රෝ වහෙන් ඔරෝ කියන්නේ කුමක්ද??

ඉන්දීය රජයට එරෙහිවීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් නොමැත

රටකට ඕනෑ හෙටකට ඕනෑ කාගේ යුගයක් ද මීට අවුරුදු තුනකට පෙර පවතී ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක වේදිකාවේ රැවුදුන් වදන් පෙළකි මෙහි අර්ථය එදා මෙරට ජනතාව නිසි පරිදි ග්‍රහණය කරගන්නා ලදී. මෙරට ජනතාව තවත් වසර 1 1/2 කින් ජනාධිපති වරණය පැමිණීමට නියමිතය ඒ සදහා රටේ ජනතව ගේ සුදානම කෙසේ වෙතත් ඉහළ දේශපාලන කරලියේ පෙරලි වෙමින් ඇත.එදා සිටි ජනපති පරදා නව ජනපති වරයෙකු සහ ආණ්ඩුවක් සෑදීමට ඉන්දීය රෝ ඔත්තු සේවය කටයුතු කලබව වර්තමාන විපක්ෂය 2015 දී ඉන්දියාවට චෝදනා කරන ලදී එය නැවතත් අලුත් පිටුවකින් පරිචේදයකින් ඇරඹෙනු ඇති බව විචාරකයන්ගේ අදහසය ඉන්දීය රෝ ඔත්තු සේවය වහෙන් ඔරෝ කියන්නේ තමන්ට සහ ඉන්දීය රජයට එරෙහිවීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් නොමැති බවය .

එහි මෙගා නාටකය කුමාර වෙල්ගම රගපාමින් සිටී ඩිලාන්,මහින්දා නන්ද ,දිලුම් සහ ලොහාන් රත්වත්තෙලා දවසේ නාටක රගපාමින් සිටී. එජාපය මේ සියල්ල දෙස බලසිටිමින් හොරගල් අහුලමින් සිටිද්දී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජනපති පාර්ශවය ජනපති ඝාතන තැතත් පිළිබදව විවිධ මත සහ අදහස් පළකරති ,කෙසේ හෝ මෙරට ජනාතව තුන්වේල කාගනීමට නොහැකිව මේ දෙස දත් මිටි කමින් බලා සිටිති. ඒ ඔවුන්ට අන් සරණක් නොමැති නිසාය.

මේ සියල්ල අතරේ ඉන්දීය අගමැති ජනාධිපති වරයාට දුරකථනයෙන් අමතා සිදුකළ සංවාදය සම්බන්ධයෙන් දේශපාලන කරළියේ දැඩි කථා බහක් ඇති කරන්නකි.මෙහිදී කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය සහ ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දේශීය ජාත්‍යන්තර මාධ්‍ය සිදුකර ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් දෙරටේ රාජ්‍ය නායකයන් දෙදෙනා අතර අදහස් පළකිරීම් ඇතිවන්නට ඇතැයි දේශපාලන කරලියෙන් වාර්තා වෙයි. කෙසේ හෝ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ සිට මෙරට සමග සෘජු සහ වක්‍ර ආකාරයෙන් මෙරට සමග ගනුදෙනු කරන ඉන්දීය හස්තය ඉතා ප්‍රබලය.

මෙනිසා මොන ආණ්ඩුව බලයේ සිටියත් ඉන්දීය බලය හමුවේ දණ නැමිය යුතුමය කෙසේ වෙතත් මේ උණුසුම හමුවේ ශ්‍රී ලංකා අගමැති තෙදින නිළ සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්වන ලදී. සංචාරය සදහා මලික් සමරවික්‍රම, සාගල රත්නායක සහ අර්ජුන රණතුංග එක්වී ඇත විශේෂයෙන් ඇමති අර්ජුන රණතුංග මහතා මෙම සංචාරයේදී තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාව සහ මෙරට අතර අවසන් එකගතාවයන් ඇතිවීම සිදුවිය හැකිය.ආණ්ඩුවද විපක්ෂයද ඉන්දියාවට අදාල නැත ඒ සියලු දෙනා ඉන්දීය බලපරාක්‍රමය හමුවේ ලිලිපුට්ටන් බව අවසන් වශයෙන් ලියා තබමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *