හූ වෙන් බේරෙන්න එජාප මන්ත්‍රී විජයපාල පොලීසිය කැදවයි

තමසෙලා මට ජන්දය දුන්නේ නෑ. වැඩ කලේ දොස්තර රමේෂ් පතිරණ කියන විදියට

ගාල්ල අක්මිමණ පොලිස් වසමේ 2019.11.24 වන දින අංක 109 ඒ,ඉහලගොඩ,නැගෙනහිර ග්‍රාමනිලධාරි වසමේ කදිරගාමර් ගම්මානයේ මා දොල රක්ෂිතයේ අනවසර නිවාස ඉදි කිරිමක් සදහා සුද්ද පවිත්‍ර කිරිමක් සිදු කරන බවට ග්‍රාම නිලධාරිණිය වන කේ.බි.කුමාරි මහත්මිය විසින් අක්මිමණ පොලිස් ස්ථානයට පැමිනිල්ලක් කර තිබිණි.

ඒ අනුව අක්මිමණ පොලිස් ස්ථන‍යේ නිලධාරින් එම ස්ථානයට ගොස් ගම්වාසින් කැදවා එය නතර කර 2019.11.25  වන දින ප්‍රාදේශීය ලේකම්තුමිය  හමු විමට උපදෙස් ලබා දි තිබිණි.

නමුත් ගම්වාසින් ප්‍රාදේශිය ලේකම්තුමිය  හමු විමට නොගොස් එදින පැය 1700 ට පමණ නැවත එම ස්ථානයට ගොස් මඩු සකසන බවට  නැවත පොලිසියට දැනුම් දිම පරිදි පොලිස් නිලධාරින් ගොස් එම ඉදි කිරිම් නතර කර 2019.11.26 වන දින පැය 09.00 ට පොලිස් ස්ථානයට පැමිණෙන ලෙසට ඉදි කිරිම් කටයුතු වල යෙදුන ගම්වාසින් 13 දෙනෙකුට දැනුම් දි ඇත.

ඒ අනුව දෙපාර්ශ්සවයම ප්‍රාදේශිය ලේකම්තුමිය වෙත 2019.11.26 වන ඊයේ දින යොමු කර ඇත.ඒ සම්බන්ධව මෙතෙක් විසදුමක් ලබා දි නොමැති අතර ඉද කිරිම් සිදු කරන ලද ගම්වාසින්ට සහනයක් නොලැබුණ හොත් මෙම ගම්වාසින් පිරිස විරෝධතා උද්ඝේෂණයක් සිදු කිරිමට පියවර ගන්නා බැව් ඔහුහු පැවසුහ.

මේ අනුතර, මේ සම්බන්ධයෙන් කරුණු පවසමින් තමනට සාධාරණයක් ඉටුකර දෙනමෙන් මෙම පිරිස එම ස්ථානයට පැමිණ පිරිස ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතාගෙන් ඉල්ලිමක් කළහ.

තමසෙලා මට ජන්දය දුන්නේ නෑ. ජනාධිපති වරණයේ දි ඒ පැත්ත පළාතක ජන්දයක් තියා රැස්වීමක් තියන්නට පවා තැනක් අවස්ථාවක් දුන්නේ නෑ නමුසෙලා වැඩ කලේ දොස්තර රමේෂ් පතිරණ කියන විදියට. එයා දැන් ඇමතිනේ ගිහන් එයාගෙන්ම මේ සම්බන්ධව තීරනයක් ගන්නවා යැයි පිරිසට කීය.

මෙහිදි එම් ස්ථානයේ සිටි පිරිස විජපොල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයාට අසභ්‍ය වචනයෙන් බනිමින් හූ කියන්නට වුහ.හූ කීම නතරවන නොවන නිසා මන්ත්‍රවරයාගේ ආරක්ෂක අංශ කඩිනමින් අක්මීමන පොලිසිය කැදවුහ.

 විජේපාල හෙට්ටිආරච්චි  මන්ත්‍රිවරයා අක්මීමන ප්‍රා දේශිය ලේකම් කාර්යලයට පැමිණ සිටියේ තම විම්‍යගත මුදලින් ලබාගත් තණ කොළ කපන මැෂිම් ලභාදීමේ උත්සවයකටය. පසුව පොලිසිය පැමිණි අනවසරයෙන් ඉඩම් අල්ලාගත් පිරිස විසුරුවා හැරිණි. මන්ත්‍රිවරයා තණ කොළ කමන මැෂින් බෙදා දීම සිදු කිරිමෙන් අනතුරුව පවනට බදු වේගයෙන් වාහනයේ නැගි ඉහිල ගියේ ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *