අලිමංකඩ දී සෙබළුන් 2000 කගේ සිරුරු මතින් දිවි බේරාගත් උපනන්දගේ කථාව

1991 දී අලිමංකඩ යුධ පිටියේ දිවි බේරාගත් උපනන්ද ගේ හැදුනුම්පත වසර 29 කට පසු යාපනයෙන් හමුවෙයි

ජායාරූප හා සටහන කෑගල්ල හෙම්මාතගම සමන් විජය බණ්ඩාර
හමුදා ඇඳුමකට සමාන ඇඳුම් කොටස් සමග හැඳුනුම්පතක් සහ තවත් උපකරණ රැසක් යාපනයේදි හමු වු බව පසුගිය 16 වැනි දින මාධ්‍ය වාර්තා පල වි තිබුණු අතර එම හමුවු උපකරණ අතර ජාතික හැදුනුම්පතක් රියදුරු බලපත්‍රයක් ද සොයා ගෙන ඇති අතර එම ජාතික හැදුනුම්පත් අංකයට අනුව නම සඳහන්ව ඇති කෑගල්ල, හෙම්මාතගම, දුම්බුළුවාව ලිපිනයේ පදිංචි නුවර හේනයලාගේ අමිත උපනන්ද සොයා ගෙන අප එම නිවස වෙත ගියේ මෙම සිදුවිම වාර්තා වි ගෙවි ගිය පසුගිය 18 වැනි දිනයේදිය.
මෙම ජාතික හැදුනුම්පත හිමි යුධ හමුදාවේ සේවයේ නිරත මෙම යුධ හමුදා සෙබලා වසර තිහක් තිස්සේ යුද්ධය අවසන් කිරිම වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් යුතුව සටහන් කිහිපයකටම දායක වු රණකාමී සෙබළෙකි. අදටත් ජිවත් විමට තරම් වාසනාව ලද ජිවිතය අනුනවයෙන් බේරා ගන්නා ගැනිමට තරම් වාසනා මහිමයක් මොහුට තිබුණි. මේ වන විට යුධ හමුදාවෙන් විශ්‍රාම ලබා කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයේ යෙදි සිටින මෙම රණකාමි වීර සෙබළා අපේ රටේ යුධ ඉතිහාසයේ නොමැකෙන නමක් සටහන් කරන ලද යුධ බිම අත්දැකිම් රැසක් ලැබු අයෙකි. මාන්කුලම් දරුණු සටන් පැවැති සමයේ ඔහුගේ අදටත් නොමැකි ඇති දකුණු ඉලයට වැදුනු වෙඩි පහර නිසා යුධ හමුදා රෝහලේ දින 14 කට වඩා වැඩි කාලයක් ප්‍රතිකාර ලබා ඇත්තේය.
පසුගිය 16 වැනිදා ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය සහ යුධ හමුදා නිළ ඇදුම් යනආදිය හමුවිමෙන් පසුව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග යටතේ අදාල ස්ථානය සම්බන්ධනේ තවදුරටත් පරීක්ෂා කිරීමට නියමිත බවත් ජාතික හැදුනුම්පත සහ රියදුරු බලපත්‍රය හිමි පුද්ගලයාගේ තොරතුරු සොයා පරීක්ෂණ පවත්වන ලෙසට පොලිසිය වෙත නියෝග කර තිබුණු අතර අප මේ නිවස සොයා ඔහුගේ තොරතුරු යුධ අත්දැකිම් යනආදිය ගැන තොරතුරු සොයා යමින් සිටියදි පොලිසිය සහ රජයේ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනිමේ අරමුණින් මෙම නිවස වෙත එමින් තිබුණි.
අප නිවසට ගිය අවස්ථාවේ තම බිහිසුණු අත්දැකිම් විස්තර කරන ලද 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික කෝප්‍රල් අමිත උපනන්ද විරෝධාර රණවිරුවා අප හට සිය අත්දැකිම් කිහිපයක් විස්තර කලේ මෙලෙසිනි.
මම හෙම්මාතගම කෑ/මාව නගරගිරි ම. විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන ආධුනිකයෙක් ලෙස යුධ හමුදාවට බැදුනේ 1991 ජනවාරි හතර පනාගොඩ යුධ හමුදා කඳවුරට එම කඳවුරේ පුහුණුව ලැබුවේ පාබල යුධ හමුදා සෙබලෙකු විදිහටයි. පුහුණුවෙන් පස්සේ යාපනයට උඩින් තියෙන ඩෙල්ෆ් දූපතට ඒහා තියෙන මඩතිව් ප්‍රදේශයේ වැඩ කලා. ඊට පස්සේ වවුනියා, පුනරීන් අවුරුදු තුනක් විතර වැඩ කරා තවත් ස්ථාන කිහිපයකම වසර ගණනක අත්දැකිම් මට තියෙනවා.
කෙසේ හෝ මාගේ හැදුනුම්පත් ඇතුලූ උපකරණ නැති වුනේ මාගේ මතකයේ හැටියට බිහිසුණු සටන් තිබුණු අලිමංකඩ ඉදිරි ආරක්ෂක වළල්ලේදි විය යුතුයි. ඒ සටනේදි අපි බොහෝ දෙනෙක් අලිංමකඩට කොටු වේලා හිටියා. එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදින් අපේ හමුදා කඳවුර වටකරලා දින කිහිපයක් අපි සමග සටන් කලා.
එල්.ටි.ටී.ඊ එක කිලාලි වලට උඩින් එයාලාගේ ලයින් එකක් දාලා තිබුණා. ඒ අය දෙපැත්තටම ගහගෙන යනවා මාගේ මතකට හැටියට දවස් හතරක් වාගේ තමයි අපි කොටු වුනේ. අපේ සේනාංකයේ 130 ක් පමණ සහ තවත් සේනාංක කිහිපයකම අය විශාල පිරිසක් කොටු වේලා තමයි හිටියේ. සිංහ රේජිමෙන්තුව, විජයබාහු ඒ අයත් මේ සමග කොටු වේලා හිටියා. එල්.ටි.ටී.ඊ එක නොනවත්වා කඩින් කඩ පහර දෙන්න ගත්තා. අපිට ඛෙහෙත් ආහාර සැපයිම් සියල්ල එල්.ටි.ටී.ඊ එක ඒ වෙන කොටත් වලක්වා ගෙන තමයි මේ සටන දියත් කරගෙන ගියේ.
දින තුනක් විතර ගත වුනාට පස්සේ ඒ අතරවාරයේදි තමයි අපේ තිබුණු බොහෝ දේවල් නැති වුනේ. අපිට තිබුණු ඇදුම් කට්ටලයේ බර අනුව අපිට සටන් කිරිමට අමාරුකම නිසා අපි ලග තියෙන සමහර දේවල් අපි අයින් කර ගැනිමට තීරණය කලා. අපිට කෑම නැහැ ගොඩාක් බර අරන් යන්න බැහැ. ඒවා ගලවමින් තමයි අපි මේ ගමන යන්නේ සමහර අය යට ඇදුමෙන් විතරයි.
හතර පැත්තෙන් ගහනකොට නිදහසේ ආරක්ෂිතව එන්න තැනක් බලා ගැනිමත් එම අවස්ථාවේ වැදගත් අපිට අපේ ජිවිත බේරා ගැනිමට නම් කිලාලි කලපුව පැත්තෙන් තමයි යන්න සිද්ධ වුනේ ජලයේ බැහැලා යන්න ඔනෑ නිසා එම කලපුවේ යන අතරවාරයේදිත් අපි අපේ ඇදුම් පැලදුම් අත රැදි බොහෝ දේවල් අපි අයින් කර ගෙන ආවත් අතේ තිබුණු ටි.56 සහ තුවක්කුවට අවශ්‍ය උණ්ඩා යනආදිය ඇති පමණින් සතුරා විසින් යම් අවස්ථාවක පහර දිමක් සිදු කර හොත් ඊට මුහුණ දිමටත් සුදානමින් පැමිණෙමින් සිටියා කලපුවට බැහැලා.
ඔය නැතිවේලා තිබුණෙA මාගේ පාසල් යන දවස් වල ගත්ත ජාතික හැදුනුම්පත මේ ටික යුද්ධය වේලාවේ නැති වුනාට පස්සේ මම අලූතෙන් හැදුනුම්පත් හැදුවා. මේ සටනේදි අපේ සහෝදර සෙබළුන් ගොඩාක් දෙනෙක්ගේ දිවි අහිමි වුනා අදටත් එය සිහිවෙනකොට හරි දුකයි. එකට කලා බිලා ජිවත් වුනු අපිට අපේ අය ගොඩාක් දෙනෙක් අහිමි වුනා. ගොඩාක් දෙනෙක් zz පිට් ZZ එක හැදිලා මිය ගියා සමහර අයට කෑම බිම නැතිව මිය ගියා. මාත් අපි සමග සිටි සමහර අයත් ගස් වල කොළ පොතු කෑවා සමහර අවස්ථාව තල් ගෙඩි කෑවා ඒ විදිහට තමයි ජිවිතය දවස් ගණන් තියා ගන්න ශරිර සෞඛ්‍ය හදා ගත්තේ. වතුර තිබුණා ඒ ජලය ලූණු රස මිශ්‍රයි.
අලිංමකඩ සටන වෙනුවෙන් එල්.ටි.ටී.ඊ සංවිධානයේ ලොකු බලඇණි රැසක්ම හිටියා සාමාන්‍යයෙන් දෙදහස් පන්සියක් තුන්දහසක් අතර ප්‍රමාණයක් මේ සටන වෙනුවෙන් ඇවිත් හිටියා ඒ අය දිවා රාත්‍රි පහර දිම් සිදු කලා. නමුත් මේ අයට යුධ ටැංකි මෙන්ම වෙනත් දියුණු යුධ උපකරණ කිසිවක් තිබුණෙA නැහැ.
කිලාලි කලපුව පැත්තෙන් ඉඩ තිබුණා එල්.ටි.ටී.ඊ සංවිධානය හිටියේ නැති නිසා ඒ පැත්තෙන් ඇවිත් කලපුවට බැහැලා පොල්වත්තකට ආවා ඒ වෙන කොට අපේ සමහර අය ස්ථාන ගත වේලා හිටියා පොල් වත්තේ දවස් තුන හතරම කැලේ ඇතුලේ ඉදලා බැරිම තැන කිලාලි කලපුවෙන් පැන ගත්තා පොල්වත්තට එක ලොකු පොල්වත්තක් මාගේ මතකයේ හැටියට හතරවන දවසේ උදේ 7 ඉදන් සවස 2 විතර වෙනකම් බට ගෑවා හිටගෙන ගියොත් වෙඩි තියෙනවා ඒ නිසා අත්වල කකුල්වල ලේ එනකම් බඩ ගෑවා.
බඩගාගෙන ආපු අපි ගොඩාක් දෙනෙක් සපත්තු දාගෙන හිටියේ කටු සහ ආක්ෂාවට අපි සපත්තු ගැලෙව්වේ නැහැ. කලපුවට බැහැලා ආපු නිසා අපේ කකුල් කසන්න ගන්නවා ඇග කසන්න ගන්නවා නමුත් අපි ඒ හැම දෙයක්ම දාරා ගෙන මේ ගමන ආවා. ලූණූ වතුරට ඇග දනවා අව්ව වැටෙනකොට ඇගට හරි අපහසුවක් දැනෙනවා. ඔය පොල්වත්තේදි මාගේ පොකට් එක අයින් කලා වාගේ මතයක් තියෙනවා.
බර වැඩි ජලය නිසා පුස් ගඳ ගහනවා. කන්න දෙයකුත් නැහැ බඩ ගාගෙන යන්න ඔනෑ ඒ බර අරන් ගිහින් වැඩකුත් නැහැ. ඒ නිසා ගොඩාක් අය කිවා ඔවා ගලවලා දැන් පණ බේරා ගනින් නිකන් මැරෙනවා ඔවා කරේ තියාගෙන ඇගේ තියාගෙන යන්න එපා කියලා. ඒ අවස්ථාවේ පෙලක් අය යට ඇදුම පිටින් බඩ ගෑවා මට මතකයි. අපි මොනවා අඩු කර ගත්තොත් අපේ පතුරන් අඩු කරගන්නේ නැහැ. හදිසියකදි සටනක් ඇති වුනොත් ඊට මුහුණ දෙන්න අවශ්‍ය උපකරණ තිබිය යුතුයි ඒ නිසා අපි නිතරම හිටියේ සුදානමින්.
අපි එදා අලිංමකඩ සිටියා නම් අපි මිය යනවා අපි එන කොට අලිංමකඩ අල්ලාගෙන ඉවරයි. අලිමංකඩ අල්ලා ගැනිම එල්.ටි.ටී.ඊ සංවිධානයේ ප්‍රධානතම ඉලක්කයක් වුයේ යුධමට වශයෙන් වැදගත් ස්ථානයක් විමත්, ඒ.9 නුවර යාපනය මාර්ගය පිහිටා ඇත්තේ අලිමංකඩ යාපනය අර්ධද්පයට ප්‍රවේශ විමට ඇති එකම ගොඩබිම් මාර්ගය නිසාය. මේ සටනේදි ගොඩාක් තුවාල අය ගෙන්න බැහැ ඒ අය සතුරාට බිලි වුනා. හතරවන දවසේ අපි ජිවිත බේරා ගෙන සතුරා සමග සටන් කරලා බැරි තැන එනකොට බාගෙට බාගයක් හිටියේ නැහැ සුළු පිරිසක් පමණයි ජිවිතය බේරා ගෙන ආවේ. මම දැක්වා අපේ හමුදා සෙබළුන්ගේ මිය ගිය සිරුරු 1000 ක් 1500 ක් අතර වැටිලා තිබුණා.
අපි පොල්වත්තට එනකොට අපේ රේජිමේන්තුවෙන් පිරිස් ඇවිත් හිටියා. අපේ යුනිට් එකේ අපි සමග හිටපු අයගෙන් දිිවි බේරා ගැනිමට හැකි වුනේ 15 ක් විතර දෙනෙකුටයි. අවසානයේදි කෙනෙකුට කෙනෙක් බේරා ගන්න බැරි තත්වයක් තමයි තිබුණෙA. තමන්ගේ ජිවිතය බේරා ගැනිමට තමන්ට සතුරා සමග සටන් කර ගැනිමට සිදු වුනු අවස්ථා තිබුණා.
මීට අමතරව පුනරීන් වලදිත් මම බිහිසුළු සටනක නිරත වුනා. මම යුධ හමුදාවේ සිටියදි බිහිසුණු යුධ සටන් රැසකටම සහභාගි වුනා. ජයසිකුරු, වඩමාරච්චි වාගේ ක්‍රියාන්විත රැසකටම සහභාගි වුනා. ඒ සටන් වලදි මට අමතක නොවන සිදු විම වන්නේ පුනරින් මෙහෙයුමයි. මම ගිය අලූත 1994 වසරේදි පමණ වාගේ කාලයේදි තමයි ඒ සටන සිදු වුනේ.
පුනරින් කඳවුරට වටකරලා පහර දීමක් සිදු කලා එකෙදි දවස් 14 ක් අපට එක දිගයම පහරදිම සිදු වුනා. එකත් එල්.ටි.ටි එක යාපන පැත්තෙන් මුලතිව් පැත්තෙන් බැහැලා කලපුවෙන් පිනා ඇවිත් සටන දිගටම තිබුණා. මම ඉහතින් විස්තර කරපු සටහනට වඩා වැඩිය අමාරුවක් වුනා ඒ සටන එකෙදි කෑම පැකට් දැම්මේ ගුවන් යානා වලින්. ඒ සටනේදි අපි ජිවිත බේරා ගත්තේ ගොඩාක් දවසක් අතරමං වේලා ඉදලා යැයිද පැවසිය.
මාන්කුලම් වලදි වෙඩි වැදිම.
මම යුධ හමුදාවට ගියාට පස්සේ රියදුරෙකු ලෙස ට්‍රක්, ලොරි, ට්‍රැක්ටර් එලෙව්වා. එක දවසක් මාන්කුලම් සිට මුලතිව් දෙසට ට්‍රැක්ටරයෙන් කෑම රැගෙන යද්දි කිලෝමිටර් තුන හතරක ඈත ඉදලා එල්.ටි’.ටී.ඊ එක එල්ල කරපු මෝටර් බොම්බයක් අපි ගියපු මාගේ ඉදිරියට වැටුනා. ඒ බොම්බයේ කෑගල්ලේ ඇවිත් මාගේ වැදුනා එකෙදි තමයි මං තුවාල ලැබුවේ යැයි ද අමිත මහතා පැවසිය.
කෙසේ හෝ සිය පවුල් ජිවිතය ගැනද සිහිපත් කරමින් මේ විරෝධාර රණවිරුවා පැවසුයේ මාගේ පවුලේ එක් පුතෙකු සිටින බවයි. බිරිඳ වෘත්තිය වශයෙන් කිසිදු රැකියාවක නිරත නොවුන බවද ඔහු පවසයි. වසර 25 කට වැඩි කාලයක් යුධ හමුදාවේ සේවය කර 2016 වසරේදි යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය බවද උපනන්ද මහතා පැවසිය.
ඔහු අවසන් වශයෙන් අපට කිවේ යුධ හමුදා ජිවිතයේදි කිසිදු දිනක ජිවත් විමේ බලාපොරොත්තුවක් නොතිබුණු අස්ථීර ජිවිතයක් රට බේරා ගැනිම වෙනුවෙන් සිදු කරන ලද බවයි. තම හොඳම යාළු මිත්‍රයන් රැසක්ම යුද්ධයේදි සතුරාට බිලි වුනු බවද අපට පැවසිය. යුද්ධ කරද්දි දෙපැත්තන් හිතන්න බැහැ. අම්මා තාත්තා නැදැයෝ කොටින්ම කිවොත් බිරිඳ පවා අමතක කරලා තමයි මේ බිහිසුණු සටනට යන්නේ යැයිද කිය.
අප මෙම විරෝධාර සෙබලාගෙන් අවසන් වශයෙන් ඇසුවේ යුධ හමුදාව රැකියාවක් කර ගැනිමට හේතු වුයේ කුමන හේතුවක් නිසාද යන්නයි. එහිදි ඔහු මෙසේ පැවසිය.
ගමේ රැකියා වලට වඩා පිළිගැනිමක් ඒ කාලේ මෙන්ම අදටත් තියෙනවා මේ වෘත්තියට ඒ වාගේම මේ රැකියාව ගෞරාවන්විත රැකියාවක් අභිමානවත් පුරවැසියෙක් විදිහට ලංකාවේ මට හිතුනා මාගෙන් යමක් රට වෙනුවෙන් සිදු විය යුතුයි එයට උදව්වක් ලෙස තමයි මම යුධ හමුදාවට එක් වුනේ යුද්ධයක් ඇති වුනාම රටක රටේ ජීවනාලීය බදු තරුණ පරම්පරාව බර කරට අරන් ඒ ගැටලූව නිරාකරණය කර ගැනිමට කටයුතු කිරිම වගකිමක් වන බවද පැවසිය.
අමිත උපනන්ද මහතාගේ බිරිඳ වන කේ.වි දිල්හානි කුමාරි මහත්මිය අප සමග අදහස් දක්වමින් මෙසේ පැවසිය.
අපි විවාහ වුනේ 1997 වසරේදි මම මධ්‍ය පළාතේ පිළිමතලාවේ, අඹන්වල කෙනෙක්. විවාහ වේලා මුලින්ම හිටියේ හකුරුගම්මන ප්‍රදේශයේ ඊට පස්සේ තමයි මේ නිවස හදාගෙන දුම්බුළුවාවට ආවේ. මහත්තයා යුධ හමුදාවේ කැප විමෙන් වැඩ කරපු කිසිම දවසක සේවය මග හැරි්ම සිදු කර නැති වේලාවටත් කලින් සේවයට වාර්තා කරන කෙනෙක්. මම ඔහුගේ කටයුතු වලින් සතුටට පත් වුනු කෙනෙක්. ඒ වාගේම මාගේ මහත්තයා යුධ හමුදාවේ සේවය කිරිම ගැන මට නිහතමානි ආඩම්බරයක් තියෙනවා. වසර තිහක යුද්ධය අවසන් වේද්දි මහත්තයාද එහි කොටස් කරුවෙකු විම ගැන සතුටුයි.
අලිමංකඩ සටන තියෙන කොට මට මතකයි පුතා ඉපදිලා මාස හතරකින් මහත්තයා වැඩට ගියාම ආවේ පුතාට මාස 7 ක් වුනාට පස්සේ. ඉස්සර අද වාගේ දුරකථන කිසිම දෙයක් නැහැ ලියුමක් ලිවොත් එක යන්නත් සැහෙන කාලයක් යනවා. නමුත් ගැහැණියෙක් විදිහට ඒ හැම දෙයක්ම විද දරාගෙන මහත්තයාගේ රාජකාරිය කර ගැනිමට අවස්ථාව දිලා මාගේ කටයුතු කර ගත්තා. පුතා ඉපදිලා මාස හතරකින් පුතා වඩා ගෙන සුරතල් කරලා තම රාජකාරිය වෙනුවෙන් මහ වෙඩි වරුසා මැද්දේ සමහර අපිව සිහි වෙන්න ඇති පුතා සිහිවෙන්න ඇති නමුත් ජිවිත පරිත්‍යාගයෙන් ඒ සියලූ දේවල් කර නිර්භිත මහත්තයෙක් මට සිටිම ගැන මෙන්ම ඒ සම්බන්ධයෙක් කාලයක් ගිහින් හරි සොයා බැලිම ගැන මට හරි සතුටක් වන බවද ඇය අප සමග පැවසිය.
යුධ හමුදා සෙබළෙකෙ=ගේ හැදියාව නීතියට අවනත විම පිරිසිදු බාවයට අද හොඳම නිදසුන ඔහුගේ නිවසයි. නිවසේ වතු පිටි මෙන්ම නිවසද මනාව සකස් කර ඇති අතර මල් වත්තක් මෙන් නිවස වටපිටාව ඔහු සකස් කර ගෙන පවති. ජිිවිතය පවා පරදුවට තබමින් මේ සෙබලා කර ඇති සේවය අගය කර යුත්තේ තිස් වසරක යුදමය ජයග්‍රහණයේ ඔහුද කොටස් කරුවෙකු වි වෙඩි වැදි කල සේවය මුළු මහත් රටටම ආදර්ශයක් වන නිසාවෙනි. ඔහුගේ සිතුම් පැතුමි මෙන්ම ඔහුගේ නිර්භිත සිත අද කාලයේ තරුණ පරම්පරාවට හොඳ ආදර්ශයකි.
විශ්‍රාමික මෙම හමුදා නිලධාරි මහතා සොයා ගැනිමට සහාය දැක්වු හෙම්මාතගම වසමේ ග්‍රාම නිලධාරි සෙනරත් වීරසිංහ මහතාට මාගේ ස්තුතිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *