සිංහරාජයේ මැද ජල බෝතල් කර්මාන්තත ශාලාවකට පිඹුරුපත් හදලා

සිංහරාජයේ අක්කර 08ක් කපා ජල බෝතල් කාර්මාන්තශාලාවක්

හදපාන්ඇල්ල, සිංහරාජ අලි සංක‍්‍රමණ භූමියේ බෝටියතැන්න ප‍්‍රදේශයේ අක්කර 8 ක පමණ භූමි ප‍්‍රමාණයක් අනවසරයෙන් කපා දමා ඇති බවපරිසර සංවිධාන  පෙන්වා දෙති. යුනිස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්‍ෂිතයේ වෙසෙන දැවැන්ත වනඅලීන් දෙදෙනා සිටින්නේද මෙම ප‍්‍රදේශය ආශි‍්‍රතවයි. ජල බෝතල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ අරමුණින් එම රක්‍ෂිතය මෙලෙස එළිපෙහෙළි කර ඇති බවයි වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ  කැදවුම්කරු ජයන්ත විජේසිංහ පවසයි.

මෙම ප‍්‍රදේශය එළිපෙහෙළි කිරීමෙන් සිංහරාජ රක්‍ෂිතයේ සිටින දැවැන්ත වනඅලි දෙදෙනාගේ ආරක්‍ෂාවද අවදානමට ලක්වන්නටද සිදුව ඇත. කිසිදු පරිසර වාර්තාවක් හෝ අවසරයක් නොමැතිව හෙළි කර ඇති මෙම ප‍්‍රදේශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කිරීමට පරිසර සංවිධාන පියරගෙන ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ  සභාපති ඉසුර දේවපි‍්‍රය කියාසිටියේ මේ පිළිබද ඉදිරියේ දී  අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බව කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *