අම්බලන්ගොඩ පරිසරය වනසන ගමේ ආණ්ඩුවේ මැර දේශපාලකයා කවුද ???

පොහොට්ටු උප සභාපති දැන් සිය මැර බලය යොදවා

අම්බලන්ගොඩ මාදම්පාවිල වනජීවි කලාපයට අයත් තල්ගස්ගොඩ පාලම අසල සිට කරන්දෙනිය දෙසට ඇති අතිශය සංවේදී පරිසර කලාපය වන ගංඉවුර ආශ්‍රිත ස්වාභාවික කඩොලාන ශාඛ පද්ධතිය විනාශ කර තෙත්බිමේ පාත්ති කපා කුරුදු සිටුවා ඇති අතර, තල්ගස්ගොඩ ඩිපෝ හන්දිය සිට පල්ලේතොට හන්දිය තෙක් කුඹුරු ඉඩම් තීරය ගොඩකර අනවසර ඉදිකිරීම් සිදුකර ඇති අතර මෙයට අනුග්‍රහය දෙන වනජීවි නිලධාරීන මොවුන්ගේ කුඹුරු ඉඩම් කොල්ලකෑමට ඉඩකඩ සලසමින් වනජීවි කලාප මායිම් ගල් භූමියේ සවි නොකර ගොඩ ගසා තබා, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමද උල්ලංඝනය කර ඇත.

එසේම, වනජීවි කලාපයට අයත් නොවන කුඹුරු ඉඩම් වනජීවි කලාපයට අයත් බවට ව්‍යාජ ලෙස දන්වා පාරම්පරික කුඹුරු ඉඩම් වල ගොවිතැන් වලක්වා එ්වා පුරන්වීමට හා අයිතිකරුවන් හට එම ඉඩම් අත්හැරීමට යොමුකර ඉඩම් කොල්ලකරුවන් හට එවා ගොඩකිරීමට සහ අත්පත්කර ගැනීමට වනජීවි නිලධාරීන් විසින් අනුග්‍රහය සලසා දී තිබේ.

⁣එදා බුද්ධිමතුන්ගේ පුරය ලෙස හැඳින්වූ අම්බලන්ගොඩ නගරයට ඈඳූ තල්ගස්ගොඩ ග්‍රාමය නියෝජනය කර අම්බලන්ගොඩ නගර සභාවේ උපසභාපති වී සිටින වැල්ල⁣ගේ කමල් සිල්වා සහ ඔහුගේ මැර සොයුරු ඩෙන්සිල් ඇතුළු සහචරයන් විසින් මෙම රජය පත්වීමට පෙර ගොවි සංවිධානයේ බලය ලබාගෙන කූඹුරු වගාව හා කුඹුරු විනාශය ට කටයුතු කරන ලදි. ඒ අනුව පුරන් කුඹුරු පෙන්වා ඇල මාර්ග ගැඹුරු කිරීමේ ව්‍යාජ සංවර්ධන යෝජනා මගින් කොන්ත්‍රාත් ලබාගෙන රජයේ මුදල් ගසා කෑමත්, පිටවාන් කඩා දමමින් කුඹුරු වලට ජලය ගැනීම වලකාලීම මගින් වගාකල කූඹුරුත් වගාකිරීමට නොහැකි කරවන ලදි.

වනජීවි නිලධාරීන් නිහඩව සිටීම නිසා ජනතාවට සැකයක්

මෙම පුද්ගලයන් වනජීවි කලාපය තුල හා ඉන් පිටතද කුඹුරු ගොඩකිරීම ගැන, ඇල මාර්ග විනාශ කිරීමට එරෙහිව කටයුතු නොකරන ප්‍රදේශයේ ග්‍රාම, ගොවිජන, වාරිමාර්ග සහ වනජීවි නිලධාරීන් ගේ දූෂිත ක්‍රියාකලාපය තුළින් මහජනතාව බලවත් අපහසුතාවයට පත්ව සිටිති.

තල්ගස්ගොඩ ක්‍රිඩාංගනය ගොඩකිරීම මුවාවෙන් ඊට පහලින් පිහිටි කූඹුරු යායට පස්දමා ගොඩකර බලහත්කාරයෙන් අත්පත්කරගැනීමට ගොස්, එම කූඹුරු හිමියාගෙන් උදලු පාරක් කා ⁣රෝහල්ගත වී පොලිසියට අනිසි බලපෑම් කිරීමට ගොස් පීචං වී සිටින මේ පොහොට්ටු උප සභාපති දැන් සිය මැර බලය යොදවා තල්ගස්ගොඩ ගොවි සංවිධානයේ බලය ලබා ගැනීමට ද තැත්කරයි.

තල්ගස්ගොඩ ගොවි සංවිධානයේ වත්මන් නිලධාරීන් විසින් රජයේ පුරන් කූඹුරු නැවත වගා කීරීමට බලවත් උවමනාවකින් හා කැපවීමෙන් කටයුතු කිරීම ඉඩම් කොල්ලකාර පොහොට්ටු මැර දේශපාලුවාගේ අභිලාෂයන් ට විරුද්ධ බැවින් මැර බලය යොදවා හෝ ගොවි සංවිධානය හි බලය නැවත ලබාගන්නා බවට පුරසාරම් දොඩවමින් සිටී.

LankaEnews>>>>>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *