ගුවන්තොටේදී කාන්තාව අසරණ වුණාද? අසරණ කලාද? වීඩියෝ සහිතයි!!!

ජනපතිතුමනි මේ ඔබේ අවධානය පිණිස

මේ මෙරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපල වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල තුල ගුවන් මගියෙකුට සිදුවන අසාධාරණයකි ඇය කාන්තාවකි ඇය විවාහව සිටින්නේ ස්වීඩන් ජාතිකයෙකු සමගය කෙටි නිවාඩුවක් සදහා ලංකාවට පැමිණෙන මෙම කාන්තාව නැවත ස්වීඩනය බලා පිටත්වීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත මීට දින කිහිපයකට පමණ පෙර පැමිණ ඇත

සිය ආරක්ෂක කටයුතු නිම කිරීමෙන් අනතුරුව තමන් ගමන්ගනනා ගුවන් සේවයේ කවුන්ටරය වෙත යන්නේ තම ගමන් මලු භාරදීම සදහාය එහිදී එම ගමන් මලු තුල නියමිත බරට වඩා කිලෝ දෙකක් වැඩි බව දානවා ඇත මෙහිදී අදාල කාන්තාව සහ එම ස්ථානයේ සිටි එමිරේට ගුවන් සේවයේ කාර්යමණ්ඩලය අතර වචන හුවමාරුවාවක් සිදුව ඇත අනතුරුව එම කාන්තාව විසින් එම වැඩි කිලෝ ප්‍රමාණයට ගෙවීමට අවශ්‍ය කටයුතු පවා සිදුකර ඇති පසුබිමක අදාල කාන්තාව අපහසුතාවයට පත්වන ආකාරයේ ක්‍රියාවක එමිරේට් ගුවන් සේවයට සම්බන්ධ කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත

අනතුරුව එම කාන්තාව එම අවස්ථාවන් සිය ජංගම දුරකථනයෙන් පටිගත කිරීම නිසා ඇය අදාල ගුවන් සේවයේ කාර්යාලයට කැදවා එම පටිගත කරනලද දර්ශන ඉවත් කරන ලෙස තර්ජනය කල බව අදාල කාන්තාව අප වෙත වාර්තා කර ඇත පසුව එම කාන්තාව කලහකාරී ලෙස හැසිරීම නිසා ගුවන් යානයට ගොඩකිරීම අදාල නිලධාරීන් විසින් වලක්වා ඇත තමන් නිසි පරිදි මුදල් ගෙවා ගුවන් ගමන වෙන්කරවා ඇති තත්වයක කිලෝ දෙකක භාණ්ඩ සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව එම කරය මණ්ඩලය විසින්ම දුරදිග ගෙන ගොස් කාන්තාවට ගුවන් ගමන අහිමි කිරීම දක්වා රැගෙන යන්නේ කගේ වුවම්නවටද ??? යන්න ගැටලුවකි

පසුව සියලු අඩත් තේට්ටම් ඉවසමින් තමන් ගුවන් තොටුපලින් එලියට පැමිණි බවත් අනතුරුව මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපලේ පොලීසියට පැමිණිලි කල බව සදහන් කරයි තවත් අමතර ගුවන් ගාස්තුවක් ගෙවා ඊට පසුදිනයේ යට රටින් පිටවීමට සිදුව ඇත. රටක ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපලක වෙනත් ගුවන් සේවයක කණඩායමක් මෙරට කනතාවකට මේ සිදුකරන අඩත් තේට්ටම් සම්බන්ධයෙන් බලධාරීන් වහාම පියවරක් ගතයුතුව ඇත රතී කීර්තිනාමයට හානිවන ආකාරයෙන් හැසිරීමට කිසිම කෙනෙකුට ඉඩ ලබාදිය නොයුතුය අපේ රට පසුගිය සාමය පුරා ජාත්‍යන්තරයේ ඇතිවූ කළු පැල්ලම් ඉවත්කරමින් සිටින මොහොතක මෙවන් ක්‍රියාවන් තුලින් සිදුවන්නේ රජයට නැවත අපවාදය පැමිණීම නොවේද??

මේ සම්බන්ධයෙන් අදාල කාන්තාව ස්වීඩනය වෙත ගොස් ඇත්තේ එම දිනට පසු දිනයේදීය එයත් අමතර ගුවන් ගාස්තුවක් ගෙවීමෙන් අනතුරුවය කාන්තාවක් වශයෙන් ගුවන් තොටුපලේ තනිවූ බවත් අදාල සියලු බලධාරීන් තම අසරණ භාවයෙන් යුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළබවත් ඇය සදහන් කරයි මේ සම්බන්ධයෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු කරන එමිරේට්ස් ගුවන් සේවයේ නිළධාරියෙකු වගකිව යුතු බව ඇය සදහන් කරයි

එම නිළධාරියා දිගින් දිගටම තමන්ට තර්ජනය කල බවත් කිසිම මානුසික ගුණයක නොමැති පුදගලයෙකු බවත් සදහන් කරන ලදී අදාල සිදුවීම වැනි සිදුවීමක් තවත් කාන්තාවකට ඇතිනොවීමට සදහන් කරන ලදී මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති තුමන් සහ ගුවන්තොටුපල භාර අමාත්‍ය තුමන් වෙත පැමිණිලි කරන බවත් මෙවන් නිලධාරීන් සම්බන්ධයෙන් ගුවන්තොටුපල බලධාරීන්ද පියවර ගතයුතු බව අවධාරණය කරසිටිමි.

මෙම සිදුවීමේ දී අදාල කාන්තාවගේ පැත්තෙන් යම් කල බලයක් ඇතිවීම සිදුවූවා කියන උපකල්පනය කලද මෙවන් සිදුවීම් ඇතිනොවීමට අදාල බලධාරීන් පියවර ගත යුතුව ඇත ඇය ලංකාවේ උපන් කාන්තාවක වුවද ඇය විවාහව සිටින්නේ විදෙස් ජාතිකයෙකු සමගය එම නිසා ඇය අදාල රටට අයිති කාන්තාවකි ඇයගේ පාර්ශවය පමණක් කථා කිරීමට සිදුවූයේ එම නිසා සහ ඇය කාන්තාවක් නිසාත් ඇය තනිව අදාල සිදුවීමට මුහුණ දීම නිසාත් ඇයට අසාධරණයක් සිදුව ඇතිබවට වන පූර්ණ නිගමනය තුලය මෙය සංවාදයට සහ අදහස් දැක්වීමට ඉඩ තබමි මෙම සිදුවීම කිසියම් පාර්ශවයකට අසාධාරණයක් සිදුවීනම් ඒ සදහා අප කණගාටු වන බවත් එය නිවැරදි කිරීමට අදාල ලේඛන සහ දර්ශන ප්‍රචාරය කිරීමට බැදී සිටිමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *