මැතිසබයේ අසුන සදහා ගාලු මනාපයේ බලය කාටද?

ගාල්ල දිස්ත්‍රික්කය 2015 මහ මැතිවරණයේ ප්‍රතිපලය.2020 මහ මැතිවරණය පරණ මුහුණ සමගින් අලුත් මුහුණ එනවා.එදා හා අද තත්වය පිළිබඳව කෙටි සමාලෝචනයක් මෙසේ සිටහන් කරමු. එය අපි නම් කරන්නේ ගාල්ලේ ගොසිප් ලෙසයි.

2015 මහ මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මනාප ප්‍රතිපලය මෙසේය.තේරි පත්වු මන්ත්‍රිවරු ප්‍රමාණය 6කි.

1 චන්දිම වීරක්කොඩි- මනාප  114,851

2  රමේෂ් පතිරණ- මනාප  105,434

3 නිෂාන්ත මුතුමෙහට්ටිගම-මනාප  75,994

4 මනූෂ නානායක්කාර- මනාප 73,387

5 ගීතා සමන්මලී කුමාරසිංහ- මනාප 63,955

6 මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා-මනාප  53,076

7 පියසේන ගමගේ-මනාප 47,248

8 බද්දේගම සමිත හිමි- මනාප 38,472

9 ගුණරත්න වීරකෝන්- මනාප 37,973

10 චන්න සාලිය මෙන්ඩිස්- මනාප 32,869

11 අරුණ ප්‍රදීප් මනිමෙල්වඩු- මනාප 25,287

12 ඒ.ජී.සී. පියසිරි -මනාප 22,046

13 මෙත්සිරි ද සිල්වා -මනාප 16370

2015 දී  එක්සත් ජාතික පක්ෂය වැඩි මනාප ලබාගත් පිරිස මෙසේය.පත්වු මන්ත්‍රිවරු පිරිස 04කි.

01 ගයන්ත කරුණාතිලක -149,573

02 වජිර අබේවර්ධන- 142,874

3 බන්දුලාල් බණ්ඩාරිගොඩ-66,978

4  විජේපාල හෙට්ටිආරච්චි-53,413

5 ජයන්ත ජයවීර-44,738

6 චන්ද්‍රලාල් අබේගුණවර්ධන-43,098

7 සුනිල් සේනානායක-39,823

8 ආනන්ද පත්මසිරි කාරියවසම්-24,102

9 ෆයාස් ලතීෆ්-23,281

10 සේනාධී අතුකෝරළ-21,942

11 අශෝක වීරසෝමරත්න- 21,535

12 අජන්ත ද සොයිසා-20,159

13 ඩෙනට් පනියන්දූවගේ-19,263

මෙම ප්‍රතිපලය දෙස බලන විට පෙනි යන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් ලබා ගත් මනාප ප්‍රමාණයයි.මෙම ප්‍රතිපලය අනුව 2020 දී පක්ෂ දෙකේ මනාප පොරයේ දී තවමත් ඉදිරියෙන් සිටින්නේ කව්ද ? ප්‍රශ්ණයකි.මෙම පිරිස අතරින් ගාල්ලට එන අලුත් මුහුණද තිබේ.එය තවමත් ප්‍රකාශ කරන්නට නොහැකිය. තවමත් 2020ට නාම යෝජනා ලබානොදිම නිසාය.

එජාප,සමගි ජන බල වේගය,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ,ශ්‍රි ලංකා නිදහස් පක්ෂය,ජනතා විමුත්ති පෙරමුණේ සන්ධානය,ආදි වශයෙන් මෙමර මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේකෂකයෝ තවමත් නම්කර නැත.

නමුත්,දැනට පෙනේනා දකිනා ආකාරයට ගාල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටුව,ශ්‍රිලංකා නිදහස් පක්ෂය,කොමිනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය අතර අපේක්ෂක පොරයක් හට ගෙන ඇත්තේ කොරෝනා වෛරසය මෙන්ය.මේ නිසා නාම යෝජනා ලබා දීමේදි ලංකාවේම වාගේම ගාල්ල දිස්ත්‍රික්කයේද ඉතා බරපතල තත්ත්වයක් හටගන ඇත.

අලි හංස සන්ධානයේ තවමත් ලකුණක්  නැතිව අකුණක් මෙන් පවතින සන්ධානය දෙකට කැඩේද ප්‍රවනතාවය හමුවේ සූත්තර පුංචා නමින් ආදරයට හදුන්වාදෙන වජිර අබේවර්ධන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිවරයාට රනිල් සමග එක්ව ගමනක් ගියද එහෙතම පරාජය කරන බවට ගාල්ල දිස්ත්‍රික්කයේ මේවන විට පාර්ලිමේමෙන්තුව නියෝජනය කරන එජාපෙ මන්ත්‍රිවරු සටනට එක්ව ඇත.

එම සියලුම මන්ත්‍රිවරු දැනට එක්ව ඇත්තේ සජිත් සමඟයි. පළාත් පාලන මන්ත්‍රිවරු රැසක්ද එක්ව ඇත්තේ සජිත් සමඟයි. වජිර අබේවර්ධන මහතාට දැනට රනිල් වෙනුවෙන් ගාල්ලේ මැතිවරණ ආසන 10ට අපේක්ෂකයන් පත් කරන්නට නොහැකි තත්ත්වයක් හමුවේ අයිසේ මම සල්ලි වියදම් කරන්නම් තමුසේ ජන්දය ඉල්ලනවා කියමින් එජාප ප්‍රබලයන්ට වජිර ආරාධනා කර තිබේ.

නමුත්,වජිර සමග රනිල් පරදවන්නට සියලුම බලවේග සකස්කර ඇති බව එජාප ගාල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රිවරු මෙන්ම පළාත් පාලන නියෝජිතයන් මෙන්ම ආසන සංවිධායකයන්ද දැනටම රහසේ සංවිධානය වෙමින් සිටිති.

වජිර අබේවර්ධන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිවරයා කාර්යාලයක් චන්ද කොට්ඨාසයක පවත්වාගෙන යනවා නම් රුපියල් ලක්ෂයක් ලබාදෙන්නට පොරොන්දු වී ඇති බව සමහර එජාප සාමාජිකයෝ පවසති.

මල්ලි වජිරට කාර්යාලය දමලා සජිත්ට ජන්දය දෙනවා. දැන් තියෙන් සල්ලි ගස් සොලවන කොට අවුල ගන්න ජන්දය සජිත්ට දෙන්න රනිල්ට වැඩ කරන බව පෙන්වන්නන්න වැඩ රනිල්ට ජන්දය සජිත්ට යැයි කියින්නේ හබරාදුව එජාප සංවිධායක තාරක නානායක්කාර මහතාය. හෙතෙම සජිත් සමඟ මෙවර මහ මැතිවරණයට සංවිධාන ගත ව ඇත්තේ ජාතික යොවුනු රෙමුනේ ලේකම් වරයා වශයෙනි.දෙස් විදෙස් විශ්ව විද්‍යාල රැසක උපාධි ඇති තාරක නීතිඥයෙක් ලෙස සජිත්ට රටපුරා දැවැන්ත සහයෝගයක් ලබා දෙන්නට දැනටම රැස්විම් පවත්වමින් කටයුතු කරති.

2015 දි සන්ධානයෙන් ගාල්ලෙන් පාර්ලිමේන්තු ගිය  මනුෂ නානායක්කාර හා ගිතාගේ පුරවැසි  තහංචියෙන් මනාප අඩු වී මන්ත්‍රි අසුන යළිත් ලබා ගත් පියසේන ගමගේද,ගණරත්න වීරකෝන්ද සජිත් සමග එක්ව කටයුතු කරන අතර, පළාත් සභාවේ මැති ඇමති කම් දැරු මන්ත්‍රිවරු රැසක්ද, යූ.ජී.ඩී ආරියතිලකද සජිත් සමග එක්ව සිටිති.මේ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ මේදා එජාප සමගි ජනබලවේගයේ මන්ත්‍රි ආසන හතරක් රැක ගන්නට සජිත් පිල කුරුමානම් අල්ලන අතර පොහොට්ටුවේ මන්ත්‍රි ආසන පහක් ලබාගත් හැකි බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිවරු පවසති.

සාන් හිටපු මහ ඇමති රාජපක්ෂ පවුල සමඟ එක්ව මෙම මහ මැතිවරණයට ජන්දය ඉල්ලන්නට කටයුතු කරන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පොහොටුටුවෙන් මහ මැතිවරණයට ඉල්ලා ඇති පිරිස විශාල නිසා නාමයෝජනා ලබා දිමද බරපතල තත්ත්වයක් ඇතිව ඇත.

මේ නිසා ජනපති වරණයට සපුරා වෙනස් වු ජන්ද ප්‍රතිපලයක් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතිව ඇත්තේ නියඟය,කොරෝනා,ජීවන වියදම ආදි ප්‍රශ්ණද රාජ්‍ය සේවකයන්ගේ මනාපයද මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පක්ෂ සන්ධාන බලවේග දෙකටම යම් අභියෝගයක්ව ඇත.

තනියෙන් සටනට එක්ව හුදකලාවු සටනක් දියත් කරන ජවිපෙ මෙවර මන්ත්‍රි ආසනයක් ගාල්ල දිස්ත්‍රික්යෙන් ලබා ගන්නා බවට හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි නලීන් හේවගේ මහතා පවසයි.

මේ අලකලංචි යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩි බලයක් කිසිදු බලවේගයකට ගත නොහැකිව ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්යේ මුස්ලිම් හා වතු ජන්දද රාජපක්ෂ ආණ්ඩුවට ලබා නොදෙන පසුබිමකය. මේ නිසා කරට කර දැවැන්ත සටනක් ගාල්ල දිස්ත්‍රික්යේ 2020 මහ මැතිවරණයේ දි දැකිය හැකිව ඇත. මෙය කාලගුණය මෙන් වෙනස් විය හැකිය. අපි බලා සිටිමු. සිදුවන්නේ කුමක්ද? එය අළු යට ගිනි මෙන් ජන්දයෙන් මනාපයෙන් වැසි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *