ආණ්ඩුව අසමත්..මහ බැංකුව, ක්‍රිකට් ,කරුණා හෙට මොනවද?

සමගි ජන බලවේගයේ ගම්පහ නායක හිටපු අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා

අද ආණ්ඩුව ගැන කථාකරන්න ගියොත් කෙළවරක් නැහැ මොකද විපක්ෂයට ඔනෑ තරම් මාතෘකා තියෙනවා හැබැයි ආණ්ඩුව මේ වෙලාවේ කරන්නේ රටේ ප්‍රධාන ප්‍රශ්නය අමතක කරලා ආර්ථික අර්බුධයෙන් පෙලෙන ජනතාවගේ මනස වෙනස් කිරීම සදහා විවිධ පුද්ගලයන් අපේක්ෂකයන් ඇතුළු කණ්ඩායම් මේ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා ජනතාව දැන් තේරුම් ගන්න ඕන මේ සියල්ල ජනාධිපති තුමාගේ ඉදලා ආණ්ඩුවේ සියලු දෙනාගේ ආශීර්වාදයෙන් සිදුකරණ සංදර්ශන කියලා සතියෙන් සතිය පුවත් මවපු ආණ්ඩුව අද දවස් දෙකින් දෙකට පුවත් මවනවා මෙහෙම පුවත් මවන විදිය දකින ජනතාව ඒමත මනස රදවන්න තමයි රජය හදන්නේ රජය උත්සහ කරන්නේ

අගෝස්තු පස්වෙනිදා දක්වා මේ රංගනය දිනපතා ජනතාවට බලන්න පුළුවන් මොකද ජනාධිපති තුමා ඇතුළු ආණ්ඩුවම සම්පුර්නයෙන්ම ජනතාව ඉදිරියේ අප්‍රසාදයට ලක්වෙමින් පවතින අවස්ථාවක සිටින්නේ එහෙනම් ආණ්ඩුව මේ කරන්නේ ඒ අඩුපාඩු දුර්වල තා වෙනුවට කොහෙවත් නැති මාතෘකා ඉදිරියට ගේන්නේ මේ සියල්ල සංදර්ශන මේවා පස්සේ යන්න එපා මොකද ආණ්ඩුව දන්නවා තමන්ට ඡන්දය දෙන ජනතාව ක්‍රමයෙන් වෙනස් වෙනවා කියලා මොකද ඕනෑම ආණ්ඩුවක් ජනාධිපතිවරයෙකු පත්වන්නේ පක්ෂයේ ඡන්ද වලින් විතරක් නොවෙයි පාවෙන ඡන්දතමයි ජයග්‍රාහකයා තහවරු වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී වුනෙත් ඒ දේමයි

මෙරට මද්‍යස්ථ ජනතාව අප වෙනුවට පොහොට්ටුව විකල්පය කරගත්තා මොකද අපි ආණ්ඩුවක් විදියට ඒ වෙනකොට ජනතා ආකර්ෂණය අඩුවෙමින් සිටි යුගයක් ඒ හේතුව නිසා තමයි අපේ පක්ෂයේ සිටිය ජනප්‍රියම අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් කරලා සටනක් දීමට හැකි වුනේ වෙනත් අපේක්ෂකයෙක් ඒ වෙලාවේ අපේ පක්ෂයෙන් ඉදිරිපත් කලානම් ගෝඨාභය දිනන්නේ වැඩි ඡන්ද ලක්ෂ 25 කට වැඩියෙන් අමතක කරන්න එපා අපිට 55 ලක්ෂයකට අධික ඡන්ද ලැබුනා දැන් එහෙනම් අපි කරන්න තියෙන්නේ 55 ලක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න.

අපි නැවත ජනතාවට කියනවා ආණ්ඩුවේ සිල්ලර මාතෘකා වෙනුවට ඇත්ත ප්‍රශ්නය බරපතලයි ආණ්ඩුවට මේ පවතින ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට හැකියාවක් නැහැ ඔබ දන්නවද අපේ රටේ ආර්ථිකය වෙනුවෙන් සංචාරක කර්මාන්තය විශාලතම දායකත්වයක් දැක්වූ බව අද ඒ ශේෂ්ත්රය සම්පුර්නයෙන්ම කඩා වැටිලා ඒ සංචාරක කර්මාන්තය මෙහෙයවන ඇමති ඉන්නේ ගම්පහ එයා බොරුවට මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රකාශ කරනවා කවුරුත් දන්නවා ප්‍රසන්න රණතුංග කියන්නේ කථාවෙන් විතරයි කියලා

හැබැයි අපේ රටේ මාධ්‍ය ආයතන කිහිපයක් ඒ කථා ලොකුවට මධ්‍යයේ දානවා හැබැයි ඒ මාධ්‍ය ආයතන දන්නේ නැහැ අද ගම්පහ සිටින අහිංසක මිනිසුන්ට රුපියල් 5000 ගන්න විදපු දුක මට හරිම කණගාටුයි මේ රටේ ප්‍රධාන මාධ්‍ය ආයතන ගැන මොකද එයාලා එක්කෝ දේශපාලනය කරනවා නැතිනම් දේශපාලකයන්ට කඩේ යනවා එක නිසා තමයි මම හැමදාම කියන්නේ මාධ්‍ය ආයතන වලට දේශපාලනයක් තියෙනවා වගේම එම ආයතන වල හිමි කරුවන්ට දේශපාලනයක් තියෙනවා මේ සත්‍ය ජනතාව තේරුම් ගැනීම වැදගත්

මම කියන්නේ ජනතාව වැඩිය දුර හිතන්න එපා මේ ආණ්ඩුව බලයට අපු ගමන් කරනවා කියපු දේවල් ටික විතරක් හිතන්න පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නීතිය ඉදිරියට ගේනවා මහා බැංකු මංකොල්ලයේ චුදිතයන් නීතිය ඉදිරියට ගේනවා පොහොර නිකන් දෙනවා මම මොකුත් කියන්නේ නැහැ ඔබම හොයල බලන්න මේ ආණ්ඩුව ඇවිත් මස අටකට වැඩියි අද මේ ප්‍රශ්න වලට උත්තර නැහැ මෙහෙම ආණ්ඩුවකට නැවත බලය දීලා ජනතාවට වෙන දේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ

මේ ආණ්ඩුව සිංහල බෞද්ධ සළුපිලි දවසින් දවස ගැලවෙනවා ආණ්ඩුව පරාජය මාවතේ ජනතාව විකල්ප සොයනවා ඒ විකල්පය දුප්පත්ගේ හිතවතා රජ කරන්න ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා සමගි ජන බලවේගය අද ජනතාව අතරින් නැගිටිනවා එකට වැඩියෙන්ම භය වෙලා තියෙන්නේ පොහොට්ටුවේ කට්ටියයි එජාපයේ සුළුතරයි අගෝස්තු 5 වෙනිදා ජනතා වරමින් අපි සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති කරන කොට මෙරට ගම්මාන 15 දහසක සංවරධනය සිදුවෙනවා රට හරිමගට ගන්නවා වැටුණු ආර්ථිකය අපි ගොඩගන්නවා සමගි ජන බලවේගය කියන්නේ කටින් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරන පක්ෂයක් ඒසදහා දක්ෂ කණඩායමක් අපි සතුව ඉන්නවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *