සිරිකොත ගිය එජාප වෘතීය සමිති රනිල්ට විරෝධය පා සජිත් වෙත පැමිණෙයි

අද දින එකසත් ජාතික පක්ෂයට අදාල වෘතීය සමිති නියෝජිතයන් සිරිකොත පක්ෂ මුලස්ථානයට කැදවා ඉදිරි මැතිවරණය සහ ඒවෙනුවෙන් පක්ෂයක් ලෙස ක්‍රියා කල යුතු ආකාරයත් පක්ෂයේ වෘතීය සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලත් සාකච්චා කිරීම සිදුකරන ලදී එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘතීය සමිති නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර පක්ෂයේ නායක රනිල් වික්‍රම සිංහ මහතා සභාව අමතමින් සදහන් කලේ අප පක්ෂය පසුගිය මැතිවරණ කිහිපයේදීම පරාජය වූයේ හංසයා ලකුණින් තරග කල ප්‍රධාන මැතිවරණ වලදී පමණක් බවත් 2019 කල වැඩේ තවදුරටත් පක්ෂයේ ඇති නොවිය යුතු බවත් පක්ෂය නැවත ප්‍රතිසංධානය කිරීම කල යුතු බවත් පක්ෂයක් ලෙස අපි ඉදිරියට පැමිණිය යුතු බවත් පේනවා දෙන ලදී අනතුරුව පක්ෂයේ වෘතීය සමිති ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා උත්සව සභාව අමතන ලදී

එම කථාවලින් පසුව වෘර්තීය සමිති රැස්වීම නවතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස පිටව යන අවස්ථාවේ වෘතීය සමිති නියෝජිතයන් පක්ෂ නායක සමග සාකච්චා කිරීමට අවශ්‍ය බව සදහන් කරන ලදී එහෙත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ස්ථානයෙන් පිටව ගිය අතර පැමිණ සිටි වෘතීය සමිති නියෝජිතයන් නොසන්සුන්වී එම ස්ථානයේ තම විරෝධතාවය පලකරන ලදී අනතුරුව පාලිත රංගේ බණ්ඩාර මහතා පිරිස සන්සුන් කිරීමට උත්සහ කලද පැමිණ සිටි පිරිස දැඩි බාධා කිරීම් ඇතිකරන ලදී පක්ෂ නායකයා ඇතුළු කණ්ඩායම තමන් නොමග යවන බවත් තමන් සමග සාකච්චා වක් ලබාදීම මග හැර ගිය බවත් මේ මොහොතේ සිදුකලෙත් පක්ෂයේ අප අමතක කිරීම බවත් පක්ෂය කඩා වැටීමට පක්ෂ නායකයා ඇතුළු සුළුතර කල්ලිය කටයුත් කල බවත් සදහන් කරමින් වෘතීය සමිති නියෝජිතයන් අදහස් පල කරන ලදී

අනතුරුව පැමිණ සිටි වෘතීය සමිති නියෝජිතයන් කණඩායම සිරිකොත මුලස්ථානය අසල ඇති සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයට පැමිණ පක්ෂය රැකගැනීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට සියලු වෘතීය සමිති නියෝජිතයන්ගේ සහය ලැබෙන බවත් එම නිසා ඉදිරි මැතිවරණයේදී වෘතීය සමිති සහය සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය ලබාදෙන සමගි ජන බලවේගය වෙනුවෙන් ලබාදෙන බවද සදහන් කරන ලදී

මෙහිදී අදහස් පලකල සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් කිසිම විරුද්ධව වාදියෙකු සමග ඩීල් නොමැති බවත් තමනට ඩීල් ඇත්තේ පක්ෂයේ සාමාජිකයන් වන ඔබ සමග පමණක් බවත් තමන්ගේ ඉදිරි ආණ්ඩුවක ඇතිකරන ශක්තිමත් වෘතීය සමිති ව්‍යපයර ත්මුනන්සේලා බවත් ඒ වෙනුවෙන් ඇප කැප වන බවත් සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *