හෙටින් පසුව වැසි තත්වයේ අඩුවක්

 

අඩු පීඩන තත්වයද අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බවටද

රට තුල මේ වනවිට පවතින වැසි තත්වය හෙටින් පසුව පහව යනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනාවැකි පල කරනවා.ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන තත්වයද අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බවටද ඔවුන් අනාවැකි පල කරනවා. ඉදිරි පැය 24 සඳහා එම දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.

මහජනයා සඳහා කාලගුණ අනාවැකි

2018 මාර්තු මස 13 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි. 

ශ්‍රී ලංකාවට ආසන්නයේ පැවති අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට නිරිත දෙසින් පවතී. එය දිවයිනෙන් ඉවතට එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

පවත්නා වැසි සහිත කාලගුණ තත්වය (විශේෂයෙන් දිවයිනේ නැගෙනහිර කොටසේ)හෙට දිනයෙන් පසුව යම් ප්‍රමාණයකට අඩුවේ යයි අපේක්ෂා කලහැක.

උතුරු මැද, නැගෙනහිර, ඌව සහදකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් වයඹසහඌව පළාත්වල සහමන්නාරම දිස්ත්‍රික්කයේ (මි.මි 75-100 පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *