නිසාය

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් වඩාත් සංවේදී වූ ආසන දෙක වන්නේ මීගමුව සහ කටාන ආසන නිසා එම කතෝලික ජනතාවට සාධාරණය ඉටු කිරීමට පක්ෂ විපක්ෂ සියලු දෙනාම අසමත්වීම මෙයට හේතුව බව සදහන් වී ඇත.වෙනදා මෙන් මෙවරත් කතෝලික ප්‍රදේශයේ ජනතාවගේ සහය බලාපොරොත්තුවන නිමල් ලන්සා විශාල මුදලක් මැතිවරණය වෙනුවෙන් වියදම් කිරීමට සුදානම් බවට වාර්තා වෙයි අනෙකුත් අපේක්ෂකයන් ද තම උපරිමය මෙම මැතිවරණය වෙනුවෙන් යොදවනු ඇති බවට වාර්තා වන නිසා ගම්පහ කතෝලික කලාපයේ කතිරයේ බලය උරගාබැලීමේ තරගයට එක්ව ඇත. සරත් ගුණරත්න හිටපු අමාත්‍යවරයා මීගමුව ආසනය නියෝජනය කරමින් පොහොට්ටුවෙන් තරගය ඉදිරිපත් වුවද ජයග්‍රහණය සදහා ඔහුට තවත් විශාල වැඩකොටසක් කිරීමට සිදුව ඇත

විශේෂයෙන් නවක අපේක්ෂකයන් වශයෙන් මෙරිල් පෙරේරා,ආනන්ද හරිස්චන්ද්‍ර ,ලලන්ත ගුණසේකර පොහොට්ටුව පාර්ශවයෙන් ජනතා විශ්වාශය ගොඩනැගෙමින් ඇත හිටපු අමාත්‍ය වරියකවන සුදර්ශනී වෙත පීඩනයක් ඇත ඒ ඇය පොහොට්ටුවේ පසුගාමී සාමාජිකයෙකු නිසාය ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා කතෝලික කලාපය සහ බෞද්ධ කලාපය යන දෙකම ආකර්ෂණය කරමින් ඇති නිසා බාධකයක් නොමැත. මෙතෙක් කාලයක් වත්තල ආසනය නියෝජනය කල ජෝන් අමරතුංග මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙන නිසා එම ආසනයේ අපේක්ෂකයා මෙතෙක් එජාපය පාර්ශවයෙන් නිල වශයෙන් දැනුවත් කර නොමැති නිසා පසුවට තබමි

එජාපය පාර්ශවයෙන් වැඩිම නැඹුරුව හිටපු අමාත්‍ය ජෝෂොප් මයිකල් පෙරේරාගේ පුතෙකු වන හිටපු පළාත් සභා මනත්‍රී ශ්‍රීනාත් පෙරේරා වෙත ගොඩනැගෙමින් ඇත මීගමුවේ රොයිස් සහ කාවින්ද අතර ඇති විරසකය නිසා එහි වාසිය ශ්‍රීනාත් වෙත පැමිණ ඇත මීගමුව ආසනයේ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කල රොයිස් විජිත ප්‍රනාන්දු සහ කාවින්ද විරසකයක් ඇතිවන්නේ රොයිස් යටතේ තිබූ මීගමුව ආසනයට කාවින්ද පැමිණීම නිසාය රොයිස් මීගමුවේ ජනතාව අතර ජනප්‍රියම පුද්ගලයා නිසා කාවින්ද ජයවර්ධනට මීගමුවේ මනාප සටන වෙනුවෙන් ලොකු වැඩකොටසක් කිරීමට සිදුව ඇත ඒ නිසා අනිවාර්යෙන්ම රොයිස් සමග සහයෝගයෙන් යන ගමනක දී පමණක් මීගමුවේ මනාපය කවින්දට ලබාගැනීමට හැකිය කෙසේ වෙතත් මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරන නිසා එම අසන හතරෙහි වැඩිම ජනතා ප්‍රසාදයක් ඔහුට නිතැතින්ම හිමිවනු ඇත

ගම්පහට නවකයෙකු වුවද හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අභාවප්‍රතත හිටපු අමාත්‍ය විජේපාල හෙට්ඨිආරච්චි මහතාගේ පවුලේ හිතවතෙකු නිසා ඔහුද සැලකිය යුතු මට්ටමක මැතිවරණ සටන සාර්ථකව ඇත එහෙත් කටානේ හිටපු සංවිධායිකා රෝස් ප්‍රනාන්දුගේ සහය ලබාගැනීම අනිවාර්ය වී ඇත මැතිවරණය ප්‍රකාශ කලද නාමයෝජනා පත්‍ර සැකසීම සිදුවන නිසා ඉදිරි දින කිහිපයේ ගම්පහ කතෝලික කලාපයේ මැතිවරණ සටන තවත් තීවූර වනු ඇත.

ඉදිරියේදී මෙම අපේක්ෂකයන් මනාපයෙන් ස්ථානගත වී සිටින තැන සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් සැපයීම ගම්පහ ගොසිප් බලාපොරොත්තු වන අතර සතියකට එක බැගින් අදාල වාර්තා පලකිරීමට සුදානමින් සිටිමි ඇති තතු ඒ ආකාරයෙන් කිසිදු පක්ෂග්‍රහී වාර්තාකරණයෙන් තොර ගම්පහ මනාපයේ බලය කාටද යන්න නිවැරදිව වාර්තා කිරීමට කටයුතු කරන බව දැන්වා සිටිමි මෙය සංවාදයට විවෘත බවද සදහන් කරමි ඔබගේ අදහස් යෝජනා චෝදනා අපවෙත ලබාදෙන ලෙසද එය lankaabcnewslk@gmail වෙත එවන ලෙස ද කාරුණිකව ඉල්ලා සිටිමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *