හෙළයේ මහා සිනමාකරුවා අද සදහටම දැයෙන් සමුගනී.
අවසන් කටයුතු පුර්ණ රාජ්ය ගෞරව සහිතව නිදහස් චතුරශ්රයේදී.
ශ්රී ලංකාවේ එතෙක් මෙතෙක් පහලවූ අසහාය සිනමා කරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු පුර්ණ රාජ්ය ගෞරව සහිතව අද සිදු කිරීමට නියමිතයි.
ආචාර්ය පීරිස් මහතා වසර අවරුදු 99 ක් ආයු වළඳා පසුගිය දා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්රත්ත වුණා.මේ වනවිට කොළඹ 05 ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසේ තැන්පත්කර තිබෙනවා.එතුමාට අවසන් දැක්වීම සඳහා ලක්ෂ සංක්යාත පිරිසක් මේ වන විටත් සහභාගී වී තිබෙනවා.
එතුමාගේ දේහය රැගත් රිය පෙරහැර අද උදැසන 10.00ට නිවසින් පිටත් වීමට නියමිත අතර පෙරවරු 11.00 සිට මහජන ගෞරවය සඳහා කොළඹ නිදහස චතුරශ්රයේ තැන්පත් කර තැබීමට නියමිතයි.අවසන් කටයුතු පූර්ණ රාජ්ය අනුග්රහය සහිතව සවස 3.00 ට සිදු කිරීමට නියමිතයි.
සම්බන්ද පෙර පුවත්