වෙසක් මුද්දරය එළි දක්වයි
මේ මස 29 වන දින නිකුත් කිරීමට නියමිතය
රාජ්ය වෙසක් උත්සවය වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය සැලසුම් කර තිබේ. මෙම සමරු මුද්දරය මේ මස 29 වන දින නිකුත් කිරීමට නියමිතය.
මෙම සමරු මුද්දරය රුපියල් 12.00 ක වටිනාකමකින් යුත් එකක් බව තැපැල් දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙක් සදහන් කළේය.
මෙවර රාජ්ය වෙසක් උත්සවය පැවැත්වෙන්නේ බිංගිරිය, දේවගිරි රජමහ විහාරස්ථානය ආශ්රිතවය. සමරු මුද්දරයෙන් නිරූපනය කෙරෙන්නේද දේවගිරි රජ මහ විහාරස්ථානයයි.