වර්ෂාවත් සමග හැටන් ආශ්‍රිත ප්‍රදේශවල ජන ජිවිතයට විවිධ බාධා

(මනුර සුදත් සෙල්ලහේවා හැටන්)

මධ්‍යම කදුකරයේ පලාත් තුල පවතින වර්ෂාවත් සමග හැටන් ආශ්‍රිත ප්‍රදේශවල සමන්‍ය ජන ජිවිතයට විවිධ බාධා එල්ලවෙමින් පවති.

18වන දින උදැසන සිටම පවතින මෙම වර්ෂාවත් සමග හැටන් කොළඹ හා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගවල ස්ථාන කිපයක පස් කදු කඩා වැටිමක්ද සිදුව ඇති අතර හැටන් හා අවට ප්‍රදේශ කිපයක තැන තැන විටින් විට මද මී දුම් තත්වයන්ද පවතින අතර මෙම මාර්ගවල රථ වාහන ධාවනයේදි ඉතාමත් කල්පනාකාරිවන ලෙස හැටන් පොලිසිය සියලු රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.

පවතින වැසි සමග මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම්ද ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු විමලසුරේන්ද්‍ර බලාගාරයේ නිලධාරියකු පවසන ලද්දේ 19වන දින උදැසන වන විට නොර්ටන් ප්‍රදේශයට මිලිමිටර් 103.05ක් කාසල්රි ජලාශ ආශ්‍රිත ප්‍රදේශයට මිලි මිටර් 92ක් මාඋස්සාකැලේ ජලාශ ආශ්‍රිත ප්‍රදේශයට මිලි මිටර් 89ක් වශයෙන් වර්ෂාව පැවති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *