කොරෝනා වෛරසය ලෝකය ගිලගනිද්දී තුට්ටු දෙකේ දේශපාලනට විරෝධයක්

මුළු ලෝකයම අනතුරේ හෙලමින් පැතිරයන කොරෝනා වසංගතය නිසා ලෝකයේ සෑම රටක්ම එම වෛරසය රට තුලට ඇතුළු වීම වලක්වා ලීම සදහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින යුගයක ලංකාවේ කොරෝනා වෛරසය නිරෝධායනය කිරීම වෙනුවෙන් වෙනම ස්ථානයක් වෙන්කිරීම සම්බන්ධයෙන් මහජනතාව වෙත වැරදි පණිවුඩයක් සමාජ ගත කිරීම තුලින් විදෙස් ගත ශ්‍රමිකයන් ලෙස තමන් බලවත් කණගාටු වන බව විදෙස් ගත ශ්‍රමිකයන්ගේ එකමුතුවේ කැදවුම් කරු නිශාන්ත ජයකොඩි මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

කොරෝනා ආසාදිතයින් හැදල ප්‍රදේශයේ පිහිටි රෝහලට ඇතුලත් කර නිරෝධනය කිරීමෙන් අනතුරුව නිවෙස් වෙත යැවීමට රජය ගත් තීරණයට එරෙහිව එම ප්‍රදේශයේ ජනතා කණ්ඩායම් සහ දේශපාලකයන් එකතුව එම නිරෝධන ක්‍රියාවලිය නතර කිරීමට පියවර ගන්නා ලෙස සිදුකල උද්ගොෂණයට නිමල් ලන්සා මන්ත්‍රීවරයා සම්බන්ධවීම සම්බන්ධයෙන් සමාජ මධ්‍යයේ විරෝධයක් ගොඩනැගෙමින් ඇත

මෙරට ජාතික ධනයට විශාල මුදලක් විදෙස් ගත ශ්‍රමිකයන් සපයන තත්වයක එම පිරිස් ලංකාවට පැමිණීමෙන් අනතුරුව කොරෝනා නිරෝධන මද්‍යස්ථානය හරහා නිරෝධායනය කිරීම සම්බන්ධයෙන් රජය තීරණය කල ස්ථානයට විරුද්ධව රටේ ජනතාව අනවශ්‍ය තතිගන්වීමක් ඇතිකර එම ශ්‍රමිකයන් අපහසුතාවයට පත්කිරීමට නායකත්වය දීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නිමල් ලන්සා වෙත එම විදෙස් ගත ශ්‍රමිකයන් ගෙන් විරෝධය එල්ලවී ඇත

විදෙස් ගත ශ්‍රමිකයන් වත්මන් ජනධිපතිවරයා පත්කිරීම සදහා මෙරටට පැමිණ සහය දැක්වීමත් විදෙස් රටවල සිට මැතිවරණ ව්‍යාපාරයට සහය දැක්වීමත් කල බවත් එවන් පසුබිමක හිටපු අමාත්‍යවරයා තම වටිනාකම අවබෝධ කරගැනීම පසෙක දමා තමන්ගේ මනාප ගොඩ වෙනුවෙන් කටයුතු කර ඇති බව විදෙස් ශ්‍රමිකයන් පෙන්වා දෙයි

රටක ජාතිකට ආර්ථිකයට දායකත්වය දක්වන කණ්ඩායමට සැලකීමේදී ප්‍රමුඛත්වයක් දැක්විය යුතු බවත් එවනි අවබෝධයක් නොමැති දේශපාලනය පමණක් ඔලුවේ තබාගනිමින් කටයුතු කිරීම නිසා ජනාධිපති වරයා සහ ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයේ ජනතා පෙළඹීම් සිදු කිරීමට දේශපාලකයා නායකත්වය ලබාදීම කණගාටු දායක බව පේනවා දෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *