ජනපති අභිමතය නිසා දෙස් විදෙස්වල කීර්තිය නැතිකර ගත්තා

ජනපති අභිමතය නිසා දෙස් විදෙස්වල කීර්තිය නැතිකර ගත්තා

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තනි කැමැත්ත මත ජනවරම පාවාදුන් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ගත් එම ක්‍රියාමාර්ගයට ශ්‍රේෂ්ඨාධිකරණය නිසි පිළිතුර ලබා දෙනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගනු ලැබූ තීරණය පිළිබද මාධ්‍යට අදහස් පලකරමින් හිටපු විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් කල් තැබීමටත් විසුරුවා හැරීමටත් ජනාධිපතිවරයාට බලතල තිබුණා. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් එම බලතල අහිමි වී තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර හතර හමාරක් ගෙවුණු පසුවයි.මෛත්‍රීපාල සිරිසේන මහතා ස්ව අභිමතය පරිදි ගනු ලැබූ ක්‍රියාමාර්ගය පරාජය වීමට යන බව දැන දැනම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. එය රට ජනතාවට පමණක් නොවෙයි ජාත්‍යන්තරයත් දන්නා සත්‍යක්.

මෑතක සිට ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයේ නොසිටිය යුතුයි කියන හැගීමෙනුයි කටයුතු කළේ. තමන් පත්කළ නව අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමේදී අපරාජිත විය යුතුයි කියන එක ඔහුගේ අදහස වුණා. ඔහුගේ එම උත්සහාය අන්ත පරාජය වීමට යන බව දැනගත් විගසම එම පරාජයේ අවමානයෙන් මිදීම සඳහා පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවා හැරියා. ඔහුගේ ඒ ක්‍රියාකලාපය නිසා ජනවරම ද පාවා දුන්නා යැයිද සම්බන්ධන් මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *