කොරෝනා වසංගතය මැද ගම්පහ මැතිවරණ උණුසුමේ වාසිය කාටද?

ගම්පහ මැතිවරණ උණුසුම ක්‍රමයෙන් කොරෝනා මෙන් පැතිර යන කාලයක ගම්පහ ගොසිප් වෙත මැතිවරණය ගැන පුවත් වාර්තා කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් පැවති කාරණාව ඔබ අමුතුවෙන් දැනුවත් නොකළ යුතු යයි සිතමි එහෙත් අප රට වෙනුවෙන් රට වැසියා වෙනුවෙන් කලයුතු මාධ්‍ය මෙහෙවර ඉටුකිරීමට පසුබට නොවූ බව කිව යුතුමය මෙවන් ජාතික විවසනයකදී අප මාධ්‍ය කරුවන් ලෙස ඉදිරියට පැමිණ එම මාධ්‍ය මෙහෙවර සිදුකල අතර අපත් සමග රැදුණු ඔබ සම කෘතවේදීව සිහිපත් කිරීමට අවස්ථාවක් කර ගනිමු

කොරෝනා වෛරසයෙන් රත්වනු මෙරට ජන සමාජයට නැවත මැතිවරණ උණුසුමක් රැගෙන එමින් ඇත ඒ මෙරට පාර්ලිමේන්තු මැතිවරණයයි එම මැතිවරණය දැනට එක වතාවක් කල් දමා නැවත ජුනි 20 වන දින පැවැත්වීමට තීරණය කර තිබුණද එම දිනය සම්බන්ධයෙන් සමාජයේ කථිකාවක් නිර්මාණය වන පසු බිමක එම මැතිවරණය පැවැත්වීම සහ නොපැවැත්වීම සම්බන්ධයෙන් කථා බහක් නිර්මාණය වුවද මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් තබා ඇති කඩි මුඩිය ජනතාව තුල නොමැති බව පමණක් කිව යුතුය එසේනම් මේ මොහොතේ මැතිවරණයක වාසිය කාටද මෙම වාතාවරණයේ මැතිවරණ වාසිය මිශ්‍ර ප්‍රථිපල ගෙන එන්නකි ප්‍රචාරණ යාන්ත්‍රණය කෙසේ වේවිද ආණ්ඩුව මේ මොහොත වන විට රාජ්‍ය මාධ්‍ය ඇතුළු මාධ්‍ය රැසක සහය ලැබීම ඔවුන්ට ගැටළුවක් නොවෙති

එහෙත් මෙරට ජන සමාජය මෙරට ප්‍රධාන මාධ්‍ය කෙරෙහි තබා ඇති විශ්වාශය පළුදු වෙමින් තිබීම තුල ආණ්ඩුව අපේක්ෂිත ඉලක්කයන් ලබා ගැනීමට හැකිද ආණ්ඩුව සැරසෙන්නේ මාධ්‍ය මගින් බලය පතුරුවා ගැනීමේ අවස්ථාව ලබා ගැනීමටය එහෙත් වර්තමානයේ සමාජ මාධ්‍ය ප්‍රබල අවියක් වීම නිසා ජන මනස වෙනස් කිරීමේ සම්භාවිතාව ඔවුන්ද සතු කරගෙන ඇත කොරෝනා වෛරසය නිසා අනිවාර්යෙන්ම ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මෙවර මැතිවරණයේ තීරණාත්මක සාධකයක් වනු ඇත දැනට පවතින නීති සහ නිරෝධායන නීති නිසා විශාල මැතිවරණ ප්‍රචාරක රැළි තහනම් නිසා කුඩා රැස්වීම් වලට පමණක් සීමා වී ඇති නිසා දේශපාලකයන්ට තම හිතගි පරිදි මතය ජනතාව අතරට ගෙන යාමේ ගැටළුව වෙනුවෙන් විකල්ප මාධ්‍ය වෙත පිය නැගීමට සිදුවනු ඇත

අද වන විට අපේක්ෂකයන් රැසක් සමාජ මාධ්‍ය පිටු මිළට ගෙන තම ප්‍රචාරණ යාන්ත්‍රණය දියත් කර ඇත ප්‍රධාන මාධ්‍ය වල මිලගණන් සැසදීමේදී සමාජ මාධ්‍ය මිළ ගණන් අඩු නිසා ඔවුන් එම ප්‍රචාරණ යාන්ත්‍රණ තෝරාගැනීමට පෙලම්බී ඇත ඇතැම් සමාජ මාධ්‍ය පිටු ලක්ෂ දශ ලක්ෂ ගණන් වලට අලවි වෙමින් ඇත තමන් තරග වදින දිස්ත්‍රික්වල සමාජ මාධ්‍ය මේවන විට දේශපාලකයන්ගේ ග්‍රහණයට ලක්වීමේ තත්වයක් ඇත මේ අතරින් අතලොස්සක් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටු ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් සහ අපක්ෂපාතී ප්‍රවෘති නිර්මාණය වෙමින් ඇත එවැනි වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් අන්තර් ජාල පරිශීලකයන් හොද දැනුමක් ඇති නිසා ජනතාවට රැවටීම එතරම් පහසු නොවනු ඇත

එළඹෙන මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්ය සුදානම් ද

දැනට දින නියම කර ඇති පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සුදානම කෙබදුද යන්න සොයා බලමු

මේ වෙනුවෙන් අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13 නියෝජනය වන පරිදි නියැදියකින් සොයාගත් තොරතුරු වාර්තා කරමු දැනට ජුනි 20 දිනට නියම වී ඇති මහ මැතිවරණය වෙනුවෙන් දේශපාලකයා සහ ජනතාව ගේ සුදානම සම්බන්ධයෙන් විමසිය යුතුය මේ ඒ පිළිබද අදහස් දැක්වූ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි පුර වැසියෙකු සදහන් කල අදහසකින් සටහන සදහා පුර්විඛව සපයමු

මහත්තයෝ මැතිවරණය ගැන කථා කරන්න එපා දේශපාලකයෝ එපා වෙලා තියෙන්නේ හැබැයි මේ වෙලාවේ කොහොම හරි මැතිවරණයක් පවත්වන්නට හදනවනම් එක වෙනුවෙන් ජනතාව තීන්දුව ගනීවි හැබැයි මම මෙහෙම කීවට බලන්න මැතිවරණයක් ආවට පස්සේ ජනතාව පක්ෂ වලට බෙදිලා මර ගන්නවා ඔය කියන කිසිවක් නෙවෙයි එතකොට මිනිස්සු තමන්ගේ මතය දිනවන්න කොරෝනා නොවෙයි මුරුගසන් වරුසාව ආවත් එළි බහිනවා එකයි ඇත්ත මහත්තයෝ

ඒ සටහනේ සාරාංශය අනුව අපේ රටේ දේශපාලන වෛරසය එතරම් ප්‍රබල බව තවත් උදාහරණ අවශ්‍ය නැත අද ජනතාව මොන මතයේ සිටියද මැතිවරණය කැදවීම හරහා සිදුවන්නේ එයම නොවේද ?

ගම්පහ දිස්ත්‍රිකයේ තවත් වාමාංශික ආසනයක් වන අත්තනගල්ල ප්‍රදේශයේ පුරවැසියෙකු කීවේ මෙවැනි කථාවකි අපි මැතිවරණයට කැමති වුනත් අකමැති වුනත් ඒක තියෙන දිනය තීරණය කරලා තියෙන්නේ හැබැයි ඒ මැතිවරණය ජනතා අපේක්ෂා නොවන බව ජනතාව දන්නවා අද බලන්න මේ විවසනය වෙලාවේ ජනතාව අසරණ වෙලා ජනතාවගේ ආර්ථිකය වැටිලා මිනිස්සු තමන්ගේ දෛනික අදායම වැටිලා ජනතාව කන්න ඉල්ලනවා පාලකයෝ බලය ඉල්ලනවා ඕකයි වෙලා තියෙන්නේ

පසුගිය දින 40 පුරාවට ගම්පහට තරග වදින මෙවර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් ජනතාවට මොනවද කලේ ජනතාව ප්‍රශ්න කරති විවිධ පක්ෂ නියෝජනය කරමින් තරග පිටියට ඉදිරිපත්ව සිටිති මේ අතරින් කිහිප දෙනෙක් දිස්ත්‍රික්කය පුරා ජනතා අවශ්‍ය තාවයන් සොයා බලන ලදී ඒ ආණ්ඩු බලය සහිත කිහිප දෙන වෙති තවත් පිරිසක් තමන් නියෝජනය කරන ආසනය තුල ක්‍රියාත්මක වන ලදී ඔවුන් විපක්ෂය නියෝජනය කල පිරිස වෙති.විශේෂ දෙය වන්නේ මේ සියලු සහන බෙදීම් තම හිතවතුන්ට පමණක් ලබාදීම කල බව ජනතාව සදහන් කරයි රජය මගින් මුල් අවස්ථාවේ බෙදාදුන් සහන මලු සම්බන්ධයෙන් ද ගැටළු රැසක් පන නැගී ඇත කෙසේ වෙතත් රු 5000 ලබා දීම ගම්පහ දිස්ත්‍රික්කයේ බෙදා දීම මුල් අවස්ථාවේ මන්ද ගාමී වුවද රජය නිළධාරීන් සෘජුව මැදිහත් වීම තුල ගම්පහ මුදල් බෙදීම එතරම් ගැටළුවක් ඇති නොවන ලදී

රුපියල් 5000 ඉදලා බඩුමල්ල විතරක් නොවෙයි විෂ බීජ හරණ ක්‍රියාවලිය ගත්තත් ඒ සියලු දෙයක්ම දේශපාලන කරණයට ලක්වීම නිසා මේ මැතිවරණය පැවතුනද නොපවතුනද මහා පොලවේ දේශපාලන යාන්ත්‍රනය ක්‍රියාත්මක වීම නිසා ජනතාවට අමුතුවෙන් මැතිවරණ උණුසුමක් අවශ්‍ය නොවෙති පවතින තත්වයන් සියල්ල උපකල්පන මතම විසදීමට ඉඩ නොතබා මැතිවරණය පැවැත්වීම කලයුතුය ඒ සදහා කාලය අවශ්‍ය බව සැබෑය දැන් කල යුතු වන්නේ මැතිවරණයට අවශ්‍ය පාර සාදා ගනීමනම් ඒ සදහා ජනතා ප්‍රතිචාර කෙබදු වෙයිද ආණ්ඩුවට මැතිවරණ කල් දැමීම එතරම් ගුණදායක නොවෙති.

එය විපක්ෂයට හිතන තරම් වාසියක්ද නොවනු ඇත සියලු කරනා බැලීමේදී දින 60 කට වැඩි කාලයක් ගම්පහ ජනතාව නිවෙස් වලටම වී සිටීමේ පලවිපාක දේශපාලනයට බලපානු ඇති බව යම් ඉගි පහල වෙමින් ඇත එහෙත් පවතින රජය ජනතා විශ්වාසය අහිමි වුවද ජනාධිපති වරන්යෙදී දුන් ජනවරම රැක ගැනීමේ ප්‍රධාන කථිකයා මහින්ද නොව ගෝඨාභය රාජපක්ෂ වීම සිදු වනු ඇත ඒ 69 ලක්ෂයේ ජනතාවගේ විශ්වාසය ජනපති කෙරෙහි පමණක් ගොනුවීමය එය පසුගිය මාස කිහිපය පුරා සමාජ ආර්ථික කරනා හේතු වන ලදී ඉදිරියේදී ඒ සමාජ ආර්ථික අර්බුධය වැඩි දියුණු වීම හරහා ජනතාව රටේ නායකයාගේ දෙස පමණක් අපේක්ෂා සහගත වීම සිදුවනු ඇත.

එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි ඇති අමතර පීඩනයකි. සමගි ජන බලවේගය සහ එජාපය මැතිවරණයේ දී ගම්පහ ආසන ගැනීමේ තරගය හැරෙන්නට ආණ්ඩුවට අභියෝග කිරීමේ තරම් ප්‍රබල ශක්තියක් තාමත් නිර්මාණය කරගත නොහැකිය එහෙත් මැතිවරණය ආරම්භයේදී ඔවුන් රනිල් ප්‍රමුක එජාපය ආණ්ඩුවේ ගැටගසා නිසි පහරදීම තුල එජාපය ගම්පහින් පසු බසිනු ඇත. එම ගැම්ම ආණ්ඩු විරෝධී ජනතා එකතු කිරීමට තරම් ශක්තිමත් කණ්ඩායම් හැගීම ඔවුන්ට තිබේද යන්න තවමත් කිව නොහැක.එජාපයේ ප්‍රාදේශීය නායකත්වය 90% ක් සජිත් පිල සමග සිට ගැනීම තුළ එජාපයේ ශක්තිය හීන වීම සහ බිම් මට්ටමේ සහය නොමැති එජාපය ගම්පහින් ලබන පරාජය සජිත් පිලේ පහර දීම තුල තීරණය වනු ඇත

ඒ රනිල් ප්‍රමුක එජාපය ආණ්ඩුවේ කොටස් කරුවන් වන මතය තම පාක්ෂිකයා තුල ඇති කිරීම නිසා 2015 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ලැබූ ජය හා සමාන වනු ඇත කෙසේ වෙතත් එජාපයට මන්ත්‍රී ආසනයක හිමිකම තවමත් ගම්පහ විවෘතව ඇත ජාතික ජන බලවේගයේ ගම්පහ ආසනය වෙන්වී ඇත එම ප්‍රථිපලය මන්ත්‍රී අසන දෙකක් දක්වා වර්ධනය කරගැනීමේ කාර්ය ඔවුන් සිදුකරමින් පවතී එම ක්‍රියාවලිය සාර්ථක වීම කෙසේ වෙතත් ජාතික ජන බලවේගයට ගම්පහ හොද මැතිවරණ ප්‍රථිපලයක් අපේක්ෂිතය අතුරලියේ රතන හිමියන්ගේ ජන බල පක්ෂය තවමත් මැතිවරණ යාන්ත්‍රනය ක්‍රියාත්මක කර නොමැත එම පක්ෂයේ නැගිටීම යනු පොදුජන පෙරමුණේ පදනමට යම් බලපෑමක් විය හැක එය ඉදිරි ක්‍රියාවලිය තුල තීරණය කල හැක ඔවුන්ට සැලකිය යුතු පදනම මතු පිටින් දර්ශනය නොවුනද අභ්‍යන්තර දේශපාලනයේ බලපෑම් සහගත කණ්ඩායමක් බව කිව යුතුය

කොරෝනා වසංගතය හරහා දේශපාලනයේ කුණාටුව හමන දිශාව තීරණය කිරීමට මැතිවරණ ක්‍රියාවලිය ඇරඹිය යුතුමය රාජ්‍ය සේවකයන් බහුතරය ආණ්ඩුව සමග සිටගැනී ද මුස්ලිම් ඡ න්ද පදනම කෙසේ වෙයිද අර්ධ නාගරික ප්‍රජාව රට ජාතිය යන වචනයේ සිටීද ග්‍රාමීය ජනතාව පක්ෂ දේශපාලනයේ තව දුරටත් රැදෙයි ද ඉදිරි ළිපි පෙළ තුලින් පැහැදිළි විචාරයක් ලබා දෙමි

මෙවර මැතිවරණයේ ප්‍රධාන පක්ෂ වල ජයග්‍රාහී අපේක්ෂකයන් කවු ද ඔවුන් මනාප සටනේ ස්ථාන ගතව සිටින තැන කොතනද අසන 13 තුල මනාප බෙදෙන්නේ කෙසේද මහින්ද සුළග තවමත් වලංගු ද යන කරනා සියල්ල ඉදිරි ළිපි මගින් විචාරණය කරන අතර ඒ සියලු තොරතුරු නිවැරදිව අපක්ෂපාතීව ඔබ වෙත ලබා දෙමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *