කොරෝනා රෝගීන් හමුවීම නිසා වේයන්ගොඩ ආර්ථිකය වසයි

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථාන දෙක අතරින් එකක් වන වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ සිට වසා දැමීමට කටයුතු කර තිබේ.ඒ එම මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වීම හේතුවෙන් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කරයි

දෛනිකව විශාල එළවලු තොග බෙදාහරින මධ්‍යස්ථානය වන වේයන්ගොඩ ආර්ථික මධස්ථානය හරහා ලංකාවේ වැඩිම ජනගහනයක් සිටින ගම්පහ දිස්ත්‍රික්කයට එළවලු සපයන අතර විශාල වෙළදුන් පිරිසක් එහි සරි වරනු ලබයි රාත්‍රී කාලයේ සිට පසුදා දහවල් දක්වා මෙහි ව්‍යාපාරික කටයුතු සිදුකරන අතර මෙහි සිටි වෙළදුන්ට සහ සෙසු සේවකයන් වහාම PCR පරීක්ෂනයනට භාජනය කලයුතු බව සදහන් කරයි . මධ්‍යස්ථානය විවෘත කිරීම ගැන තීන්දුව ගනු ලබන්නේ මෙම කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල ලැබුණු පසු සෞඛ්‍ය උපදෙස් මත බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටින ලදී

Covid 19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *