ගාල්ලේ හරුමල්ගොඩ ගමට පිරිසිදු ජලය දෙන්නේ කවදාද ???

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ හරුමල්ගොඩ ගම්මානයේ පවුල් 355 ක පිරිසතට පිරිසදු පානීය ජලය නොමැතිව අපාදුක් විදිති. නිදහස ලැබි රටට වසර 70 කට අධික කාලයක් ගත වුවද මේ ගම වැසියන්ට තවමත් පිරිසදු ජලය නොමැතිව අසරණව දුක් විදිති.

එක් පරම්පාරවක් නොව පරම්පරා දෙක තුනක ජනතාව මේ ආකරයෙන් පානීය ජලය නොමැතිව දුක් විදින්නේ ජනතාවගේ කරුමයට ද, බලධාරනගේ කරුමයටද, රට කරවු කරවන පාලකයන්ගේ වරදන්ද  යැයි, අප නොදනිමු. නමුත් රටකර වු සියලුම පාලකයන්ට මේ සම්බ්න්ධයෙන් දැනුම් දී ඇති නමුත්, මේවන තෙක් කිසිදු විසදුමක් හරුමල්ගොඩ ගම්මානයේ ජනතාවගේ ජල ප්‍රණ්ණය හමුවේ ලබාදී නැත.

බලධාරින්ට මේ සම්බන්ධයෙන් පැවසුව ද ගලා ගලන ජලය මෙන් ප්‍රණ්නයට විසිදුම් නොදී ඇල් වතුර විසදුම් හෝ ලබා දී නොමැති බව ගමේ පවුල් 355 ක  දහසකට (1000) අධික ජනතාව මෙන්වා දෙති.මේ පිරිසිදු පානීය ජලය නොමැතිව අසරණ වු හරුමල්ගොඩ ගම්මානයේ ජනතාවගේ කතාවයි.

කෝරලගේ පතිරණ මහත්මිය (28) මෙසේ කීවාය.

අපේ ගමේ පවුල් 355ක් විතර ඉන්නවා.මම මේ ගමට ඇවිත් අවුරුදු 44 ක් පමණ වෙනවා.මේ ජල ප්‍රශ්ණය ගැන පත් වු හැම ආණ්ඩුවකටම කීවා වැඩක් උනේ නෑ.ජන්ද කාලයට ඇවිත් වතුර දෙනවා කියනවා.ජන්දය ඉවරයි.මහ මැතිවරණයත් ජනාධිපතිවරණයත් ඉවරයි.වතුර නම් ගමට ආවේ නැ.නල ජලය දුන්නේ නැ.අපි රවට්ටලා මේ පාරත් ජන්දය ගත්තා.බොන්න තියා මේ වතුර පානය කරන්තත් බෑ.වතුර කහම කහ පාටයි.නෑවම ඔළුවේ කෙස් කහ පාට වෙනවා.වතුර ඇළෙනවා වාගෙයි.අපි කිලෝ මීටර් ගණනාවක් ගිහිල්ලා තමයි වතුර ගෙන්නේ. මෙයට විසදුමක් තමයි අපි ඉල්ලා සිටින්නේ.

මීපේ ගමගේ ඉන්දුංගනී මිය (47) මෙසේ කියන්නීය.

අපේ ගමේ ළමයි පන්සල් ගියත්,පාසල් ගියත්,දහම් පාසල් ගියත් වෙනසක් තියනවා. අනෙක් ළමයිගේ ඇඳුම් සුදු පාටයි අපේ ගමේ ළමයින්ගේ ඇඳුම් කහ පාටයි.වෙනස තමයි මේ වතුර ප්‍රශ්ණය. අපිට මෙය මාර ප්‍රශ්ණයක්.වතුර ලුණු රසයි. වතුරේ මළකඩ තියනවා.වතුර ගෙන එන්න උදේ සවස අවට ගම්වලට යනවා.ගෙවල් වලට යනවා.සමහරු තමාන්ගේ ළිං වලින් ජලය ගන්නවාට කැමැති නෑ.කොරොනා නිසා මේ ප්‍රශ්ණය ඉතාම දරුණ අතට තමයි හැරි තියෙන්නේ.වතුර ගන්න ගමට ගෙවල් වලට ළිංවලට එනවාට සමහරු කැමැති නෑ.වතුර නැතුව අපි අපා දුක් විදිනවා.වැස්සත් වැහි වතුර ද භාවිතාවට ගන්න බෑ.මේ වතුර කහම කහපාටයි.මළකඩ රසයි.අපිට ගමට ජලය නැති නිසා අපි දුක් විදිනවා.මෙයට විසඳුමක් දෙන්න කියලා තමයි ඉතිං බලධාරිනගෙන් ඉල්ලා සිටින්නේ.

කපිල පුෂ්ප කුමාර මහතා (35) මෙසේ පැවසීය.

මම දැන්න කාලයේ ඉදලාම ගමේ ජල ප්‍රශ්ණය විසදන්න ලියුම් ලීවා උත්තරයක් නෑ. විසදුමක් නෑ.ගම අවට කොග්ගල ඔයේ වතුර බොන්නත් බෑ. ළිංවල වතුර බොන්නත් බෑ. වැසි වතුර බොන්නත් බෑ.වතුර සල්ලි වලට ගන්න පාරේ ජල නල පද්ධතියක්වත් නෑ.අපි මේ නිසා අසරණයි.ජලය නැති වු අපි විදින දුක කියන්න කෙනෙක් නෑ.

අපිට තියන ප්‍රණ්නය තමයි ඇයි අපිට අපේ ගමට ජලය දෙන්නේ නැත්තේ ඇයි කියන කාරණාව.ගමේ දරුවන් වැඩිහිටින් නිරතුරුවම අසනීප වෙනවා.මේ තත්ත්වයට හේතුව තමයි මේ ජලය භාවිතා කරන එක මේක ගමට මහා හිසරදයක්.අපේ ගම සුන්දරයි.නමුත් බොන්න වතුර නැතුව අපි දුක් විදිනවා.බලධාරින්ට මේ ප්‍රශ්ණය කීවාට විසදුමක් නෑ.අපිට හැකිනම් ළිඳ ගලවගෙන බලධාරින්ට මැති ඇමතිවරුන්ට පෙන්වන්නට හැකිනම් මේ ප්‍රශ්ණයෙන් අපි විදින දුක ඒ ඇත්තන්ට තේරුම් ගත හැකියි කියා අපි හිතනවා.

එම්.එස්.එස් ඥාණවතී වීරසුරිය (75) මාතාව පවසන්නේ මෙවන් කතාන්දරයකි.

වතුර නැතුව තමයි අපි දුක් විදින්නේ.තරුණ පිරිස් නම් ඈත ගම්මානවලින් වතුර ගේන්න යනවා.අපට නම් එහෙම යන්න බෑ.අපි මහළු අය ගමේ අසරණ වෙනවා. දරුවෝ ගෙන එන් ජලය තමයි අපි ගන්නේ. ඉතිං ඒ අය ගෙන එන ජලය අපිට වඩා ඒ අයගේ දරුවන්ගේ ප්‍රයෝජයට ගන්න අපි ඉඩ දෙනවා. අපි මේ ගෙන එන වතුර ගන්නේ බොන්න විතරයි.ගමේ ජලය නැති නිසා වැඩියෙන්ම අසරණව සිටින්නේ මහළු පිරිස අනෙක් පිරිස තමයි.වැඩි හිටි පිරිස ගමේ වැඩිහිටියෝ දෙතුන් දෙනෙක් වතුර ගෙන එන්න ගිහිල්ලා බිම ඇඳ වැටිලා තුවාල වෙලා රෝහල් ගත වෙලා ද ඉන්නවා. මම ඉපදුනෙත් මේ ගමේ එදා ඉදලාම මේ ජල ප්‍රශ්ණය තමයි තියෙන්නේ. විසදුමක් නම් නෑ.මගේ වයස දැන් 75 වෙනවා.

නාලනී නානායක්කාර මහත්මිය (65) මේ පවසන්නීය.

අපිට පිනට වතුර එපා. නල ජලය අපට දෙන්න.අපි මුදල් ගෙවලා වතුර ගන්නම්.ගමට ඇති එකම ප්‍රශ්ණය ජලය.මේ නිසා අපි දුක් විදිනවා.අපේ දරුවන්ද දුක් විදිනවා.වගකිවයුතු ඇත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ප්‍රණ්ණයට විසදුම් දෙන්න කියලා තමයි ඉතිං.

ශ්‍රීමති මල්ලිකා මහත්මිය (72) මෙසේ කීවාය.

ගමේ කොතනක ළිං හෑරුවත් වතුර ප්‍රයෝජයට ගන්න බෑ. මම මේ ගමට ඇවිත් අවුරුදු 56 ක් පමණ වෙනවා.මේ ගමට ජලය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.ගමේ හැම තැනම කිවුල් වතුර.දැනටත් විදුමක් නැ. ජල බට දමනවා කීවා.තවමත් නෑ.ගමේ සමහර අයට වකුගඩු රෝග පවා හැදි තියනවා.මේ වතුර භාවිතා කළාම විවිධ අසනීප හැදෙනවා.විවිධ රෝග හැදෙනවා.අපි බලධාරිනගෙන් වැඳලා ඉල්ලා සිටින්නේ ගමේ ජල ප්‍රණ්ණයට විසදුම් ලබාදෙන ලෙසයි.

එස්.ඒ මියුලිම් මහත්මිය (70) මෙසේ කීවාය.

අපි බලධාරිනගෙන් ඉල්ලා සිටින්නේ ගමට ජලය දෙන්න කියලා.අපි වෙඩි නොවදින වාහන,ආරක්ෂාවට නිලධාරින් හෝ වෙන දෙවල් ඉල්ලා සිටින්නේ නෑ.රස්සාවල් අපිට එපා.ගමේ අපිට අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න පිරිසිදු ජලය දෙන්න. නල ජලය දෙන්න. යම් විසදුමක් ලබා දෙන්න කියලා තමයි අපි බලධාරිනගෙන් ජනපති,අගමැති මැති ඇමැතිවරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඩේලින් ගමගේ මහත්මිය (65) මෙසේ කීවාය.

අපිට කොරානා 19ක් එපා.19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එපා.20 වන ව්‍යවස්ථාවත් එපා. ගමේ අපි ඉල්න්නේ පිරිසිදු ජලය ටිකක් අපට දෙන්න.අපි ඉපදුන දවසේ ඉදලා දුක් වින්දා අපි මරුණයි පස්සෙ වත් පිරිසිදු ජලය ටිකක් ගමට ගමේ ජනතාවට අපේ දරුවන්ට ලැබෙනවා නම් අන්න ඒක තමයි අපි මැති ඇමති වරුන්ගෙන් සම්මත කරලා දෙන්න කියලා ඉල්ලා සිටින්නේ.

ඩී. ගමගේ මහත්මිය 68 මෙසේ කීවාය.

පවසන්නේ  වතුර ගෙන එන්නට අපි කලෙත් අරගෙන හැමදාම උදේ සවස අපට ගම්වලට යනවා. අපේ රස්සාව තමයි ගෙදරට උවමනා කරන වතුර ගේන රස්සාව උදේ දවල් කරන එක අපි හිස් කළ ගෙඩි අරගෙන හැතැම්ම ගණන් පයින් වතුර ගෙන්න අවට ගම්වයලට යනවා.මේ කරුමේ අපි දැනුම් තේරුම් කාලේ ඉදලාම සිදුකරනවා.

සමිත් ලියනගේ (40) මෙසේ කීවේය.

අපේ ගම අවට තියෙන්නේ හැල් ඉඩම් කුඹුරුයායවල් කිසිම වැඩකට භාවිතා කරන්න මේ කහපාට ජලය ගන්න බෑ.අපි පයින්,පා පැදි,යතුරු පැදි වාහන වලින් තමයි වතුර ගෙන එන්නට අපට ගම්වලට යන්නේ.වැඩිහිටියන්ට මේ නිසා ප්‍රශ්ණයක් තියනවා. තරුණ පිරිස් නම් වතුර අරගෙන එනවා. වැඩිහිටින්ට තමයි ප්‍රණ්නය තියෙන්නේ.පානිය ජලය ලබා දෙන්න කියලා තමයි අපි බලධාරිනගෙන් ඉල්ලා සිටින්නේ.

එම් සිරිපාල මහතා (72 ),කුසුමු ශිරානී 40 මහත්මිය ද ඇතුළුව හරුමල්ගොඩ ගම්වාසිහු පවසන්නේ ගමට ජලය ලබාදෙන හැටියටයි.

මීපේ උදිත හිමියෝ පවසන්නේ හරුමල්ගොඩ මේ ගම්මානයට පානීය ජලය ලබා දෙන්නට කියා ජනපති තුමා අගමැති තුමා විෂයභාර ඇමතිතුමාගෙන් ගම වෙනුවෙන් ප්‍රදේශය වෙනුවෙන් ඉල්ලා සිටින බවයි.

ගමේ විහාරස්ථානයේ විහාරාධිපති හප්පාවන රේවත නායක හිමියෝ ද ගම්මානයේ ජල ප්‍රශ්ණය විසදන්න පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිති.

අප මේ ගාල්ල දිස්ත්‍රික්කයේ මෙන්ම හරුමල්ගොඩ ගම්මානයේ ආදි කොට ඇති ගම්මාන රැසක පානීය ජලය සම්බන්ධයෙන් ඉදිරියට ගන්නා වු පියවර පියවර පිළිබඳව,වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය ‍රමේෂ් පතිරණ,ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි,හබරාදුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ යන දේශපාලන නායකත්වයෙන් විමසීමක් කළේය.

ඔවුන් පවසන්නේ ගාල්ල නගරයේ දැවැන්ත ජල ටැංකියක් ඉදිකර මේ ගම්මානයට වාගේම ගාල්ල දිස්ත්‍රික්කයේ ජලය නොමැති සියලුම ගම්මානවලට නගරවලට පිරිසිදු පානීය නල ජලය ලබා දෙන්නට ජනපති,අගමැති තුමාගේ විෂයභාර ඇමතිතුමාගේ ද අවධානය යොමුකර ඇති බවයි. මේ ඉදිරියේදි මේ හබරාදුව හරුමල්ගොඩ පානීය ජල ප්‍රශ්ණයට විසදුම් ලබාදෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *