වසරක් තිහක් දුෂණය වන මුතුරාජවෙල අනාගතය කෙබදුද???

මුතුරාජවෙල රැකගන්න වුවමනාවක් තිබෙන්නේ කාටද ??

පරස්පර අදහස් තුල මුතුරාජවෙලට කුමක් වෙයිද??

අමුතු රාජවෙලක් වුණේ කොහොමද ??

වසර තිහක් නිදාගෙන සිටියේ අපිද ??

නාගරික සංවර්ධන අධිකාරිය හදිසියේ මැදිහත්වීම හරිද??

රාජ්‍ය ආයතන තීන්දු ගැනීමට නිර්දේශ දිය යුතු නොවේද??

තීන්දු ගැනීමට ගමේ මිනිහට අවස්ථාව දුන්නා ද??

මෙයත් තවත් පරිසර ප්‍රෝඩාවක් වෙයි ද??

සමාගමකට පරිසරය රැකගැනීමේ අරමුණක් ඇතිවන්නේ කොහොමද??

මුතුරාජවෙල ආරක්ෂා කිරීමට යක්ෂයා සමග දීග යයිද??

යක්ෂයා රාජ්‍ය ආයතනද සමාගම් ද??

කවුරුන් හෝ පරිසරය රැකීමට පෙරට පැමිණීම වැදගත් නොවන්නේද??

මුතුරාජවෙල අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීමට සුදානම් මොකද මේ හදිසියේ මුතුරාජවෙල සම්බන්ධයෙන් මැදිහත්වන්නේ වසර තිහක් විනාශයට යාමට ඉඩදී බලා සිටි මෙරට පාලකයන් නින්දෙන් අවදිවී සිදුකරන මෙම ප්‍රකාශය තුල කිසියම් දෙයක් සැගවී ඇතිබව නොරහසකි ඒ වෙනුවෙන් සහ අදාල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම සහ මුතුරාජවෙල අනාගත සැලසුම් සහ ක්‍රියාවලිය සදහා යාන්ත්‍රණයක් සැකසීම වෙනුවෙන් මුතුරාජවෙල අභය භූමිය හා සම්බන්ධ රාජ්‍ය ආයතන වන මධ්‍යම පරිසර අධිකාරිය ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව වත්මන් හිමිකාරිත්වය ඉල්ලා සිටින නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ කතෝලික සභාව නියෝජනය කරන අදරදගුරු වරුන් පරදේශයේ ආගමික නායකයන් පරිසරවේදීන් ඇතුළු කණ්ඩායමක් අද දින මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ පිහිටි දේවස්ථානය තුල විශේෂ සාකච්චාවක් පවත්වන ලදී එම සාකච්චාවෙන් අනතුරුව සියලු පාර්ශව නියෝජනය කරමින් තම අදහස් මාධ්‍යට ඉදිරිපත් කරන ලදී එම සියලු පාර්ශවයන් සිදුකල ප්‍රකාශ අනුව ඔවුන් අතර කිසිදු එකගතාවයක් නොමැති බව අපට පෙනීගිය ප්‍රධාන කරුණක් වන ලදී මේ ඔවුන් සිදුකල ප්‍රකාශයන් සහ දැනට එම කලාපයේ වැඩිම බිම්කොටස් හිමි මෙල්වත්ත සමාගමේ සභාපතිවරයා සිදුකල කරුණු දැක්වීම් අනුව මෙම ලිපියට ප්‍රවේශය ලබා ගනිමි

ජේ ඩී ඇන්තනී අදරදගුරු තුමන් පලකල අදහස්

අපි නාගරික සංවර්ධන අධිකාරියට මෙම භූමිය සම්බන්ධයෙන් කිසිම තීරණයක් ගත්තේ නැහැ අපිත් දැකලා තියෙනවා විශාල භූමියක් ගොඩකරනවා අපි කියන්නේ දැනට මෙම භූමියේ ස්ථාපිත කර තිබෙන පුද්ගලික සමාගමේ පුවරු සති තුනක් ඇතුලත ඉවත් කිරීමේ එකගතාවයක් ඇතිවුනා මුතුරාජවෙල අදාල සමාගමට අයිතියක් තිබෙන බව පෙර සදහන් වුනා අපි ඒගැනත් සොයලා බලන්න කියලා අපේ සාකච්චාවේදී සදහන් කළා අපේ අරමුණ මුතුරාජවෙල ආරක්ෂා කිරීමට පියවර ගැනීම ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා අපි සාකච්චා කරලා මෙම ගැටලුව විසදා ගන්න තමයි උත්සහ කරන්නේ ඒ අනුව අපේ ඉදිරි සැලසුම් ඉදිරිපත් කරන බව සදහා කරන ලදී

ජයන්ත නිමල් විදානාරච්චි ජ ඇල බෝපිටිය භාර මීසම් සේවක පියතුමා සදහන් කලේ නාගරික සංවර්ධන අධිකාරියට මුතුරාජවෙල පැවරීමට විරුද්ධ බවත් එහෙත් රජයේ මැදිහත් වීමෙන් සිදුකරන සංවර්ධනයට එකග බවත් සදහන් කරන ලදී මේ ඔහු පලකල අදහසයි

අපිට ලොකු බයක් තියෙනවා මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත්කිරීම දැනටත් ගොඩකිරීම් සිදුවෙන බව පිලිගන්නවා අද පැමිණි හමුදා බිගේඩියර් වරයා පොරොන්දු වුනා සියලු විනාශයන් නවතන බව සංවර්ධනය වෙනුවෙන් අපි විරුද්ධ නැහැ සංවර්ධනය සදහා ඉදිකිරීම් කරන දෙන්න බැහැ හැබැයි රජයේ මැදිහත්වීමෙන් සිදුකරන සංවර්ධනයට විරුද්ධ නැහැ

මුතුරාජවෙල අභයභූමිය සුරකීමේ සංවිධානයේ ලේකම් සේනාරත්න වනසිංහ සදහන් කලේ මෙවැනි අදහසකි

1990 වේ මුල් භාගයේ සිට මෙම පරිසර පද්ධතිය විනාශ වෙනවා 2018 දී කොළඹ කුණු මුතුරජවෙලට ගෙනෙන දවසේ ඉදලා මෙම භූමිය සීග්‍රයෙන් විනාශ වෙනවා මෙම භුමිය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ නියෝගයක් තියෙනවා එම නියෝගය කඩ කරමින් කටයුතු වෙනවා මේක රැකගැනීමට අදාල රාජ්‍ය ආයතන වලට බලය දීලා තියෙනවා එම සියලු ආයතන මෙම නියෝගයට පිටින් අවසර දීලා තියෙනවා මේ භුමිය දවසින් දවස වෙනත් සමාගම් වෙත අයිති වෙමින් තිබෙනවා අපි කියන්නේ ශේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව මැනීම් සිදුකරන්න මේක නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම තුල සිදුවන්නේ වෙනත් සමාගම් වෙත මෙම ප්‍රදේශය නතුකිරීමට අවස්ථාවක් ඒ නිසා නාගරික සංවර්ධන අධිකාරියට මේක පැවරීමට අවශ්‍ය නැහැ

මධ්‍යම පරිසර අධිකාරියේ සබාපති එස් අමරසිංහ මහතා අදහස් පලකරන ලදී

මේක ඇතුලේ පුද්ගලික අංශයේ ඉඩම් තියෙන්න පුළුවන් එහෙම තිබුනා කියලා අපි කිසිම කටයුත්තකට බලය දෙන්නේ නැහැ මෙහි ඉවත්කළ පුවරු නැවත සවිකිරීමට පියවර ගැනීම ගැන කටයුතු කරනවා මැනුම් කටයුතු ඉදිරියේදී එය සිදුවෙනවා මෙහි අන්වර ගොඩකිරීම් නැවත ඉවත්කරනවා මේ මුතුරාජවෙල ආරක්ෂා කිරීමට අන්තර් අමාත්‍යංශ කමිටුව මගින් මේ සියල්ල තීරණය කරනවා ඉතිහාසයේ වැරැද්ද නිවැදි කරන්න කටයුතු කරනවා ජනතාවට අපි කියනවා නොමග යන්න එපා රජයේ වැඩපිළිවෙල විශ්වාශ කරන්න අපි ගැන අධීක්ෂණයෙන් ඉන්න ජනතවට මෙම කමිටුවට දොර හරිනවා ජනතාවගේ උවමනාව අපි ඉටුකරනවා

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා පලකල අදහස්

මුතුරාජවෙල තෙත්බිමක් ලෙස සංවර්ධනය වෙනවා බියවෙන්න දෙයක් නැහැ අපේ අරමුණ ඒක ඒකතමයි නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගන්නේ ඒක නිසයි නැවත මිනුම් සකස් කරලා මේ පිළිබද සොයා බලනවා මෙහි අයිතිය කොහොමද කියලා මේ ප්‍රදේශයේ අනවසර බියක් ඇතිකරලා තියෙනවා නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත්වීම තුලින් පුද්ගලික ඉඩම් රජයට අත්පත්වෙනවා ඉඩම් වල අයිතිය පෙන්වන්න පුළුන් නම් ප්‍රශ්නයක් නැහැ

මුතුරාජවෙල සුරකීමේ සංවිධානයේ සභාපති අනිල් ජයමහ පලකල අදහස්

මේක හොද සාකච්චාවක් අපිට ප්‍රශ්නයක් තියෙනවා නාගරික සංවර්ධන අධිකාරියට පැවරුවට පස්සේ මේක කාට දෙයිද කියලා අපිට බියක් තියෙනවා අයිතියක් තියෙනවනම් ප්‍රශ්නයක් නොමැති බව සදහන් කළා එක බරපතල තත්වයක් අවුරුදු 3 ක් 4 ක් රජය නිලධාරීන් අපිව රැවටුවා අපිට බයයි මේ සංවර්ධන කටයුත්තට නාගරිකර සංවර්ධන අධිකාරිය පිලිබදව අපිට විශ්වාසය ඇතිකළ යුතුයි එම විස්වාශය ඇතිකිරීම රාජ්‍ය නිලධරීන් මැදිහත් වන්න පසුව සංවර්ධනය ගැන කථා කරමු කියලා අපි යෝජනා කරනවා

මුතුරාජවෙල අලුතින් ඉදිකරන සංවර්ධන ව්‍යාප්තිය සිදුකරන මෙල්වත්ත සමාගමේ සභාපති අජිත් පණ්ඩිතරත්න මහතා පලකල අදහස්

අපි මුතුරාජවෙල සංවර්ධනය කිරීම සහ සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් අපි මැදිහත්වෙනවා අපේ පුද්ගලික ඉඩම්වල තමයි මේ සංවර්ධන ව්‍යාප්තිය සිදුකරන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සදහන් කල පරිදි අපි රාජ්‍ය ආයතන 16 ක් සමග මැදිහත්වෙලා මේ කටයුත්තට මැදිහත්වුනේ අපේ අයිතිය ඒ සියලු ආයතන වෙත ලබාදී තිබෙනවා

අපි ඉඩම් ඔප්පු ඉදිරිපත්කලා ඒ සියල්ල අනුව වසර තිහක අයිතිය අප සමගම සතුවෙන බව ඔප්පුවෙලා ඉවරයි ඉතිහාසයේ සාක්ෂි අනුව අපිට තහවරු කරන්න පුළුවන් අපේ අයිතිය නිලධාරීන් නොමග යවමින් කටයුතු කරන කණ්ඩායමක් කටයුතු කරනවා අපේ පුද්ගලික ඉඩම් ඇතුලේ තමයි බෝඩ් ගහලා තිබෙන්නේ ඒක වැරදිනම් අධිකරණයක් තියෙනවා ඒ අනුව කටයුතු කරන්න කියලා අපි කියනවා අපේ පුද්ගලික සින්නක්කර ඉඩම් බවට ඕනෑවටවත් වැඩියෙන් ඔප්පු කරලා ඉවරයි පරිසර තත්ත්ව වාර්තාව ගැන සදහන් වුනා එක මට පුද්ගලිකව දෙන්න බහ එක විශේෂ සමාගමක් මගින් සිදුකරනවා තවත් සති දෙක තුනකින් පරිසර සක්‍යතා වාර්තාව අපි ලබාදෙනවා

ගම්පහ ගොසිප් අප මාධ්‍ය මෙහෙවර අනුව ඒ සියලු පාර්ශවයන් ලබාදුන් අදහස් වලට ඉඩ ලබාදීම සිදුකරන ලදී ජනතාවගේ පැත්තේ සිටිමින් කරුණු වාර්තා කිරීම අපගේ වගකීම නිසා අප දකින සහ පෙනෙන කරුණු අනුව අවසන් සටහන මුතුරාජවෙල අවට ජනතාව වෙනුවෙන් පරිසරයට ආදරය කරන සියලු දෙනා වෙනුවෙන් මෙසේ සටහන් කරන්නෙමු

1990 දශකයේ සිට සෑම අතින්ම දුෂිත පරිසර පද්ධතියක් බවට පත්වීමේ ගමන ආරම්භ කල මුතුරාජවෙල අද වනවිට එහි උච්චතම ස්ථානයට පැමිණ ඇත කටුනායක ඒකල කාර්මික ජනපදවල කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය බහාලන ප්‍රධානතම ස්ථානය බවට මුතුරාජවෙල පත්වන්නේ මීට දශක දෙකකට එපිට සිට බවට අපට කරුණු වාර්තා වන ලදී එදා මෙදා තුර මෙම පරිසර පද්ධතිය තුලට ඇතුළුවූ මෙම විනාශකාරී ක්‍රියාවන් වල කිසිම අඩුවක් සිදුවී නොමැති නිසා වර්තමානයේදී සිදුවන්නේ එයම වෙමට හේතු රැසක් බලපෑ ඇතිබව අප සොයා ගන්නා ලදී මේ පිටුපස සිටින්නේ ප්‍රාදේශීය දේශපාලන නායකයන් බවත් ආණ්ඩු මාරුවීමත් සමග විනාශය මුහුණු මාරු වුවද විනාශයය මාරු නොවන අතර එය එලෙසම සිදුවෙමින් ඇත

මේ පරිසර පද්ධතිය ආරක්ෂා කිරේම වෙනුවෙන් සත්‍ය වශයෙන් මැදිහත් කණඩායමක් සිටීද එය කළුනික සොයන්නා සේ බැරෑරුම් කටයුත්තක් බවට පත්ව ඇත මෙම මුතුරාජවෙල අරක්ශාවිය යුතුය එය වක්‍යකට පමණක් වසට තිහක් සීමා වීම හරහා අද මුතුරාජවෙල මුතු නැහැ රජු නැහැ වෙලා නැහැ තිබෙන්නේ අලවිලුන්දා ගසුත් මුඩුක්කු නිවාසත් ඌරු කොටුත් වෙනත් විෂම ක්‍රියාවනුත් පමණක් බව මෙහි සංචාරය කල අපට දක්නට ලැබුණු සත්‍ය බව සදහන් කරමි

එසේනම් මෙම පරිසර පද්ධතියට උරුම කරුවෙකු සිටිය යුතුය එය රජයේද පුද්ගලික අංශයේද අදාල නැත කවුරුන් හෝ මෙය ආරක්ෂා කරයිද ඒ වෙනුවෙන් අපි ජනතාවගේ පැත්තේ සිට කරුණු කියන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *