හොරොව්පොතාන සභාපති රිමාන්ඩ් // එජාපයට බලය හිමි

මුදලක් පැහැර ගත්තේ යැයි කියන සිද්ධියකට

වාගොල්ලලාකඩ හොරොව්පොතාන මාර්ගයේ නඩත්තු කටයුතු සිදු කරනු ලබන පුද්ගලික ආතනයක කළමණාකරුවෙකුට පහරදි රුපියල් හාරලක්ෂ අසුදහසක මුදලක් පැහැර ගත්තේ යැයි කියන සිද්ධියකට හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුලු හය දෙනෙකු අද (27) දින අත් අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන එජාප ප්‍රාදේශිය සභා සභාපති චාරික උදයංග විජේරත්න මහතා ඇතුලු ප්‍රාදේශිය සභාවේ සේවකයන් පිරිසකි.

හොරොව්පොතාන වාගෝල්ලාකඩ මාර්ගයේදි අද (27)දින මැදියම් රාත්‍රියේ හොරොව්පොතාන ප්‍රාදේශී සභාපතිවරයා ඇතුලු එහි සේවකයන් හය දෙනෙකු තමන්ට පහරදි මුදල් පැහැර ගත් බවට අනුරාධපුර යාපනයේ හන්දියේ පදිංචි කත්‍රිආරච්චිලාගේ දොන් රුවන් නැමැති පුද්ගලයකු කළ පැමිණිල්ලක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *