ප්‍රතිසංවිධානය කල යුත්තේ ජනතාව වෙනුවෙන්

පක්ෂයේ අනාගත පැවැත්ම පිලිබඳ අභියෝගයක්

මෙරට පුළුල්ම දේශපාලන ව්‍යාපාරය වන එක්ස්ත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කල යුත්තේ ජනතාව වෙනුවෙන් බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසනවා.

 පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එය හුදු තනතුරු මාරුවක් පමණක් වුවහොත් පක්ෂයේ අනාගත පැවැත්ම පිලිබඳ අභියෝගයක් වනු ඇති බවයි.

අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්.

එක්සත් ජාතික පක්ෂය ගොඩනගන නැතහොත් ප්‍රතිසංවිධානය කරන සැලැස්ම සකස් වියයුත්තේ අනාගත දශක ගණනාවක් ඉලක්ක කර ප්‍රජාත්‍රන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සහ යහපත් සමාජයක් බිහිකිරීම වෙනුවෙන් බව අවධාරණය කල යුතුය.

කිසියම් දේශපාලන පක්ෂයක් රටක පාලන බලය අසුරුවන අවස්ථාවකදී පක්ෂ ප්‍රතිසංවිධානය සමග රජයේ වැඩපිළිවෙල නිසි ආකාරයෙන් ඉදිරිපත් කල යුතුය. වර්තමානය වන විට රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල තුල මෙන්ම පක්ෂ ක්‍රියාකාරී සැලැස්ම තුලද බලාපොරොත්තු වූ සාධනීය මට්ටමක් පවතින්නේ නැති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිපල වලින් පෙන්නුම් කර අවසන්. දැන් අප විසින් කල යුතුව ඇත්තේ ජනතාව ලබාදී ඇති අනතුරු ඇගවීම තේරුම් ගෙන ඉදිරි මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුදානම් වීමයි.

පක්ෂ අභ්‍යන්තරය තුල අප මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා. පවතින දේශපාලන වතාවරණ තුල අප විසින් කල යුතුව ඇත්තේඅතීතයේ දේශපාලන පලිගැනීම් විසඳීම,  රැකිරක්ෂා සහ සමෘද්ධිය සාධාරණ ලෙස බෙදීයාම, ජීවන වියදම පාලනය සඳහා ජනතා සංවේදී නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමයි. මේ සඳහා රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සකස් කෙරෙන ඒකාබද්ධ වැඩපිළිවෙල ජනතාවට ප්‍රතිලාබ අත්වන පරිදි ක්‍රියාත්මක වනවාද යන්න පසුවිපරම් කිරීම සඳහා මන්ත්‍රී වරුන්ගෙන් සැදුම්ලත් ප්‍රගති සමාලෝචන කණ්ඩායමක් පිහිටුවීමේ අවශ්‍යතාවයද පැනනැගී ඇත.

ගමට යන ආණ්ඩුවේ මන්ත්‍රී වරුන්ට ජනතාවගේ ඉල්ලීම් ඉටුකිරීම සඳහා ශක්තිය සහ බලය ලබාදිය යුතුයි. දැනුම හා අත්දැකීම් පදනම් කරගෙන රට යහපත් අනාගතයකට ගෙන යා හැකි මෙන්ම ජනතාවට ප්‍රායෝගිකව වැඩි සේවයක් ලබාදිය හැකි උගත් සහ කාර්යක්ෂම මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ අමාත්‍යාංශ ව්‍යුහය භාරදිය යුතුය.

පුද්ගලයන්ට තනතුරු ලබාදීම වෙනුවට වර්තමාන දේශපාලන වටපිටාව තුල ජනතාවගේ හැගීම් තේරුම් ගනිමින් ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ප්‍රබල හා කාලීන අවශ්‍යතාවයක් බවයි පක්ෂ ප්‍රතිසංවිධානය පිලිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා නිකුත් කල නිවේදනයේ සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *