මන්ද මානසික දැරිය අපයෝජනය කල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු පහක් රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු ඇතුළු සැකරුවන් පස්දෙනා

පසුගියදා තණමල්විල ප්‍රදේශයේ දහතුන් වන වියේ පසුවන මන්ද මානසික දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධ යෙන් තණමල්විල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු ඇතුළු සැකරුවන් පස්දෙනා සෙවනගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16දා තෙක් රිමාන්ඞ් භාරයේ තබන ලෙස මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත

මන්ද මානසික දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ සෙවනගල පොලිස් වසමේ කිරිඉබ්බන්වැව පදිංචිකරුවන් වූ ගොඩැල්ලගේ ඉසුරු නවෝද්‍ය නොහොත් ඉසුරු, මහමඩ කපලූවගේ විල්ප‍්‍රන්, තණමල්විල ප‍්‍රාදේශීය සභා සභික රණවීර ආරච්චිගේ රණවීර නොහොත් නාලක (ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ), එච්.ඒ. ප‍්‍රියංග කුමාර නොහොත් චමින්ද සහ සෙවනගල නුගේගල යායේ හෙට්ටිආරච්චිගේ ආනන්ද නොහොත් හීන් මාමා යන අයයි.

මේ වන විට ලිංගික අපයෝජනය ලක් වූ මන්ද මානසික දැරිය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.පාසල් දැරියක වන ඇය අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව පොලීසිය පවසයි. මාස තුනක කාලයක පමණ සිට වරින්වර මෙම දැරිය ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට තොරතුරු ඇති බවත් ඒ සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ පවත්වන බවත් සෙවනගල පොලීසිය පැවසීය.මෙම සිද්ධිය සම්බන්‍ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් මුලින් අත්අඩංගුවට ගෙන තිබුණි.ප‍්‍රාදේශීය සභිකයා ඇතුලූ තිදෙනෙක් පොලීසිය මගහැර සිටියහ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් කරද්දී අත්අඩංගුවට ගැනීම හැකිවූ බව පොලීසිය කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *