වැලිසර නාවික හමුදා කදවුරට ඇතුළුවීම පිටවීම තහනම් කරයි

කොරෝනා ආසාධිත නාවික සෙබළුන් තිස් දෙනෙකු හමු වීමත් සමග වැලිසර නාවික හමුදා සම්පුරණයෙන් වසාදමා ඇති අතර කදවුරට කිසිවෙකු ඇතුළු වීම සහ පිටවීම සම්පුරණයෙන් තහනම් කර ඇත එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම නිලධාරීන්ට යළි කඳවුරට කැඳවා ඔවුන්ව නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

නාවික හමුදා කඳවුරට අනියුක්තව සිටි නාවික සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (23) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.වැලිසර නාවික හමුදා කඳවුර මේ වනවිට සම්පුර්ණයෙන්ම හුදෙකලා කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *