දකුණ උඩි යටිකුරු කරන මනාප රැල්ල කාටද?? දකුණේ කේලමා කියයි

දකුණ පොහොට්ටුවට බරයි!! ජවිපෙට තුනයි!! වැඩි මනාප මාතර බුධිකට

දිනන මැතිවරණ සටනේ ගාල්ල, මාතර, හම්බන්තොට මක්කැයි මේ මනාප අමනාප කුලප්පුව ……!

ගාල්ල දිස්ත්‍රික්කයේ මෙවර මහ මැතිවරණයේ දී පෝන් කාරයෝද,පොහොට්ටු කාරයෝද මාලිමා සහෝදරයෝද, සද්ධන්ත කුලයේ අලි කලප්පුවද එක්ව ජන්ද සටනට මනාප සටනට එක්ව ඇත්තේය.මනාප හා ජන්දය දෝලනය වෙමින් පවති.

මෙදා මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ දුරස්ත පාලකය ජවිපෙ ගනීද! සහෝදරයා..!

ගාල්ලේ මාලිමාවට ගාල්ලෙන් මෙන්ම ලංකාවෙන්ම මෙවර යම් වැඩි ආසන ප්‍රමාණයක් හිමිවන බව කියන්නේ ගාල්ලේ බුද්ධිමත් ජන්ද දායකයෝය.සමහර විට රිමෝටි කොන්රෝල් එක වාගේ මාලිමාව මේදා මහ මැතිවරනයේ දී පාර්ලිමේන්තුවට යම් ජවයක් දෙයි රටපුරා ජනතාව කියන්නාහුය.

2020 මහ මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ජවිපෙ මන්ත්‍රි ආසනයක්…..!

මාලිමාවේ ගාල්ලේ නායක නලීන් හේවගේ ගාල්ල දිස්ත්‍රික්යේ කුඩා වතු රැස්වීම් රැසක් අමතමින් සටන් සගයක් එක් කරමින් ගාල්ලෙන් මාලිමාවට අසුනක් ගන්නට අරගලයක් කරති. වෙනදාට වඩා මාලිමාවට ජන්ද දායකයන්ගේ කැමැත්ත වැඩි වෙමින් පවතින බව නලීන් හේවගේ කීවේ ය. ගාල්ලේ බුද්ධිමත් ජනතාව අපේ මාලිමාවය ජන්දය දෙනවා. මම ඇතුළු අපේ ලංකාවේම අපේක්ෂකයෝ වැඩි පිරිසක් උපාධිධාරින් මේ නිසා ජනතාව මේ පාලයකයන්ට හොඳ පාඩමක් උගන්නනවා.මාලිමාවට වැඩි බලයක් දෙනවා නලීන් හේවගේ ප්‍රචාරක රැස්විම්වල දි කීවේය.

තාරක නානායක්කාරගේ ගාලු තරුව මහ මැතිවරණයෙන් පසුව රටපුරාව බබලයි!

තාරක නානායක්කාර පෝන් එකේ සජිත්ගේ ලංකාවේම තරුණ සංවිධානයේ කටයුතු කරට අරං කටයුතු කරන තාරක හරි අපුරු වැඩ සටහනක් දියත් කළේය. එය සත්තකින්ම රටටම අගනේය. තාරක නානායක්කාර ගාළු තරුව නමින් මෙය නම් කර ඇත. ගාල්ලේ මැතිවරණ ආසන 10 තුළම සිදු කරන මෙම ගාළු තුරුව වැඩ සටහනට කුළුඳුල් ජන්ද එක්කරමින් මහා දැවැන්ත සංවිධානයක් ගොඩ නගංනට තාරක කටයුතු කරති.

තාරක නානායක්කාරගේ ගාලු තරුළුට නවක තරුණ තරුණියන් 10,000ක් එක්වෙයි!

ගාල්ලේ සෑම මැතිවරණ ‍කොට්ඨාසයකම නවක ජන්දයට හිමිකම් කියන නවක තරුණ පිරිස් එක් මැතිවරණ කොට්ඨාසයකට දහස බැගින් එක්කර සජිත් සමඟ තාරක නම් වු වැඩ සටහනට ගාල්ල දිස්ත්‍රික්යේ තරුණ තරුණියන්ගේ ආකර්ශනය දිනා ගන්නට සමත්ව තිබේ.තාරක නානායක්කාර පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් දස දහසගේ (10, 000) තරුණ බලාපොරොත්තු එක් කොට එක්ව ඉදිරියට ගමන් කරන්නට මේ මගින් හැකියාව ඇති බවය.

සජිත් ප්‍රේමදාසගෙන් තාරක නානායක්කාරට හදිසි දුරකථන ඇමතුවක් !@! මක්කැයි දොඩලා ඇත්තේ……!###@ 

උපාධිධාරියෙක් ලෙස ද,නීතිඥයෙක් මෙන්ම ගාල්ල දිස්ත්‍රික්යේ අපේක්ෂකයන් අතරිත් ලාබාලතම අපේක්ෂකයා වු තාරක සිදු කරන කටයුත්ත පිළිබඳව සජිත් ප්‍රේමදාසට දැනගත හැකි වුයේය. ….. තාරක ඔයා කරන වැඩේ හරියට හරි රටට ඕන තරුණ පිරිස මේ ආකාරයට එක් කරලා ඒ අයගේ සිතුම් පැතුම් අවබෝධකරගෙන රටට උපමනා වු ආකාරයට බුද්ධිමත්ව හිතන්න හැකි පිරිසක් ගොඩනගංන්ට මේ වැඩ සටහන මගින් හැකියාව  තියනවා. මැතිවරණයෙන් පසුව ගාල්ල දිස්ත්‍රික්යේ වාගේම ලංකාවේම සියලුම දිස්ත්‍රික්වල මේ වැඩේ කරන්න මම තාරකට අවශ්‍ය පහසුකම් දෙනවා.සජිත් තාරකට කීවේ තාරක කොහොමත් දිනනවා දිනලා එන්න මම තාරකට අවශ්‍ය පහසුකම් දෙන බව සජිත් තාරක නානායක්කාරට කීවේ හදිසි දුරකතන ඇමතුමක් තාරකගේ දුරකතනයට ගැනීමෙන් පසුවයි.

කොරෝනා අස්සේ මනාප පොරය කොර ගහයි!

දකුණේ ඡන්දයේ මනාප පොරය එන්න එන්නම වැඩි වෙද්දී රටපුරා කොරෝනා  රෝගීන් ගේ වැඩිවීමක් ද දක්නට ලැබේ. කෙසේ නමුත් රජය එය යම් පාලනයකින් මේ වන විට පවත්වා ගෙන යනු පෙනේ. මහ මැතිවරණ උණුසුමෙන් දකුණ ගිණියම් වෙමින් ඇත්තේ පක්ෂ වලටත් වඩා මනාප පොරය නිසාමය. එකම පක්ෂයේ වුවද මනාපය සඳහා කැපිලි කෙටිලිවලින්ද අඩුවක්  නැත. මෙවර මහ මැතිවරණයේ දී දේශපාලන පිල් මාරු මෙන්ම ඉවත්වීම් ද දකුණෙන් දක්නට ලැබිණි.

හම්බන්තොට මනාප පොරය කුකුළ් පොරයක් නොවේයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පොඩි මන්ත්‍රි ඈයෝ රෑට රෑට හොර රහසේ චන්දිම වීරක්කොඩිගේ ගේ ගෙදර රිංගා ඩීල් දමන්නේ ඇයි!

ගාල්ලේ මන්ත්‍රී පොඩීඩෝ දවල්ට බොරුවට පොහොට්ටු අපේක්ෂකයන්ට වැඩ රෑට රැට රූට රූට  චන්දිම වීරක්කොඩිගේ ගෙදරට හා ශාන් විජලාල්ද සිල්වාගේ ගෙදරට ගාටන්නේ හොර රහසේය. චන්දිම සර් සර් ගිය වතාවෙත් ගාල්ලෙන් වැඩිම මනාප ගත්තා අපි දන්නවා මේ වරත් චන්දිම සර් තමයි ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගන්නේ අපි සර්ගේ මනාපය බිත්තර වි වාගේ තියාගෙන සිටිනවා සර්ට අපි මනාප ටික හදා දෙනවා සර් අපිට විස්වාසයි.  

සමස්තයක් වශයෙන් හම්බන්තොට මනාප පොරය එලි පිට ප්‍රශ්න නොමැති වුවද මාතර හා ගාල්ලේ තත්ත්වය එලිපිටම පෙනෙන්නට ඇත. ගාල්ලේ පෙහොට්ටුවේ ෂාන් හා චන්දිම තම මැතිවරණ ව්‍යාපාරය මේ වන විට සාර්ථක කර ගනිමින් පවතින අතර තුර ඔවුන් දෙදෙනාටම තම පක්ෂයේම විරුද්ධවාදීන්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වෙමින් පවතී.  චන්දිම යණු හිටපු ශ්‍රී.ල.නි.ප හබරාදුව සංවිධායකවරයාය. 2015 මැතිවරණයේ දී ගාල්ලේ ප්‍රථමයා වු සන්ධානයේ ප්‍රථමයා වු චන්දිම හවුල් ආණ්ඩුවේ ඇමතිදුරයක් භාර ගත්තේ එවකට ශ්‍රීලනිප සියළු මන්ත්‍රීවරුන් කැඳවා ඒ සඳහා අවසරයක් ද ලබා ගනිමිනි. චන්දිම ඛනිජ තෙල් ඇමතිවරයා ලෙස වැඩභාර ගැනීමට ද එවකට හබරාදුව, ඉමදුව මන්ත්‍රීවරුන් මෙන්ම අද ගාල්ල දිස්ත්‍රික් පොහොට්ටුවේ නායක රමේෂ්, මොහාන් ඇතුළු අය ද සහභාගී විය. ඒ කෙසේ වුවද මෙවර මැතිවරණයේ දී හබරාදුව සහ ඉමදුව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සියළු දෙනා චන්දිමට සහය හොර රහසේ දක්වන්නේය.

දක්ෂ ඇමතිවරයෙකු මෙන්ම සංවිධායකවරයෙක් ද වන චන්දිම ද වැඩේ අතහැර නැති අතර ගාල්ලේ ඡන්ද සටනේ ඉදිරි ස්ථානයක සිටිමින් ඔහු මේ වන විට සිය මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යයි.   

ජනපති හදිස්සියේම ගාල්ලට ආවේ ඇයි!

මේ අතර ජනපති හා අගමැති දිවයින පුරාම දිස්ත්‍රික්ක වල පොහාට්ටුවේ සියළු අපේකෂකයන්ගේ එක් රැස්වීමක් සදහා සහභාගීවීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව 2020.07. 23 දින ගාල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටු අපේක්ෂකයන් හමු සදහා ජනපති පැමිණීයේ ය.මාතර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ අපේක්ෂකයින් 10 දෙනාගෙම රැස්විම් සදහා අගමැතිවරයා පසුගිය සති අන්තයේ දී සහභාගී විය.

ගාල්ලේ තුරුන ජන්ද මේවර කාටද කියව්ලාම බලපල්ලාකො….

ගාල්ල දිස්ත්‍රික්කයේ සමගි ජන බලාවේගයේ තාරක නානායක්කාරට ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස දහයේම සහයෝගය තාරක ලැබෙන බව ගමින් ගමට ගොස් තාරක කාටවත් හානි නොවන පරිදි මනාප එකතු කරන්නේය. මේවන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිරියෙන්ම සමගි ජන බලවේගයේ ඉදිරියෙන්ම සිටින්නේ ගයන්තටත් වඩා මේවන විට තාරක ට මානාප හිමිවන තත්ත්වයක් දැකින්නට ඇත.තාරක නානායක්කාරට තරුණ තරුණියන් වශිවෙයි. තාරක අයියාට තවම 34 යි. අපේ මානාපය තාරක නානායක්කාරට පමණමයි ගාල්ලේ කොල්ලේ කෙල්ලෝ තාරකගේ මුනටම කීවේය.

රාජපක්ෂලා අව පක්ෂයේ සඳ මෙන්  පිරිහෙන කුණු කුජීතවන යුගය උදා වෙනවා.මේවර මැතිවරණයෙන් එය ජනතාව ඔප්පු කරන බවත් මම කියන්න කැමැති යැයි,මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර මහතා පැවසීය. 

පුරාවස්තු විනාශ කරමින් තම ජන්ද දායකයන්ගේ මනදොල පිනවන්ට කටයුතු කරන රාජපක්ෂවරු මහ ලොකුවට ආගම සංස්කෘතිය ඉතිහාසය ගැන බොරුවට කතා කරනවා.රාජපක්ෂ මහ රජාණෝ බුවනෙක බාහු රජුගේ රාජසභාව කඩා බිමට සමතලා කරලා ඒ වැරැද්ද යට ගහන්න කොමිසම් පත් කරනවා. මේවා ජනතාව දන්නවා.හැමදාමත් ජනතාව රැවටවු රාජපක්ෂ පවුල් වවුල් පාලකයෝ මේදා රටේ සංස්කෘතිය ද, පුරාවස්තුද විනාශ කරනවා.මේ ගැන ජනතාව කතා කරනවා. මේවාට පිළිතුරු දෙන්නට ජනතාව රාජපක්ෂ වරුන් පලවා හරින්නට මේදා මැතිවරණයේ දී කටයුතු කරනවා යැයි හේමකුමාර නානායක්කාර කීය.

මව්බිම ජනතා පක්ෂයේ නායක සජිත් සමග එක්වෙයි! උවමනා විදියට කපලා කොටලා ගන්න ! හේමකුමාර නානායක්කාර ගාල්ලේ දී මාධ්‍යයට කියයි!

මම අද තාරකගේ තරුණ වැඩ මුළුවට ආවා. කළු පාට කමසියක් ඇඳගෙන මේ කිට් එක හොදද මන්දා මම ඔයිස් කට් එකක් දෙන්නම් මගේ කොණ්ඩේ නම් සුදු පාටයි. කමක් නැනේ මෙහෙමු හොදයිනේ කියමින් හේමකුමාර නානායක්කාර විහිළුවක්ද කරමින් මාධ්‍ය වේදීන්ට ඔයිස් කට් එකක් දුන්නේ උවමනා විදියට කපාලා කොටලා ගන්න යැයි කියමිනි.

මාතර අගමැතිගේ බෑණාට අගමැතිගේ ජනපතිගේ සහයෝගය වැඩි නිසා මාතර පොහොට්ටු අපේක්ෂකයෝ කළ කිරිලා මැක්කයි රාජපක්ෂවරු දොඩංනේ… මේ දෑස මැක්කැටද මල්ලි ….

මාතර දිස්ත්‍රික්කය සදහා පොහොට්ටුවෙන් තරග වදින  නවක තරුණයා වන නිපුණ රණවක  සමග පොහොට්ටුවේ ඇතැම් අපේක්ෂකයින් එතරම් ඇයි හොදැයියක් නැත. නිපුණ  යනු අගමැතිවරයාගේ බෑනාය.  

ගාල්ලේ දුරකථනයේ මනුෂගේ පාන් පිටි  ගෑම් 500 ය. අපි මනාප හිඟමනේ යන ගමන් …. පොලුයි රොටියි කමුකෝ රත්තරං…

ගාල්ලේ මනුෂ නානායක්කාර ගාල්ල ආසනයේ මනාපයක් තාරක නානායක්කාරට දෙන්නම කියති.මේ අතර මනුෂ පාන් පිටි ගැම්ස් 500 ක් දෙන ආකාරයක් දැකිය හැකිය. ඒ තම කොල පත්‍රිකා සමග පාප්ප සකස්කරන්නට පාන් පිටි ගැමස් 500 ක්ද මල්ලක දමා බෙදා දෙන ආකාරයක් දැක ගත හැකිය. පෝස්ටර් ඇලවිම කොයිහැටි වෙතත් පොල් බෑයක් දමලා රොටි තුන හතරක් හදාගෙන රොට් කා… කකා අපි තාරකටයි මනුෂටයි නැන්නසින් යනවා යැයි හබරාදුවේ කැන්නසින් යන තරුණ පිරිසක් කීවේ සිනා සෙමෙනි.

ගාල්ලේ මුස්ලිම් ජන්ද අලියාටත් නැ.පොහොටුවටත් නැ දුරකථනයට පමණයි මුස්ලිම් අපේක්ෂකයෝ කියයි.

දුරකතනයෙන් ගාල්ලේ වජිරට ඇට්ටි හැලෙන්නට බැටේ දෙන බව සමගි ජන බලවේගයේ ගාල්ලේ එකම මුස්ලිම් කියාස් හුසෙන්ස් අපේක්ෂකාය කියයි.ඔහු කියන්නේ වජිර තරම් කපටියෙක් කපටි නරි අලියෙක් ලංකාවේම නැති බවයි. මේ කපටි නරියා මේදා ගෙදර යවනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල ආසනයෙන් වජිර ගෙදර යවනවා මුස්ලිම් ජන්ද  කිසිවක් දෙන්නේ නෑ.

සනත් ජයසුරිය තාරක නානායක්කාරගේ මනාප අංක 06ට දැවැන්ත හයක් ගසයි!

පොහොට්ටුවේ අපේක්ෂකයින් අතර ඇතිවි තිබෙන මේ අසමගිකම් නැති කිරිමට අගමැතිවරයාට ද අවශ්‍ය විය. අගමැතිවරයා ගිය සතියේ මාතර පැවති රැස්විම්වලට සහභාගිවි දහවල් ආහාරය ගැනිම සදහා පැමිණියේ  දෙනියායේ පිහිටි නිපුන රණවකගේ නිවසටය. සනත් ජයසුරිය,අරුණ ගුණරත්න ඇතුළු පිරිසක්ද නිපුණගේ  නිවසට පැමිණ සිටියහ. දිවා ආහාරය ගැනිමෙන් පසු  ඇගමැතිවරයා නිපුණ විසින් සංවිධානය කරණු ලැබු දෙනියායේ පැවති රැස්විමට සහභාගිවිය. දෙනියායේ රැස්විමට නිපුණට සහයෝගය ලබාදිම සදහා මහ පිරිසක් එක්ව සිටියහ. නිපුණ රණවක පැරිෂුට්  අපේක්ෂකයකු බවට ද ඇතමුන් චෝදනා කරති. 

මහින්ද රාජපක්ෂගේ නිහතමානි බෑණා කව්ද බොලව් !

නිපුණට නාම යෝජනා ලබාදිමට හේතුවු කරුණු මෙහිදි අගමැතිවරයා පැහැදිලි කළේය. නිපුණ තමයි අපේ පවුලේ නිහතමානිම බෑනා. පසුගිය කාලයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බිහිකරන්න නිපුණ රණවක බැසිල් මහත්තයා සමග දිවා රැ නොබලා  වැඩ කලා. මගේ නංගිගේ පුතා නිසාම නෙවෙයි නිපුණට නාම යෝජනා ලබා දුන්නේ ඔහු කළ කැපකිරිමටයි අගමැතිවරයා  මෙහිදි සිහිපත් කළේය.

මාතර වීරසුමන වීරසිංහගේ රැළියට මහින්ද රාජපක්ෂ යයි ද නොයයිද  !

මෙම රැස්විමෙන් පසු අගමැතිවරයා නිපුණ සිය නිල රථයේ නංවාගෙන  විරසුමන විරසිංහ විසින් සංවිධානය කළ පිටබැද්දර රැස්වීමට පැමිණියේය. නිපුනගේ හා වීරසුමන ගේ පාක්ශිකයින් එදා සිටම එතරම් ඇයි හොදයියක් නොමැති අතර නිපුන අගමැති වරයා සමඟින් පිටබැද්දර වීරසුමනගේ රැස්වීමට පැමිණෙමින් සිටින බව වීරසුමනට මෙන්ම වීරසුමන ගේ පාක්ෂිකයින්ට ද ආරංචි විය.

නිපුන එනවා නම් අපි යනවා මෙහෙම ගියේ කව්ද යකෝ…!

මන්ත්‍රීතුමා එයා එනවා නම් අපි යනවා. අපි ට බෑ එයා එක්ක මෙතන ඉන්න. අනිත් එක කිව්වා නේද දිස්ත්‍රික් නායකයා විතරයි එනවා නම් එන්නේ කියලා. ඇයි මේ දැන් අනිත් අපේක්ෂකයින් එන්නේ. වීරසුමනගේ පාක්ෂිකයින් සිය විරෝධය දක්වන්නට විය. එන පොට හොද නැති බව වීරසුමනට ද තේරිණි. හරි දැන් එන්නේ අගමැතිතුමා එක්ක නේ. මෙතන මොකක් හරි වුනොත් ඒක අගමැති තුමාට හොද නෑ. අපේ පක්ෂයටත් හොද නෑ. ඒ නිසා කලබල කරන්න එපා. වීරසුමන ගේ ඉල්ලීම විය. කෙසේ නමුත් ඒ සදහා පැමිණ සිටි විශාල පිරිස එම තත්ත්වය පිළිගන්නාද  බවක් පෙනුනේ නැත.  ඔවුන් නිපුන ගේ පැමිණීම සම්බන්ධයෙන් දිගින් දිගටම විරුද්ධ වන්නට විය. වීරසුමන සිය හිතවත්ම පාක්ෂිකයින් කැදවා ඔවුන් පිරිස අතරට යැවුවේ හදිසි තත්ත්වයක් වුවහොත් බේරා ගැනීම සදහාය. කෙසේ නමුත් අගමැති මහින්ද වීරසුමන සම්බන්ධයෙන් හොද සහතිකයක් දෙමින් සිය කතාව කලේ ඉදිරි පාර්ලිමේන්තුවක වීරසුමනට කොමියුනිස්ට් පක්ෂයේ ඇමති කම ලැබෙන බව ද ඉඟිකරමිනි. වීරසුමන ද සිය කතාවේ දී තමා කර කැපවීම් සම්බන්ධයෙන් අගමැති මහින්ද ඉදිරියේ ම කියන්නට විය.

නිපුනට මාතරින් නිපුනත්වයක් නැතිවේ යන යන හැම තනම ජනතාව විරෝධය දක්වති.!

අගමැතිතුමනි,මම ඇමති කමක් අතහැරලා විපක්ෂයේ දේශපාලනය කරේ ඒ රට වෙනුවෙන් ලෙස කියමින් වීරසුමන ද සැර කතාවක් කලේය. පසුව අකුරැස්සේ පැවති කරුණා කොඩිතුවක්කුගේ රැස්වීමට ද අගමැතිවරයා නිපුන සමඟින් පැමිණ තිබු අතර එහි දී කරුණා කොඩිතුවක්කු ගේ පාක්ෂිකයින් ගෙන් ද ඒ සදහා විරෝධය  දැක් වුහ.

සජිත් මාතරට මංගලගේ බර ගල බුද්දිකට හා ගලප්පත්ති අතට ගනී!

මේ   අතර සමගිජන බලවේගයේ අපේක්ෂකයින්ගේ ජයතහවුරු කිරිම සදහා මාතර දිස්ත්‍රික්කයේ පැවති රැස්විම් මාලාවකට  සජිත්  එක්විය.

මංගල සමරවිර හිටපු ඇමතිවරයා ඉල්ලා අස්විමත් සමග ඒ සියලු බරකරට  ගෙන සමගි ජන බලවේගයේ  මාතර දිස්ත්‍රික්කයේ මැතිවරන සටන  ‍ මෙහෙයවිමේ බරකරට ගෙන ඇත්තේ මන්ත්‍රී බුද්ධික පතිරණ හා චතුර ගලප්පත්ති ය. සජිත් මාතර දිස්ත්‍රික්කයේ පැවති රැස්විම් මාලාවකට එක්ව සිටි අතර ඔහු පළමුව මන්ත්‍රී  බුද්ධික  විසින් අකුරැස්සේ පැවති රැස්විමට එක්විය. චතුර ගලප්පත්ති සංවිධනය කළ රැස්විමට සජිත් ප්‍රේමදාසයන් පැමිණෙන විට  රැ බෝවි තිබුණි. චතුර  විසින් සංවිධනය කළ රැස්විම ඉතා සාර්ථක රැස්විමක් විය. චතුර අනිවාර්යෙන්ම මෙවර පාර්ලිමෙන්තුවට තේරිපත් වෙනවා. ඒ ගැන කථා දෙකක් නැහැ චතුර ගැන සදහන් කරමින් සජිත් කීවේය.

ගාල්ලට යළිත් පැමිණි සජිත් සජිත් සජිත්…..

ගාල්ල නගරයේ ව්‍යාපාරිකයින් විසින් සංවිධානය කළ ව්‍යාපාරික  හමුවකටද සජිත් ප්‍රේමදාස එක්විය. ගාල්ලේ සුපිරි හෝටලයක මෙම ව්‍යාපාරික හමුව  පැවති අතර ව්‍යාපාරිකයින්ගේ ගැටඵ ගැනද මෙහිදි සජිත් කථාබස් කළේය. පක්ෂ විපක්ෂ සියළු ව්‍යාපාරිකයින් මේ සදහා කැදවා තිබු අතර ගාල්ලේ බොහෝ ව්‍යාපාරිකයින් මේ සදහා එක්ව සිටීම විශේෂත්වයක් විය.  මනාප පොරයක් තිබුණ ද එය මතුපිටින් නොපෙන්වා  තාරක නානායක්කාර,විජේපාල,ගයන්ත,මනුෂ,පියසේන ගමගේ,බන්දුලාල් යන අපේක්ෂකයින් විහිළු තහලු කරමින්  ඉතා සැහැල්ලුවෙන් මෙම රැස්විමට එක්ව සිටියේය. සමඟි ජන බලවේගයේ නායක සජිත් ද ඔවුන් සමඟ විහිළුතහලු කරමින් ඉතා සැහැල්ලුවෙන් සිටිනු දක්නට ලැබිණි. 

මාතර මංගල ගාල්ලේ බෙනට් මක්කැයි දොඩංනේ….මාතර පොඩි කඩේ ප්‍රියන්ත කඩේ යයි!

සමඟි ජන බලවේගයේ මාතර දිස්තක්‍රික් නායක හිටපු ඇමති මංගල මැතිවරණය ආරම්භයත් සමඟින් මැතිවරණ සටනින් ඉවත් වු අතර පසුව ගාල්ලෙන් බෙනට් පොහොට්ටුව  හා එක්විය. පසුගිය සතියේ විශේෂත්වය වුයේ මාතර එජාපයේ ප්‍රබල චරිතයක් වු පොඩි කඩේ ප්‍රියන්ත ද පොහොට්ටුව සමඟ එක් වීමයි. පසුගිය පළාත් සභාවේ ආණ්ඩුව දැඩි ලෙස ප්‍රහාර එල්ල කර ප්‍රියන්ත පසුගිය එජාප ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් දකුණු පළාත් සභාවේ සභාව පැවැත්වෙන අතර තුර සෙන්කෝලය ඔසවාගෙන ගොස් සිය මන්ත්‍රී වැටුප් පවා මාස කිහිපයකට අහිමිකර ගත් එජාපයේ ප්‍රබලයෙකි. කෙසේ වුව ද පසුගිය කාලය තුල ප්‍රියන්ත සිටියේ දැඩි කනස්සල්ලෙනි. හිටපු ඇමති සාගල අමාරු අවස්ථාවේ එජාප ලයිස්තුවට නොපැමිණීම ප්‍රියන්ත දැඩිව විවේචනය කලේය. අපි අන්තිම මොහොතේ බොහොම අමාරුවෙන් ලිස්ට් එක හදාගත්තේ. දිනන කොට විතරක් ලිස්ට් එකට එනවා. ප්‍රියන්ත කීවේ කනස්සල්ලෙනි. මේ අතර තුරු ප්‍රියන්තගේ පුතනුවන් දෙපල පෙහොට්ටුව සමඟ එකතු විය. කෙසේ නමුත් ප්‍රියත්න තව ඉවසමින් එජාපයේ රැදී සිටි අතර දෙවුන්දර දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මේ අතර ප්‍රියන්ත හමුවිය.

මිහින්ද රාජපක්ෂගේ තුන ? නැ.. නැ… වැරදුනා තුනෙන් දෙකට අලියා එක්වෙයි!

ප්‍රියන්ත මන්ත්‍රීතුමා එන්න අපිත් එක්ක එකතු වෙලා වැඩ කරමු. ඔතන වැඩක් නෑ. ඩිෂාන් කතාව පටන් ගත්තේ එසේය. පැයක පමණ කතාවකින් පසුව ඩිෂාන් ගුණසේකර අගමැති මහින්දට දුරකථන ඇමතුමක් ගත්තේය. සර් මේ ප්‍රියන්ත ඉන්නවා. කියමින් ප්‍රියන්තට දුරකථනය ලබා දුන්නේය. ආ ප්‍රියන්ත එන්න අපිත් එක්ක එකතු වෙලා වැඩ කරමු. අගමැති මහින්ද කියද්දී ප්‍රියන්ත කීවේ සර් මට ඉදිරියටත් දේශපාලනය කල යුතු බවයි. අනිවාර්යෙන්ම ඔයාට කරන්න පුළුවන්. අපිට තුනෙන් දෙක ගන්න එජාපයේ ඡණ්ද ටික අපිට අරන් දෙන්න. ඒක ඔයාට පුළුවන්. අගමැති මහින්ද කියද්දී ප්‍රියන්ත කීවේ ඒක අනිවාර්යෙන්ම කරන බවයි. 

බැසිල් රාජපක්ෂ සමගින් අකුරැස්සේ පොඩි කඩේ ප්‍රියන්ත කඩපොලේ යයි!

ඉකුත් සතියේ බැසිල් හමු වි පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත්තේය. ලක්ෂමන් යාපා අබේවර්ධන හිටපු රාජ්‍ය ඇමතිවරයාද ඒ සදහා  එක්ව සිටියේය. ලක්ෂමන්  ප්‍රියන්ත බලාගන්න බැසිල් ලක්ෂමන්ට කිවේය. ඒ අනුව අගමැති මහින්ද පසුගිය සති අන්තයේ මාතර කල සංචාරය ඇතුලත හිටපු ඇමති ලක්ෂ්මන්ගේ නිවසට පැමිණි අවස්ථාවේ දී පොහොට්ටුවේ සාමාජික කාඩ් පත ප්‍රියන්තට ලබා දුන්නේ උණුසුම් ලෙස පිළිගනිමිනි.

ලංකාවටම එකයි අපේ සමිත නායක හාමුදුරුවනේ. සාදු සාදු සාදු….බද්දේගම සමිත හාමුදුරුවෝ ටියුෂන් යයි!

මේ අතර පොදුජන පෙරමුනෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙන්ම මුලු ලංකාවෙන්ම තරඟ කරන එකම භික්ෂුන්වහන්සේ වන බද්දේගම සමිත හිමියෝ තම බලමුලු තරකර ගනිමින් සිටිති. සමිත හිමියන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් තම සහාය දැක්වීමට එක්ව සිටීමද විශේෂත්වයකි.මෙහි පෙරමුනේ රාළ ලෙස ජනප්‍රිය ගුරුවරයෙක් වන තිස්ස ජනනායක එක්ව සිටින අතර ඔහුට අමතරව ලංකාවේ ජනප්‍රිය උපකාරක ගුරුවරුන් රැසක්ද එක්ව සිටිති. සමිත හිමියන් පසුගිය දා  ගාල්ල නගරයේ විවෘත කරන ලද පක්ෂ කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට එකතුවෙමින් තිස්ස ජනනායක මහතා කියාසිටියේ කහ සිවුරක් පාර්ලිමේන්තුවේ තිබිය යුතුම බවයි. ඒ වෙනුවෙන් බද්දේගම සමිත හිමියන් පාර්ලිමේන්තුවට යැවීමේ කටයුත්තට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති ගුරුවරුන් කොන්දේසි විරහිතව උන්වහන්සේට සහාය දක්වන බවයි.  

නාමල් රාජපක්ෂ, චානක, තෙන්නකොන් නිලමේ.චමල් රාජපක්ෂ,දිලිප් වෙදා හම්බන්තොට මනාප සටනට කස්තිරම් ගසයි!

හම්බන්තොට මනාප සටන දියත් වෙමින් පවතින්දි තෙන්නකොන් නිලමේ දුරකතනයේ අපේක්ෂක තුමා හතර දෙසින් මනාප සොයමින් ගමන් කරද්දි රාජපක්ස පවුලද මනාප පොරයට යමින් ගම් දනව් පීරමින් සිටින බැව පෙනෙයි. දිලිප් වෙදආරංචි සමගි ජන බලවේගයේ අපේක්ෂකයාද දිලිප් මල්ලිද සමගින් ජන සටනට එක්ව ඇත්තේය.

සජිත් අප හැර ගියා පාළුයි හම්බන්තොටම සජිත් හිතවාදින් හම්බන්තොට දි කියයි!

සජිත් නැති හම්බන්තොට සජිත් සිටියා නම් කියමින් දුරකතන හාදයෝ සුසුම් හෙලන බව කියන්නේය. සජිත් මහත්යා හම්බන්තොටට කල උදව් ගොඩයි. එතුමා නැති පාඩුව අපිට දැන් තමයි දැනේනේ සජිත් වාදින් හම්බන්තොට සිට පවසන්නට විය.

මහින්ද සජිත් කුල්ල කා ගනී ! එයත් පැන්නා. සජිත් කියයි. ඇයි යකෝ මහින්දත් පැන්න සජිත් කියයි!

මේ අතර හම්බන්තොටින් කුරුණැගලට පැන්න මහින්ද රාජපක්ෂ කියන්නේ හම්බන්තොට අතහැර සජිත් කොළඹ කොලපාට කරන්නට ගිය බවයි. සජිත් කියන්නේ කුරුණෑගල අතුගල්පුරවයට පැන්න මහින්ද මම පැන්න එක තමයි කියන්නේ ඒකා හම්බන්තොටින් කුරුණාගලට පැන්නා එක් මහින්ද කියන්නේ නැ. මහින්දට කොහෙමත් දැන් මතකය අඩුයි. වේදිකාවට නගිංනේ ආරක්ෂකයන්ගේ වාරුවෙන්. පස්සට අත තියා මහින්ද වේදිකාවට තල්ලු කරනවා මමත් දැක්කා වීඩීයෝ වක් දැන් සමාජ මාධ්‍ය ජාලවල තියනවා කියමින් සජිත් මහින්දගේ කතාවට පිළිතුරු දුන්නේය.

මහිද්ගේ හැටි එහෙමයි සජිත්ගේ හැටි මෙන්න මෙහෙමයි මචං….

මම ආවම අගමැති කම ගත්තාම සෑම පවුලකටම රුපියල් 20 000 ක් දෙනවා.සජිත් කිව්වොත් කිව්වාමයි මේ ප්‍රේමදාලාගේ හැටි යැයි සජිත් කොළ පැවැති රැස්විම් ගණනාවකදීද රටපුරාම පවත්වන රැස්විම්වල දී පවසයි.

දකුණේ දේශපාලන කරලියේ රස කතා රැසක් අරගෙන අපි එනවා ලබන සතියේත්…මක්කැයි දොඩංනේ.. කියාලා බලා ඉන්න හොදෙයි… හාද ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *