කැබිනට් මණ්ඩලයේ වාර්තා රැසක් සමග අලුත්වන ඉතිහාසය

පිය පුතු කැබිනට් මණ්ඩලයේ,පළමු පාර්ලිමේන්තු ගමනට ඇමති දුරයක්‌,වැඩිම වාර ගණනක් ඇමති,අඩුම වයසින් කැබිනට් ඇමති ඇතුළු වාර්තා රැසක් මෙන්න

අලුත් කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සහ එහි සුවිශේෂී අවස්ථා සම්බන්ධයෙන් විමසීමක් කල යුතුමය ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු එක දිනයක් හෝ නොගිය පළමු ඇමතිවරයා බිහිවන්නේ මෙවරය ඒ අධිකරණ අමාත්‍ය දූරය හොබවන නීතිවේදී අලි සබ්රි මහතාය එමෙන්ම ඉතිහාසයේ වැඩිම කාලයක් ඇමති වරයෙකු වශයෙන් දුවුරුම් දීමේ වාර්තාව බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන නිමල් සිරිපාල මහතා හිමිකරගෙන ඇත ඒ 1994 සිට පුරා වසර 26 කට අධික කාලයක් මෙරට කැබිනට් අමත්‍ය දුරයක් ලබමින්ය එමෙන්ම මෙවර කැබිනට් මණ්ඩලයට ලංකාවේ පළමු වතාවට අඩුම වයසින් නියෝජනය කිරීමේ වාර්තාව නාමල් රාජපක්ෂ මහතා හිමිකරගෙන ඇත මෙහි මුල්ම වාර්තාව රනිල් වික්‍රමසිංහ මහතා විසින්ද පසුව දුමින්ද දිසානායක මහතා විසින්ද හිමිකරගෙන තිබුණි

තවත් කාරණයක් ඇත ඒ එස් බී දිසානායක මහතා විසින් තබා ඇති වාර්තාවයි ඒ 1994 සිට අමාත්‍ය දුරයක් ලද එස් බී මෙවර අමාත්‍ය දුරයක් නොලම්බීමය අනෙක් කාරණය වන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට දිස්ත්‍රික්ක හතරක් වෙනුවෙන් අමාත්‍ය දුරයන් වෙන් නොවීමය ඒ පුත්තලම,ත්‍රීකුණාමලය ,දිගාමඩුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්ක වෙනුවෙනි .තවත් සුවිශේෂී අවස්ථාවක් වන්නේ පළාත් ප්‍රධාන අමාත්‍ය දුරයන් ලද පස්දෙනෙකුට කිසිම අමාත්‍ය තනතුරක් නොලම්බීමය ඒ සුසිල් ප්‍රේමජයන්ත ,ශාන් විජයලාල් සිල්වා ,මහින්ද යාපා අභේවරධන සහ චාමර සම්පත් දිසානායක සහ සිවනේශ තුරේ චන්ද්‍රර කාන්තන් හෙවත් පිල්ලෙයාන් වෙතය.

කිසිදා පාර්ලිමේන්තු නියෝජනයක් සිදු නොකළ නාලක ගොඩහේවා ,අජිත් නිවාඩ් කබ්රාල් ,චන්න ජයසුමන ,සීතා අරම්බෙපොල ,යන මහත්ම මහත්මීන් වෙත පළමු පාර්ලිමේන්තු ස්ම්ප්‍රප්තියෙන්ම රජය අමාත්‍ය දුරයන් හිමිව ඇත . තවත් විශේෂ සිදුවීමක් වන්නේ ඉතිහාසයේ පළමු වරට පියෙකු සහ පුතෙකු කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීමය ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා ය එමෙන්ම ඉතිහාසයේ පළමු වරට පියෙකු සහ පුතෙකු රාජ්‍ය අමාත්‍ය දුරයන් දරන්නේ ද මෙවරය ඒ චමල් රාජපක්ෂ සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන්ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *