එජාපයත්, සජිත්ගේ පිලත්, 3% ත් ඉතිහාසයේ දරුණුතම පරාජය ලබනවා

ගෝඨාභය ජනාධිපති වුනාට පස්සේ එතුමා ජනාධිපති ධූරයේ වැඩ කරපු ආකාරය, අපි දුටුවා. කොරෝනා වෛරසයේ ඉදිරියේ ලෝකයේ ධනවත් බලවත් රටවල් කඩාගෙන වැටෙද්දි එතුමා ඒක පාලනය කළා. මේ මැතිවරණය එතුමාට ජය ගන්නට ඒකම ඇති. එජාපයත් සජිත්ගේ පිලත් 3% කණ්ඩායමත් මෙවර ඉතිහාසයේ ලබන දරුණුතම පරාජය අත් විඳිනවා. ජනතාව පුල පුලා බලා සිටිනවා මෙවර ගෝඨාභය ජනාධිපතිතුමාට අවශ්‍ය ව්‍යවස්ථාදායක බලය ලබා දීමට. කොවිඩ් වසංගතය ආව වෙලාවේ රනිල් හරි සජිත් හරි මේ රටේ බලයේ සිටියා නම් දැකගන්නට තිබුනා වෙන දේ. රටේ වාසනාවකට ඒක එහෙම සිද්ධ වුණේ නෑ. විපක්ෂය බලාපොරොත්තු වුණේ වුණේ කොවිඩ් 19 නිසා ව්‍යාපාර කඩා වැටෙයි කියලා, රැකියා අහිමි වෙයි කියලා. එතකොට ආණ්ඩුවට හැමදාම රුපියල් 5000 දී ගන්න බැරි උනාම වුණාම මිනිස්සු පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරයි කියලා. ඒකත් වුණේ නෑ. ගෝඨාභය ජනාධිපතිතුමාගේ සෘජු නායකත්වය යටතේ සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ හා හමුදාව හරහා කොවිඩ් වසංගතය පාලනය කළා.

අපට කවදාවත් හොඳක් නොකියන අමරිකාව රජයට ප්‍රශංසා කළා. චීනය, ඉන්දියාව හා රුසියාව පමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අපේ රටේ හොඳ කිව්වා. ඒ වෙලාවේ මුළු ලෝකෙම lockdown කිරීම තුළ අපට අපේ දේශීය ව්‍යාපාර දෙස බලන්නට නිරායාසයෙන්ම බල කෙරුණා. ඒ වගේ වෙලාවක අපට පිටරටින් නැව් එන තුරු බලාගෙන ඉන්නට බෑ. ඒ නිසා අපේ දේශීය ව්‍යාපාර රැකගෙන මේ රටේ ආර්ථිකය ගොඩ නගන්නට අපට සිද්ධ වෙනවා. 

ඒත් මම දැක්කා සමහරු කියනවා අපි ආයෙත් සිරිමාවෝගේ කාලයට ගමන් කරනවා වගේ කියලා. ඒ මොනවා උනත් කෝවිඩ් වසංගතය නිසා අපට අලුතින් සිතන්නට බල කෙරුණා. ස්වයංපෝෂිත ආර්ථිකයකට අපට යන්න වෙනවා. පහුගිය කාලේ අපේ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් පිට රටවලට ගියා. වෙළඳ ශේෂය වැඩි වුණා. ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටුනා. අයවැය පරතරය වැඩි වුණා. යහපාලන ආණ්ඩුව මහ බැංකුව මංකොල්ල කෑවා. ඊළඟට ඒ පාඩුව පියවා ගන්නට සීයයට සියයක් බදු වැඩි කළා.  එහෙම කරලත් රටේ දෛනික කටයුතු පවත්වා ගෙන යන්නට බැරි වුණා ආනයන පරතරය වැඩි වූ නිසා. 

කොරෝනා වසංගතය විසින් ලෝකයට දුන් පණිවිඩය තමයි, අපිත් ගෝලීයකරණය තුළ බද්ධ වෙලා සිටියත් යම්සිකිසි ආපදාවකදී ඒකට මුහුණ දෙන්නට තරම් රට තුළ ආර්ථිකය ශක්තිමත් විය යුතු බව. ඒ නිසයි ගෝඨාභය ජනාධිපති තුමා බලාපොරොත්තු වෙන්නේ කර්මාන්ත, කෘෂිකර්මය, තොරතුරු තාක්ෂණය හා නව නිෂ්පාදන අාදී ක්ෂෙත්‍ර හරහා ඉක්මනින් ඉදිරියට යාමට. එ්ක තේරුම් ගන්න බැරි විපක්ෂයේ මෝඩ දේශපාලඥයන් මෙයත් වැරදියට දකිනවා නම්, ඔයාලට එයාලට අපට කියන්න තියෙන්නේ ඔවුන්ගේ යහපාලන කාලය තුළ මේ රටේ දැවැන්තම මංකොල්ලය වන මහ බැංකු මංකොල්ලය කරලා ආර්ථිකය විනාශ කරපු අයට මේක තේරුම් ගන්න බෑ කියන එක විතරමයි.  ගෝඨාභය ජනාධිපතිතුමා කරමින් ඉන්නේ සැලසුම් සහගතව රටේ ආර්ථිකය නංවන වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම යි. ඔහු ගන්නා තීන්දු තීරණ ඉතාමත්ම නිවැරැදියි.

ඒ නිසා අපි සියලු දෙනාම එකතු වී මේ ආර්ථිකය ගොඩ දා ගන්න ඕනෑ. කෝවිඩ් නිසා ලෝකයේම ආර්ථිකය 3.5 ට අඩු වෙයි කියලා අාර්ථික විශේෂඥයින් පුරෝකථනය කරල තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවත් ඒක සනාථ කරනවා. ඒ නිසා මේ ආර්ථිකය කෙසේ හෝ ශක්තිමත් කරගෙන අපට ඉදිරියට යන්නට සිදු වෙනවා. ලෝකයේ රැකියා වෙළෙඳපොළ 35% කින් අහිමි වෙලා. ලෝකයේ සියලු ආදායම් කඩා වැටිලා. අපටත් ඒක බලපානවා. ඒ නිසයි ගෝඨාභය ජනාධිපතිතුමා පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තිබෙන්නේ. තිස් අවුරුදු යුද්ධයක් නිම කරන්නට  මුල් වූ නායකයාට අපේ ආර්ථිකය හදන්නත් පුළුවන් බව අපට විශ්වාසයි. 

2015 ට ඉස්සරින් ඉතාමත් හොඳ ආර්ථිකයක් අපට තිබුණා. දකුණු ආසියාවේ වැඩිම ආර්ථික වේගය තිබුනේ අපේ රටේ. නමුත් යහපාලන ආණ්ඩුව ඒක විනාශ කළා. රනිල් පිලේත්, සජිත් පිලේත් ඉන්නේ ඒ ජාතික විනාශයට සම්මාදම් වූ කණ්ඩායමයි. පාස්කු ඝාතනයට අමතරව මේ කණ්ඩායම රටේ ආර්ථිකයත් ඝාතනය කළා. මේවා දෙස ජනතාව විමසිල්ලෙන් බලා සිටිනවා. එනිසා මේ රටේ ජනතාව මෙවර මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ගෝඨාභය ජනාධිපතිතුමාට ලබා දෙන බව ස්ථිරයි. එය ඉතිහාසයේ වාර්තාගත ජයග්‍රහණයක් වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *