2020 ගාලු දිසාවේ බලය කාටද? මහ මැතිවරණ විග්‍රහය

චන්දිම වීරක්කොඩිගේ ආවා මනාප කල්ලිය.ගම්මාන වට කරයි!

තොපිට 05 යි! නෑ යකෝ 6යයි! ගාල්ලේ පොහොට්ටුව ඈයෝ කියති.!

මොන පිස්සුද අපට පහයි.!සජිත්ගේ දුරකතනයේ ඇයෝ කියති.!

එතකොට රනිල්ගේ අලියා අනුරගේ මාලිමාව අපි එතකොට ගොරකා ගෙනාවේම නැන්ද .?

යකෝ 9 යි ගාල්ලේම තියෙන්නේ පල යන්න .මේ ගාල්ලේ කතිර යුද්ධයට මැදිවු ජන්ද උන කාරයෝ මළ ගෙදරක දී වු කතා බහකි.

ගාල්ල කතිර යුද්ධය ශීතල යුද්ධයක් දැක්වා වර්ධනය වෙමින් පවතී.පොහොට්ටුව පහක් මන්ත්‍රි ආසන ගන්නට තැත් කරද්දි දී සමහරු පවසන්නේ 06ක්ම ගන්නා බව අපේක්ෂකයෝද පවසති.

සජිත් ගාල්ලට දුරකතනයෙන් 05 කටම ලන්සු තියයි!

දුරකතනයේ සජිත් පිළ සමගියෙන් යුතුව මැතිවරණ ආසන පහක්ම ගන්නා බව කියයි. එයට සජිත් ගමටම විත් ඇත්තටම දුරකතනයට සවිය දෙන ආකාරයක් දැකිය හැකි විය.

අයිසේ සල්ලි තියනවා ජන්ද මනාප භා ගන්නවා වජිර කියයි!

රනිල්ගේ අලියා හුඳකලා සටනකට ඇඳ දමා ඇති දුරකතන සඟයෝ ආසන බලමණ්ඩල තබන්නට තබා කිසිවෙක් නැතිව දහයකට පහලොවකට සීමා වී අලියා ගාල්ල දිස්ත්‍රික්කයේ අනාතවී ඇති අතර සජිත්ගේ ගෝල බාලයන් බා ගන්නට එන අය එළවා දමන බැව පාක්ෂිකයෝ පවසන බව වජිර අබේවර්ධනට අලි ගාල්ල පක්ෂයේ සංවිධායකවරුන් කියා සිටියේ ය.වජිර එවිට කීවේ අයිසේ සල්ලි දිලා හරි ජන්ද මනාප ටික දමා ගන්න වෙනවා. මම සල්ලි වියදම් කරන්නම් අපිට අයිසේ සල්ලි තියනවා. කියාය.

ජවිපෙ ඇත්තෝ ද හුදකලා සටනකට එක්ව සිටන අතර එවුන් ඉල්ලන්නේ වැඩපිළිබල දිනවන්නට ජන්දය දෙන්න මිස මනාප තරඟයක් ඒ මාලිමා කාරයන්ගේ පැත්තේ නැත. කවදත් ඒ ඇත්තෝ මනාපයට යුද්ධ කළේ නැත. යුද්ධය දියත් කළේද ඒ ජනතාට සෙත සහන සැලසීමට මිස ජන්දයට හෝ මනාපයට සංවිධානගත නොවන මහත්මා දේශපාලනයක රටපුරා මෙන්ම ගාල්ලේද  නිරතව සිටිති.

ගාල්ලේ මන්ත්‍රීවරු කොටස් කර කපා දියවන්නාවට යවන්නට සිදුවෙයි ද?

අපට නැතිනම් මේ ලියමු කරුට ඇති පුදුමය ගාල්ලටම ඇත්තේ මන්ත්‍රි ආසන 09කි. සාර්ගේ පක්ෂයට පහක් නම් සජිත් පුතාණෝට පහක් නම් අලියාට හෝ මාලිමාවටද ජන්ද මනාව ඇත.එවිට මේ පක්ෂ දෙකටත් මන්ත්‍රි ආසන ලැබෙන්නේ නම් මන්ත්‍රි ආසන නවය බෙදන්නේ කෙසේද යන්න ප්‍රශ්ණයකි.

නිවැරදිම අනාවැකිය අනා ගන්නේ නැතිව අපි කියන්නම් හෝදේ?

ජනතාවගේ අතේ සිතේ ඇති ජන්දය මනාපය පිළිබඳව අනාවැකි කියන පක්ෂ අපේක්ෂකයෝ ඒ අනාවැකි කියනා අපේක්ෂකයන්ද පරාජයවන බව දන්නේ ජනතාවයි. පොහොටුවට පහයි දුරකතනයට පහයි. එහෙම බෙදිය හැකි නොවේ.

ජනතා තීන්දුව මෙන්න …..

ආණ්ඩුවේ අයට වෙනදා මෙන් ජනතාවගේ මනාපය අඩුවී ඇත. දුරකතනයේ සජිත් හා රනිල් බෙදීම තුළ මේ අයලුවන්ටද තරමක් පහළ සිට මැතිවරණ සටන දියත් කරන්නට සිදුව ඇත. නමුත් හොට්ටුව හා සජිත්ගේ දූර කතනයට යම් වැඩි බලයක් සම සමව වාගේ ගාල්ලේ දැකිය හැකිය.රනිල්ගේ අලියාද මාලිමාවද සටන නම් අතහැර නැත.

පසුගිය සතියේ සජිත් ගාල්ල හබරාදුවට හා අක්මීමනටද ආවේ තාරක නානායක්කාර ආරාධනයෙනි. ඒ අතර සජිත් තවත් රැස්වීම් කිහිපයක් සංවිධානය කර ගාල්ල දිස්ත්‍රිකකයෝ දුරකතන අපේක්ෂකයන්ට සහයෝගයට ගමින් ගමට යන්නට විය.

සජිත් ප්‍රේමදාස තාරක නානාක්කාර ඉමදුවේ දී පුදුම කරවති.!

තාරකගේද සජිත්ගේද සහයෝගයෙන් ඉමදුව නගරයේ පැවැති රැස්වීමට අනපේක්ෂිත ජනතාවක් එක් වුයේ කෙසේද? තාරක සජිත් පුදුම කළේය. සර් මම 200 කට තමයි සීමා කලේ මැකෝ කියපු නිසා. දැන් බලන්න 1000ක් විතර මෙතන ඉන්නවානේ එක තමයි. පුටුත් මදි උනා. ජනතාව සර් එන නිසා මම සිමා කරපු ආරාධනාවලටත් වැඩිය ඇවිත් තියනවා. මෙහෙම සෙනගක් ඉමදුවේ වෙන මැතිවරණ කාවලදි දැක්කේ නැ. තාරක සජිත්ට කීවේය.

සජිත් තාරකට සහතිකයක් දෙයි!

තාරකට දිනන්න හැකියි. මට ආරංචි හැටියට ගාල්ලෙන් තාරක ඉදිරියෙන් ඉන්නවා. තාරක දිනන්න මම හබරාදුව ගැන බලා ගන්නම් සජිත් තාරකට කීවේය.

ගයන්ත කරුනාතිලක ඇට්ටි හැලෙන්නට සජිත් ඉදිරියේ ඉමදුව ජන හමුවේ දී කතා කළේය. ඉන් පසුව තාරක ආණ්ඩුව පට්ට ගැහුවේ හේම කුමාර පරපුරේ කතිකත්වය තාරකට උපතින්ම ලැබී ඇති බව සජිත් නායක තුමාගේ ඉදිරියේ සපත කරමිනි. ජනතාව තාරකට උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූහ.

සජිත් ගයන්ත මනුෂ පියසේන බන්දුලාල් රහස් කුසු කුසුව කුමක්ද ?

තාරක කතා කරන විට ගයන්ත,මනුෂ,පියසේන ගමගේ වේදිකාවේ සිටිය සජිත් අසලට විත් කසු කුසු ගන්නට වුයේ ය.සජිත්ගේ එක් පසක ගයන්ත වු අතර අනෙක් පස සිටියේ බන්දුලාල් බණ්ඩාරිගොඩය.

පියසේන ගමගේ සජිත් අසල පාත් වි කතා කරන විට මනුෂ වේදිකාවේ ඈත සිට දිවවිත් සජිත් අසල පුටුව අසලටම බිම දන ගෑවෙන ආකාරයට සිටිමින්  කතාවට එක් වුයේ ය. සජිත් කි කතා නිසා සියල්ලෝම සිනා සෙද්දි දී සජිත් සජිත් අපේ මාධ්‍ය සඟයන්ට ශංඥාවක් කරමින් කියා සිටියේ ලස්සන පිංතූරයක් ගන්නා ලෙසයි.

සජිත් ගාල්ල දිස්ත්‍රික්කයේ තොරාගත් ආසන කිහිපයකටම එදින 24 ඊයේ උදේ ගියේ සියලුම ආසන සංවිධායකයන් හා අපේකෂක වරු සමඟයි.

රනිල් ඩීල් කාරයා වජිරත් ඩීල් නන්දසේන සර්ගේ ආණ්ඩුව එක්ක!  අපිත් ඩීල්  ගහනවා ඒ  ජනතාව එක්ක විතරයි සජිත් ප්‍රේමදාස ගාල්ලේ දී කීය.   

සජිත් අල්ලයි සිරිකොතේ නට්ට වජිර කියයි.

සජිත් සිරිකොත අල්ලන්නේ කොහොමද ? සිරිකොතේ සිටිය දීම සිරිකොත අල්ලන්න බැරි සජිත් සිරිකොතෙන් ඉලවා දැම්මට පස්සේ සිරිකොත අල්ලන්නේ කොහොමද කියා වජිර අබේවර්ධන ගාල්ලේ දි කීය.

පසුගිය දා වජිර අබේවර්ධන පළාත් පාලන නියෝජනය කරන එජාප මන්ත්‍රිවරු කැදවුයේ ගාල්ලටයි. පන්සියකට අධික පිරිසකට ආරාධනාකර තිබුන ද පැමිණ සිටියේ තිහකටත් අඩු පිරිසකි.

මම රනිල් වික්‍රමසිංහට මේ බැව කියනවා. වජිර ගාල්ලේ දි කියයි.

මම එක්ක එජාප එක්ක වැඩ කරන්න වෙනවා. පළාත් පාලන නියෝජිතයන්ට නැති නම් තමුන්ගේ මන්ත්‍රික්ම අවෝසි කරනවා. එක පැත්තක කකුල් දෙකම තියා ගන්න. ඒ පැත්තෙයි මේ පැත්තෙයි කැකුල් තියාගෙන වැඩ බෑ. මම ටැලිග්‍රැම් ගැහුවා සමහරු සතයකට මෙය මායිම් කලේ නැ. අවේ නෑ. ඒ අයට මම නායක තුමා රනිල් වික්‍රමසිංහ එක්ක එක්වෙලා බරපතල තින්දුවක් ගන්නවා. එජාප පත්වුනා නම් ඒ අය රනිල් එක්ක ඉන්න වෙනවා. නැති නම් මන්ත්‍රිකම් නැති වෙනවා. වජිර අබේවර්ධන තදින් කියා සිටියේ ය.

චන්දිම වීරක්කොඩිගේ අටේ කල්ලිය ආවා මනාප කල්ලිය මෙන් ගාල්ලේ ගම්මාන වට කරයි!

චන්දිම වීරක්කොඩිගේ අටේ කල්ලියක් ගාල්ල දිස්ත්‍රික්කයේ අටේ කල්ලිය යාපනයේ ආවා කල්ලියට තරම් ගාල්ලේ දැන් ප්‍රබල වි ඇත්තේය. මේයට නායකත්වය දෙන්නේ චන්දිම වීරක්කොඩිගේ පුතා විසින්ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ සෑම ගමකින්ම චන්දිම වීරක්කොඩි තරුණයන් අටක් බදවා ගෙන පුර්ණ කාලිකව චන්දිමට වැඩ කරන කල්ලිය මේ ආකාරයට අටේ කල්ලිය නමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනගත කර ඇත.

මැකෝගේ නීති පෙරක දෝරු චන්දිම වීරක්කොඩිට අදාළම නෑ

අටේ කල්ලිය නම් චන්දිමගේ මනාප අංකයි. මේ අනුව ආවා කල්ලිය මෙන් අංක අට ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන්නේය. පොලිස් නීති රිති හෝ කිසිවක් නොතකා චන්දිම තම බැනර් පෝස්ටර් කටවුට් ගාල්ල දිස්ත්‍රික්කයේ සවි කර ඇත්තේ මැකෝගේ කටවුට් තිනිය නොකවුට් වන තරමටය.චන්දිමට මැකෝගේ තිරන අදාළ නැ කියමින් ගයන්ත කරුණාතිලක ඇල්පිටියේ දි දොසු මුරයක් දැමීය.

මැකෝ කියන විදියටයි මම  වැඩ කරන්නේ ගයන්ත කරුණාතිලක කියයි.

මේ අතර ගයන්ත කරුණාතිලක,දුරකතනය එක්ක සෑම මැතිවරණ කොට්ඨාසයකම ජන හමු පවත්වන්නේ මැකෝගේ නිතියට අනුවයි.මම වැඩ කරන්නේ මැතිවරණ නිති රිති අනුවයි. ගයන්ත කරුණාතිලක කීවේය.

ගාල්ලේ සමගි ජන බල වේගයේ සමගිය දෙදරයි!

මේ අතර තනි මනාපයට ගමන් කරන පිරිසක් නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ දුරකතනයේ සමගිය සමගි ජන බලවේගය හමුවේ සමගි වීම් නැති විමට තරම් උග්‍ර මනාප සටනකට පත්ව ඇත.

මනුෂ නානායක්කාර මට පමණක් තනි මනාපය දිපල්ලා කියමින් ගමින් ගමට යන අතරේ විජේපාල හේටිආරච්චි,බන්දුල ලාල් බණ්ඩාරිගොඩද සෙසු අපේක්ෂකයෝද කරන්නේ තනි මනාපයක් වශයෙන් තම මැතිවරණ ව්‍යාපාරය දියත් කිරිමයි.

සජිත්ගේ ගාල්ල මිතුරා තාරක නානායක්කාර කියන කතාව මෙන්න.  

හේමකුමාර නානායක්කාරගේ පුතා තාරක නානායක්කාර සියලුම ගාල්ල දිස්ත්‍රික් දුරකතන අපේක්ෂකයන් සමඟ එක්ව කටයුතු කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා කියන ආකාරයෙන් බව තාරක කීවේය.තාරක නානායක්කාර මේ වන විට ගම්න් ගමට ගොස් පාක්ෂිකයන් හමුවන්නේය.මට ලොකු ප්‍රතිචාරයක් තියනවා. ගාල්ලේ අලුත් මුහුණකට අවස්ථාවක් තියනවා. මම කාටවත් අරියාදු කරන්නේ නැතිව මම මාගේ මැතිවරණ ව්‍යාපරය දියත් කරනවා.තාරක කිවේය.

ගයන්ත කරුණාතිලකට මළ පනී!

ගයන්ත සමගියෙන් සියල්ල කරගෙන යද්දී සමහර පිරිස් තනියම තනි මනාපය සෙල්ලමට ගොස් ඇති බව ගයන්තට ආරංචි වුයේ බද්දේගම යක්කලමුල්ල පැවැති කොට්ඨාස ජන හමුවක දීය.

මම නම් සියලුම අපේක්ෂකයන්ගේ නම් මනාප අංක කියනවා.ඒ අයට සහයෝගය දෙන්න කියනවා. නමුත් සමහරු තනියම යන්න ගමනක් යන්න හදනවා.මම අවසානය දක්වාම සමගියෙන් යන්න තමයි කටයුතු කරන්නේ මට එහෙම සමගියෙන් යන්න දෙන්නේ නැති නම් මමත් තනියම සටන අරබනවා. නමුත්, මම එහෙම තින්දුවක් ගන්න තවම තිරණය කරලා. නෑ. යක්කල මුල්ලේ පැවැති රැස්විමෙන් අනතුරුව රාත්‍රි ආහාර ගනිමින් ගයන්ත තම හිතවතුන්ට කීය.

ගාල්ලේ පොහොට්ටු අපේක්ෂකයන් මහින්ද රාජපක්ෂ අගමැති කී කතාවට අනුමැතියක් තිබේද? නැද්ද ?

මහින්ද රාජපක්ෂ මහතා කිවේ තිනි මනාපයට ගමන් කරන්න එලා කියා ය. නමුත් ගාල්ලේ සියලුම අපේක්ෂකයෝ පොහොට්ටුවට ගහන්න. ඉතිං ඊට  පස්සේ මට පමනක් මනාපය ගහන්න යැයි කියාගෙන යති.

රමේෂ් පතිරණ,මොහාන් පී ද සිල්වා, ගීතා, දිල්ෂාන් විදානගමගේ, සම්පත් අතුකෝරල, ආදි සියලුම එසේ තනි මනාපයට ගමන් කරද්දි ගාල්ල දිස්ත්‍රික්යේ මනාප යුද්ධය සත්තකින්ම පොහොටුවේ කතිර යුද්ධයක් දක්වා වර්ධනය වී ඇති බැව් සම්පත් අතුකොරල කීවේය.මම මහින්දගේ ගාළු පුතා මම මේ සමබන්ධයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමාට කියනවා.

ගාල්ල දිස්ත්‍රික් නායක රමේෂ් පතිරණ එළි පිටම ජන්දිමට හා ශාන්ට තලයි!

රමේෂ් හා චන්දිම ශාන් විජය ලාල්ද සිල්වා යන පිරිස තනි මනාපයට යන අතර චන්දිමට දෙන්ම එපා. ශාන් ගැන විස්වාසයක් නැ යැයි රමේෂ් පතිරණ ප්‍රසිද්ධියේම කියන්නේ මේ අය දිනුවත් සජිත් ගාවට පනිනවා කියමිනි. මේ නිසා ගාල්ල දිස්ත්‍රික්යේ පොහොටුවේ මනාපය දැන් අරගලයක් දක්වා වර්ධනය වී ඇත්තේය.

මාලිමාවේ කප්පිතෝ මනාප යුද්ධයට නොයයි. ජන්දය ජනගත කරන්නට සැරසෙති.!

මාලිමා කාරයන් වන ජවිපෙ නලීන් හේවගේ මහතා ප්‍රමුඛ ජවිපෙ සහෝදරයෝ මනාපය පසකට දමා ජන්දය මුල් නැනට දී ජන හමු පවත් වන්නේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලවලට මැකෝගේ පිංතූර ගහයි!

හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ සජිත්ගේ හොඳම මිතුරා තාරක නානායක්කාර හරි අපුරු යෝජනාවක් සිදු කරන්නේය.දැන් කාර්යාලවලවත් අපේක්ෂකයන්ගේ නම් පිංතුර ගහන්ට නොහැකි නම් අපි මෙහෙම කරමු. මැකෝගේ පිංතුරය ගහලා. සමගි ජන වේගය කියා ලියා මගේ මනාප අංක හය ගහලා දුරකතනය ලකුණ ගහමු. එතකොට මැකෝගේ නිති යට අපි වැඩ කරලා තියනවා කියා කියමු. නැතිනම් අපි කොහාමද මැතිවරණය සිදු කරන්නේ. තාරක කීය.

ගාල්ලේ ජන්ද මල්ලක් ජන්ද දායකයන්ට දෙයි!

මේ සියල්ලම සිදු වුන අතරේ තම ජන්ද ප්‍රචාරක කටයුතු සිදු කරන්නට අමුතුම තාලයේ දේ ජන්ද දායකයන්ට ලබාදෙන්නට ගාල්ලේ සියලුම අපේක්ෂකයෝ කටයුත කරන සෙයක් දැකිය හැකිය.

පෑන්,ගෙනි පෙට්ටි,කී ටැක්,ආගම්ක ලාංචන,කුඩාවට සකස් කල ස්ටීකර් මෙන්ම අපේකෂකයාගේ පක්ෂය අංකය  නම සහිතව මල්ලක් ද මේ දිනවල දි ගාල්ල දිස්ත්‍රික්යේ ජන්ද දායකයන්ට බෙදා දෙන ආකාරයක් දැකිය හැකිය.

 ගාල්ලේ ජන්ද අපේක්ෂකයෝ දෙන මල්ලේ අඩුම තරමින් හිලක්වත් නෑ මල්ල හිස්

හිස් මල්ලක් නම් එවා ඒකට බඩු දමලා දන්නොත් තමයි ජන්දය දෙන්නේ යැයි හිස් මල්ල පෙන්වමින් ගාල්ලේ ජන්ද දායකයෙක් අප සමග කීය.     

Leave a Reply

Your email address will not be published. Required fields are marked *