රැඩිකල් ෆොන්සේකා ගීතයකින් මැයි රැළිය අරඹයි
වීදුරු ගෙවල් වල සිට ගල් ගහන්න එපා
හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඉතාමත් රැඩිකල් පුද්ගලයෙකු ලෙසින් සමාජය හදුනාගෙන තිබුණද ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී පවත්වන ලද මැයි දින සැමරුමේදී ගායනා කරන ලද ගීත කොටස සමාජ ජාලයන්හි මේ වන විට අතිශයින් ජනප්‍රියය.ඒ ප්‍රවීණ ගායන ශීල්පී ටී.එම්. ජයරත්න මහතා විසින් ගයන ‘අදුරු කුටිය තුල දොරගුලා ලාගෙන’ ගීතය ෆොන්සේකා මහතා විසින් එජාප මැයි සැමරුමේදී ගයනු ලැබී මය. එම ගීත කොටසින් පසු රැළිය ඇමතු සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ හිටපු කම්කරු ඇමති කම්කරුවා ගැන සොයා නොබැලූ බවත් ඔහු රාජපක්ෂ ලාගේ දේශපාලනය වෙනුවෙන් කටයුතු කල බවත්ය.මට ලැබිල තියෙන වන ජීවී අමාත්‍යංශය සම්බන්ධයෙන් රාජපක්ෂලාට කියන්න තියෙන්නේ වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන ලෙසයි.