අපි ජාති ද්‍රෝහීන් කලේ යුද්ධයට බයේ එදා හැංගිලා හිටිය අය // ෆීල්ඩ් මාර්ෂල් කියයි

කොළඹ ඉගෙන රට ජාතිය ගැන කථා කරන 99% ක් ම ප්‍රභාකරන්ට විරුද්ධව මොනවද කලේ අද අපිට ද්‍රෝහියෝ කාල කන්නි කියන දේශප්‍රේමියෝ FB එකේ අපිට විරුද්ධව ලියන අය එදා කොහෙද හිටියේ මම හමුදා පති වෙන්න ඉස්සෙල්ලා ඉදලා හිටියේ උතුර නැගෙන හිර ප්‍රදේශවල අද ඔය කයිය ගහන කට්ටිය අනුරාධපුරය පොලොන්නරුව ප්‍රදේශවලින් එහාට ගියේ නෑ එදා ඔන්න දෙස්හිත්යිශීන් මේ වගේ මිනිස්සු තමයි අපි ජාති ද්‍රෝහියෝ කරලා තියෙන්නේ අපි වැඩකලේ රට ජාතිය බේරගන්න

මගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩකලේ යුධ පිටියේ මගෙන් පස්සේ තවත් හමුදා පති කෙනෙකුට යුද්ධය ඉතිරිකරන්නේ නැහැ කිව්වේ මට හමුදාව ගැන ලොකු විශ්වාසයක් තිබුණු නිසා මම සුදුසු යට තැන දුන්නා නායකත්වය කෙරෙහි ඇති විශ්වාසය මම ඇති කළා මට ඉස්සෙල්ලා හිටපු හමුදා පතිවරුන්ට යුද්ධය දින්නන්න සැලසුම් තිබුනට ඒවා ක්‍රියාත්මක කරන්න තරම් හැකියාවක් තිබුනේ නැහැ ඔවුන් අසාර්ථක උත්සාහයන් තමයි ගත්තේ එකෙන් උනේ ප්‍රභාකරන් තව ශක්තිමත් වීම

හැම ආණ්ඩුවකටම යුද්ධය දිනන්න අවශ්‍ය තාවයක් තිබුනා ඒත් ඒක කරගන්න බැරිවුණා අපි හමුදාව හරි විදියට ඉස්සරහට ගෙන ගියේ නැහැ හැම මෙහෙයුමක් ම කලේ භුමිය අල්ලා ගන්න මම කලේ ත්‍රස්තවාදීන් මරාදමන්න මට තේරුනා ඔවුන්ගේ පිරිස් බලය අඩු වුනොත් යුද්ධය දිනන්න පුළුවන් කියලා මගේ සෙබළු යම් ප්‍රමාණයක් මැරුණා ඒත් මගේ සැලසුම හරි ගියා මේ යුද්ධයේ සම්පුර්න ගෞ රවය යන්න ඕන ඒ මියගිය තුවාල ලැබූ සහ රණබිමේ ඉදිරියෙන්ම ගිය සෙබළුන්ට

ඔවුන් කල කැප කිරීම නිසා අපි තිස්වසරක යුද්ධය දිනාගන්න පුළුවන් වුණා ප්‍රභාකරන් ඇතුළු සියලු ත්‍රස්තවාදීන් යුධ බිමේදී මියගියා මම කලපු සැලසුම් හරියට දිනයට අනුව අවසන් කළා මට කිලිනොච්චිය අල්ලන්න තමයි අදාල දිනයට බැරිවුනේ එක වුණේ යුධ බිමේ ඇතිවූ දැඩි දුෂ්කරතා නිසා අනිත් සියලු සැලසුම් සාර්ථක වුණා සටන් විරාමයන් නිසා ප්‍රභාකරන ශක්තිමත් වුනා එයා බැලුවේ අපේ දුර්වලතා දෙසයි එයින් තමයි ත්‍රස්තවාදීන් ශක්තිමත් වුනේ මම යුධ හමුදා ජීවිතය සහ තිස්වසරක යුද්ධය අවසන් සටන ඇතුළු සියලු කරනා සවිස්තරාත්මකව පොතකට පෙරලන්න බලාපොරොත්තු වෙනවා

හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රුපවාහිනී නාලිකාවක වැඩසහනකට එක් වෙමින් මෙම අදහස් පලකරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *