රජකීයෝ මධුවිතින් තොරවෙද්දී ගාල්ලේ ගම්වැසියෝ මංගල සාදය ගුටි කෙලියක් කරගනී

මංගල සාධයේ දී  සිද්ධිය වන අවස්ථාවේ දෙපාර්ශවයම බිමත්ව සිටි ඇත

ඊයේ දිනයේදී මහින්ද රජාපක්ෂ මහතගේ පුතු ගේ විවාහ මංගල උත්සවය මධුවිතින් තොරව සමරද්දී ගාල්ල ප්‍රදේශයේ ගමක විවාහ මංගල උත්සවයක මධුවිත පානය කරන ලද දෙපාර්ශවයේ පිරිසක් අතර ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාම නිසා ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇත.

සාමානයෙන් සම වසරකම ජනවාරි මාසය පුරාම නැකත් වලින් පිරුණු මාසයකි එම මාසය පුරා අපේ රටේ බහුතරයක් දෙනා හෙළ කුල සිරිත ඇතුළු විවිධ චාරිත්‍ර වාරිත්‍ර සමගින් තම විවාහ මංගල උතසව සමරති ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය ඊයේ දිනයේදී හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේදී පවත්වන ලදී.

මෙම විවාහ මංගල උත්සවය සදහා කිසිදු සත්ව ඝාතනයක් සිදු නොකෙරුණු අතර කිසිදු මත්පැන් වර්ගයක් භාවිතා නොවුණි. එම විවාහය සම්බන්ධයෙන් මෙරට ජන සමාජය බොහෝ කථා බහට ලක්වී ඇත .කණගාටුවනම් අපේ ගමේ නගරයේ විවාහ මංගල උත්සව අවසානයේ ලියවෙන සොදුරු කථා වලට වඩා දුක්බර කදුළු කථා වලින් අවසන් වීම තවමත් දැකිය හැක.

මේ එම කතාන්දරයයි

ගාල්ල හාලිවල ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල සාදයක් අවසානයේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන දෙදෙනෙකුට තුවාල සිදුකර ඇතැයි ගාල්ල මුලස්ථාන පොලිසිය කියයි.තුවාලකරුවන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු ද පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ඇත.මෙම මංගල උත්සයට පහලකීඹිය ප්‍රදේශයේ පිරිසක්ද සහභාගි වී ඇති අතර සාදය අවසානයේ ආපසු නිවෙස් වලට යාම සඳහා වාහන අංගනයට ගිය අවස්ථාවේ සැකකරු විසින් එම ගමේ දෙදෙනෙකුට පිහියෙන් ඇන ඇති බව පොලිසිය කියයි.මංගල සාධයේ දී  සිද්ධිය වන අවස්ථාවේ දෙපාර්ශවයම බිමත්ව සිටි ඇත. සැකකරු සහ තුවාලකරුවන් ද  සිල්ලර වෙළඳ සල් පවත්වාගෙන යන අය බව ද පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *