මේක කියන්නේ කුමක් ද?? දෙන්නේ මොනවගේ උපදේශයක්ද??

දහසක් පින්තූර අතර මෙම පින්තුරයට වැඩි අවධානයක්

ශ්‍රී ලන්කනිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව් .ආර් .ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ 120 වැනි ජන්ම දින සමරුව වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර බණ්‌ඩාරනායක පිළිරුව අබියසදී පුෂ්පෝපහාර දක්වමින් බණ්ඩාරනායක මැතිතුමන් සිහිපත් කරනු ලැබීය.එම පුෂ්පෝපහාර දැක්වීමේ උළෙලේ දහසක් පින්තූර අතර මෙම පින්තුරයට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින දේශපාලන අරගලයේ දුමින්ද දිසානායක එක් චරිතයක් බවට තවත් සාක්ෂි අවශ්‍ය නොවන නිසා මෙම පින්තූරයේ කථාව කියන නිසාය

මෙහි සිටින ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් රැසකට උපදෙස් අනුශාසනා දුන් නායක හිමි නමකි සමස්ත ලංකා පිරිවෙන් අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පුජ්‍ය නැදගමුවේ මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ මෙලෙස දුමින්දව අස්වසන්නේ තවදුරටත් පක්ෂය තුල සිටින ලෙසත් කැරලි නොගසන ලෙසත් විය යුතුය.

සැමදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් උපදෙස් දෙමින් දේශපාලන වේදිකාවේ කථා නොපවත් වුවද නැදගමුවේ මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ සාමන්‍යයෙන් ශී ලංකා නිදහස් පක්ෂයේ සෑම ප්‍රධාන උත්සවයක දී කලයුතු දෙය සම්බන්ධයෙන් සෘජුව අනුශාසනාවක් සිදුකරණ හිමි නමකි. හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ඇතුළු බණ්‌ඩාරනායක පවුලේ ඥතීහු, ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක, මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු ද වෘත්තීය සමිති නායකයෝ රැසක්‌ ද එම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *