අගමැති කම රැක ගන්න සිල්ලර වැඩ කරනවා

දකුණු පළාත් සභාවේ එජාප  මන්ත්‍රී ටී.වී.කේ ගාමිණී

මේ ආණ්ඩුව කරන්නේ රට සංවර්ධනය කිරීම නොව මැති ඇමතිවරුන් සංවර්ධනය කිරීම පමණක් බව දකුණු පළාත් සභාවේ එජාප  මන්ත්‍රී ටී.වී.කේ ගාමිණී මහතා පවසයි.26 දින  උදෑසන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

මේ අපේම ආණ්ඩුව මොනවා කරනවාද කියලා අපිටම හිතාගන්න බෑ. අර අඩි සීයේ මාර්ගයේ වන්දි ටික තාම දෙන්න බැරි වුනා. මිනිස්සු ඇවිල්ලා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වටලන තත්වයකට පත්වෙලා. ඔය අඩි සීයේ පාරේ වන්දි ටික ගෙවන්න තිබුණා මේ මැති ඇමතීන්ට ගේන එක වාහනයක් නැවැත්තුවා නම්. නමුත් එහෙම කරලා ජනතා ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ නෑ. අගමැති කම රැක ගන්න සිල්ලර වැඩ කරනවා. අගමැතිකම රැකගන්න මන්ත්‍රීවරුන්ට වරප්‍රදාන දෙනවා. ඒක නෙවෙයි අද කරන්න ඕන. ජනතාව ට පාක්ශිකයට සහන සලසන එක. නමුත් අද වෙන්නේ නැත්තේ ඒක.

මැති ඇමතිවරුන්ගේ නිවාසත් ජනතාව වට කරන දිනය වැඩි ඈතක නෙවේ. ජනතාව ගිය ඡන්දෙදී ආණ්ඩුවට තියන විරෝධය පෙන්නුවා. අවස්ථාව දුන්නා හැදෙන්න නමුත් මේ ආණ්ඩුව ජනතාව හදන්න උත්සාහයක් නෑ. මන්ත්‍රීවරුන් හදන්න තමයි මේ හදන්නේ. සමාද්ධිය දීලා මිනිස්සු ගේ ඡන්දේ ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒක විහිළුවක්. අද රටේ ජනතාව බුද්ධිමත්. මේ විදියට ඉදිරියේ දී මොන මැතිවරණය තිබුණත් අපි පරාදයි. දැන් සිට හෝ මේ මැති ඇමති වරුන්ගේ සහන කප්පාදු කරලා මේ සහන ජනතාවට ලබා දීම සිදුකරහොත් යම්කිසි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. නැත්නම් ඉතින් ඉදිරි මැතිවරණ ඉවරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *